ඇටබගව්ව - තද හිරු එළිය
හීන් පාන්දර - පාන්දර ඉර එළිය වැටීමට ආසන්න වෙලාව
මල් වෙලාව - හවස හෙන්දිරික්කා මල්පිපෙන / ඉර අවරට යන වෙලාව
ගිනිබණ්ඩාර හඳ එළිය - ඉතා තදේට හොඳින් රාත්රි සඳ පායා තිබීම කරකොළයා ගෝනා
කැටා/ කුක්කා -බල්ලා
පළා පේඬියා -පළගැටියා
ගස්ගෝනා- වඳුරා
රොද/ බැද්ද -කැලෑව / කුඩා ප්රමාණයේ කැලෑව
දාරළුව -තද කට්ටක් වැනි පොළොව
දුරාවාරේ -අතරතුර
කුරු අත්ත -ඉදල
දරහැව/දරහැව්ව -ගෙදර දොරේ බඩු මුට්ටු
හුම්බනව - මළපහ කිරීම
පුහුටුලෑම- යම් අරමුණක් ඇතිව ප්රමාදවීම / කල්ගතවීම
කල් බඳිනවා -ආදරය කිරීමය
උරේඑතනා -ඇවැස්ස නෑනා
කෝලෙ / කඩියාව - හෙම්බිරිස්සාව
හිස විසාදිය - හිස රදය
අමුක්කුව - උළුක්කුවීම
අවහන්ත - දොස් කීම
කීමතාම -කේළාම්
කොවනා -සැක කිරීම
කුප්පායම - පහත්කුලේ ඇත්තන්ගේ දුගී ගෙවල් සමූහය
පලිප්පු දමනවා - අලුත් කරනවා
නිදිකලංගාතේ - නිදිමත
තොච්චි/ කෝලිත්තම් - විහිළු තහළු
ගොම්මන - ගස්වලින් වටවු තැන
මිනිපන්දමේ යෑම - දඩයමේ යෑම
මුව කයියක් - මුව රැළක්
රල්ලුව - රංචුව
අමංවීම - මංමුළාවීම
මාළු- වෑංජන
අමු කරවල - මාළු
පුරු මිරිස් -වියළි මිරිස් කරල්
පලසිලව්- සිල්ලර බඩු
කොඳ -ලා ළපටි යන්නයි
වන්නිකුඩු-කුරක්කං පිටි
කම්පිල්ලෑව -ඝෝෂාව
හෙල් වෙනවා - ශබ්ද නගා ඇඩීම / ඉකිලෑම
කූට්ටනවා - සීරීම / හූරා දැමීම
කීස් කවනවා- වේවැලකින් හෝ කෙවිටකින් පහර දෙනවා
Comments
Post a Comment