gossiplanka image 1
 


මතට ලැදි මිතුරන් කීප දෙහකුගේ පෙරැත්තය නිසා තම දුවගේ කොටහළු මගුල් දා මත් වතුර සොයා රට පුරා ඇවිද තම මුදල ද රැගෙන මහ රෑ ගෙදර ආ පියකු පිළිබඳ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකිනි. මඟුල් ගෙදරට ආ මේ මත්ලෝලී මිතුරන් කියා සිටියේ රාත්‍රී සාදයට මත් වතුර නැතිවම බැරි බවකි. එදින රජයේ නිවාඩු දිනයක් නිසා මත්පැන්හල් වසා තිබුණ ද ඔහු ආරංචි ඔස්සේ නගරයෙන් නගරයට ගියේ ත්‍රිරෝද රථයක් කුලියට ගෙනය.


තරමක් ඈත නගරයක මත්පැන් හලක් විවෘතව ඇති බවට ලද ආරංචිය මත ඔහු එහි ද ගියේ මෙය කෙසේ හෝ කළ යුතු බව සිතාගෙනය. එම මත්පැන්හල වසා ඇතත්, පිටුපස දොරෙන් හඳුනන අයට පමණක් බඩු දෙන බව කී නිසා ඔහු එහිම වූ හිතවතකුට මුදල් දී කඩේ පිටුපසට යැවීය. දිගු වේලාවකින් ඔහු නොපැමිණි නිසා තමා වංචනිකයකුට හසු වූ බව දැනගත් ඔහුට තරු පෙනුණි. ත්‍රිරෝද රථයෙන් හිස් අතින් ඔහු ගෙදරට එන විට මධ්‍යම රාත්‍රී වූ නිසා ගෙදර සියල්ලෝම නින්දට ගොස් තිබුණාලු.