gossiplanka image 1
 



හදිසියේ මිය ගිය ඔබ දන්නා කියන අයකු පිළිබඳව අසන්නට ලැබෙන විට ඔබ පළමුව විමසන ගැටලුව වන්නේ “අපූරුවට හිටපු මනුස්සයානේ, කොහොමද එක පාරට මැරුණේ” යනුවෙන් විය හැකිය.“නහරයක ලේ කැටියක් හිරවෙලා” මෙහි දී ඔබට ලැබෙන පිළිතුර විය හැකිය. 


නහරවල ලේ කැටි සිරවන්නේ කොහොම ද?



ඔබේ නිවසේ ජලනළ පද්ධතියෙන් ජලය ගොස් නිවසේ හැම කරාමයකින්ම ජලය එන අන්දම ඔබ දනී. ඒ අයුරින් ශරීරයේ නහර පද්ධතිය තුළ ද නිරන්තර ලේ ගමනක් සිදු වේ. මෙසේ ලේ නහර තුළින් ශරීරයේ අස්සක් මුල්ලක් නෑරම ලේ ගමන් කරන්නේ ශරීරය සැදී ඇති සෑම සෛලයක්ම පෝෂණය කිරීමටය. වම් අතට යන බ්‍රැකියල් ආටරි (Brachial Artery) නම් වූ ප්‍රධාන නගරය ගැන සලකා බලමු. යම් අයුරකින් මේ ප්‍රධාන නහරය ලේ කැටියකින් හිර වුවහොත් ඊළගට සිදුවන්නේ වම් අත එතැනම මිය යාමය. ඉන් පසු එය මළ සිරුරක අතක් හා සමාන වනු ඇත. ඇගිල්ලක් කැපුණොත් එළියට ලේ ගලන අයුරු ඔබ දනනමුත්, එලෙස දිගින් දිගටම එම ස්ථානයෙන් ලේ ගලන්නේ නැත. එයට හේතුව ඇගිල්ල කැපී සුළු වේලාවක් යන විට ලේ කැටියක් සැදී එම කැපුණු නහරය “සීල්" කිරීමය. මෙය ස්වභාවිකව අපේ ආරක්ෂාව පිණිස අපට ලැබුණු දෙයකි. ලේ තිබෙන්නේ ශරීරයේ නහරවල් තුළ පමණි. මස් තුළ ලේ නැත. යම් අයුරකින් නහරයක් කැපී ලේ නහරවලින් පිට ඇති මස් සමඟ ගැටුණු වහාම ඇති වන ලේ කැටිය විසින් නහරය ඇතුළත පොරොප්පයක් මෙන් සිර කරනු ලබන්නේ නහරවලින් ලේ පිටතට ඒම වැළැක්වීමටය.



අප ජීවත් වන තුරුම මෙසේ ලේ ගමන් කරවන නහර පද්ධතිය විවිධ හේතු මත කලින් කලට රෝගී වෙයි. බටයක් වැනි නහරයක ඇතුළත බිත්තිය ලෙඩ වුණොත් ඇතුළතින් කුඩා කුඩා පැළීම් ඇති වේ. මෙවන් පැල්ලමක් මත ද ලේ කැටියක් හටගත හැකිය. කුඩා ලේ කැටියක් නොව, යම් හෙයකින් විශාල ලේ කැටියක් මෙසේ නහරය ඇතුළත ඇති වුවහොත් නහරය දිගේ ඉදිරියට ලේ ගැලීම සඳහා මෙම ලේ කැටිය බාධාවක් වෙයි. එම ලේ කැටිය ඉතාමත් විශාල වුවහොත් එම ලේ කැටිය නිසා නහරය සම්පූර්ණයෙන්ම හිරවී යනු ඇත. ඒ නැතත් සමහර විට මෙවන් ලේ කැටි එම ස්ථානයෙන් ගැලවී ලේ සමග ඉදිරියට ගලා ගෙන යාමට පුළුවන. නමුත්, අවාසනාවට මෙසේ ගලා ගෙන යන ලේ කැටියකට එතැනින් වැඩිදුරක් ඉදිරියට යාමට අවකාශ ලැබෙන්නේ නැත. ඊට හේතුව කුමක්දැයි අපි මඳකට අවධානය යොමු කර බලමු. ශරීරයේ ලේ නහර මුලින්ම පටන් ගන්නේ ප්‍රධාන එක් විශාල නහරයක් ලෙසිනි. ඉන් පසු ඒවා ගසක අතු බෙදෙන්නාක් මෙන් කුඩා නහරවලටත්, ඊට පසු ඊටත් කුඩා නහරවලටත්, අන්තිමට පියවි ඇසට නොපෙනෙන තරමේ කෙස්වලටත් වඩා කුඩා නහරවලටත් බෙදෙමින් යයි. මෙසේ කුඩාම නහරවලට බෙදෙන්නේ ඇස් දෙකට නොපෙනෙන තරම් කුඩා සෛලවලට ලේ සැපයුම ලබා දීමටය. මේ ආකාරයට ප්‍රධාන නහරයක් දින්ගේ ගලාගෙන එන ලේ කැටියකට කුඩා නහරයක් දිගේ ගමන් කරන්නට සිදුවුවහොත් ලොකු නහරයේ කෙළවරට පැමිණ එතැනින් ඉදිරියට යාමට නොහැකිව එතැනම සිරස්වෙයි. 



මෙසේ සිරවීමෙහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ ලේලට ද එතැනින් එහාට යා නොහැකි වීමය. ඊළගට සිදුවන්නේ එසේ ලේ ගමන් කළ නොහැකි ප්‍රදේශය මිය යාමයි. ඔබේ නිවසේ ප්‍රධාන ස්විචය ගිනි ගතහොත් මුළු නිවසේම විදුලි ආලෝකය ඇනහිටින අයුරින් ශරීරයේ අත්‍යවශ්‍ය ඉතා කුඩා කොටසක් වුව ද මෙලෙස විනාශ වුවහොත් රෝගියා මිය යාම හෝ සදාකාලිකව ඔත්පළවීම හෝ වැළැක්විය නොහැකිය.එබැවින් මෙවැනි ආපදාවක් සිදු නොවීමට නම් ඒ සඳහා ඇති අවකාශ ඔබ අහුරා දැමිය යුතු වෙයි. ගින්නට පිදුරු දමන්නාක් මෙන් නහර දිගින් දිගටම ලෙඩ කරන ප්‍රධාන සාධක වන්නේ එක් දුම්වැටියක් හෝ පානය කිරීම, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් යන රෝගයන්ය. මෙම රෝග ඉතා රහසිගත ලෙස ශරීරයට පැමිණ රහසිගත ලෙසම හිඳින්නේ ඔබට කිසිම රෝග ලක්ෂණයක් පවා දැනගන්නට ඉඩ නොතබාය. එවැනි රෝගයක් ඔබට තිබෙන බවට රෝග ලක්ෂණ පළවන විට රෝගය සෑහෙන කලක් ඔබේ සිරුරේ ජීවත් වී හිඳ තිබෙන බව විශේෂයෙන් ඔබ වටහාගත යුතුය. එනිසා ඔබට නොදැනී මේ රෝග දැනටමත් ඔබේ ශරීරය තුළ “යකා නටනවා” විය හැකිය. එසේ නම් ඔබ කළ යුත්තේ කුමක් ද? ඔබේ වයස හතළිහ ඉකුත්වී තිබේ ද? එසේ නම් ඔබ තුළ කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත් ඉහත කී රෝග ඔබට තිබේදැයි පරික්ෂ කරවා ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වන්න. ඒ අනුව ඔබේ නහරවල ලෙඩ තිබෙනවා ද එසේනම් කුමන හේතුවක් නිසා නහර ලෙඩ වී ඇති ද වැනි කාරණා ඔබට පහසුවෙන් නිරාකරණය කරගත හැකි වනු ඇත. මෙයින් අදහස් කරන්නේ හතළිහට අඩු අයට මේ රෝග නොවැලඳෙන බව නොවේ. ඒ බව ද සිහි තබාගත යුතුය. නමුත්, ඒ තත්වය අඩුය. හතළිහ වශයෙන් මෙහි මාඉමක් දක්වා තිබෙන්නේ එම වයස් සීමාවෙන් පසු මෙබඳු රෝග වැලදීමට තිබෙන අවකාශය වැඩි නිසාය. ඉහත ආකාරයට ලේ කැටියක් ලේ ගමන ආරම්භ වන ස්ථානය වූ හදවත කුහරය තුළත් හට ගත හැකිය. හදවත තුළින් ලේ ගමන් කරන විට එම ලේ සමග ඉදිරියට යාමට බලා හිඳින ලේ කැටියක් එකෝ පරීක්ෂණයක් ආධාරයෙන් ඔබේ ඇස් ඉදිරිපිටම දැක බලා ගත හැකි වනු ඇත.