
කේන්ද්‍රය අතේ තබා ගෙන ගෙයක් ගෙයක් ගානේ යමින් තම දරුවාට කෙනෙකු හොයන මව්පියන් කොතෙකුත් දක්නට ඇත. නමුත් කොතරම් හෙවිල්ලෙන් සිටියත් දරුවාගේ කේන්ද්‍රයට අනුව ග්‍රහචාරයට අනුව ගෙවීමට පාපයක් ඇත්නම් කෙසේ හෝ එය පටිසන් දීමට අවශ්‍ය පරිසරය සකස්වන්නේ මව්පියන්ද නොදැනුවත්මය. කෙසේ නමුත් ග්‍රහයන්ගේ ශක්තියට අනුව ප්‍රතිඵල දැවෙන්නේ විශේෂයෙන්ම දශා කාලයට අනුවය. බරපතල තත්වයක් නම් උපතේ සිටම අපලකාරී බව පෙන්වන අතර බොහෝ දුරට එම අදාළ ග්‍රහයාගේ දශාව තුළදී අපලකාරී බව ඉස්මතුවනු ඇත. එසේම අද පවතින ග්‍රහචාරයට අනුව ගෝචර ගමනින් නියමිත ස්ථානයට එන ගෝචර ග්‍රහයා අශුභ බව ඇතිකර අපල ඇති කරයි.
සෙනසුරු හෙවත් ශනිට බියවී විවාහය ගැන කලින් තීරණ ගන්නා අයද මේ සමාජයේ විරලව ඇත. එම අනුවණකාරී බව නිසාම යහපත්ව පැවැතිය හැකි සබඳතාවක් අහෝසි වී යනු ඇත, දිග්බල වූ සෙනසුරු අශුභ බල ඇතිකරන්නේ කලාතුරකිනි. විෂම බවත්, විෂම දෘෂ්ටියත්, දුර්වල වීමත් නිසා විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ගේ විවාහය සෙනසුරු හත්වැන්නේ සිටීමේදී අසාර්ථක වීමට බොහෝ දුරට ඉඩ ඇත එයට හේතුවන්නේ මකරයට සම සප්තමය කටකය වීමත්, කටක ලනය සෙනසුරුට අයහපත්ම රාශිය වීමත් නිසාය. එසේ තිබියදී සෙනසුරුට කුජගේ දෘෂ්ටිය වැටෙන්නේ නම් විවාහය අනිවාර්යෙන්ම අසාර්ථක වන බව සත්‍යයකි. ශනි කුජ නොහොත් සෙනසුරු අගහරු යෝග වීමට වඩා දෘෂ්ටිය වැටීම අහිතකර තත්ත්වයන් ඇතිවීමට හේතුවනු ඇත සෙනසුරු හත්වැන්නේ සිටීම විවාහයට බලපාන්නේ ඔහු හෝ ඇය පවුලේ දියුණුව සහ පවුල ආරක්ෂා කරගැනීම ලිංගිකත්වයට වඩා අගය කරන බැවින්ය. එවිට එයට ගැලපෙන ග්‍රහචාරයක් හිමි අයෙකු සමග විවාහ නොවූයේ නම් ඔහු හෝ ඇය ම සැපත සොයායාම වැළැක්විය නොහැකිය. එවිට විවාහය දෙදරා වීමට හේතුවන කරුණු යෙදෙනු ඇත. එහෙයින් තමන්ගේ
කේන්ද්‍රයට අනුව තමන්ට ලැබෙන සහකරු හෝ සහකාරිය ගෘහදිවියේ සතුට දැරීමට තරම් ශක්තියක් නැත්තෙකු වීම නිසා වැන්නෙක් එකතුවීම සිදුවන බව පෙන්වා දිය හැකිය. එසේ නැතහොත් වන්නේ කේන්ද්‍ර නොගළපා විවාහ වීම නිසාය. මෙවන් ග්‍රහ නොගැළපීම් නිසා විවාහයේ දෙදරායෑම් විවිධ ආකාරයෙන් සිදුවේ. වරෙක දික්කසාදය දක්වාද විහිද යන මෙම බලපෑම්, තවත් වරෙක මිනීමැරුම් දක්වාද දිස්වේ, නමුත් මුළු ජීවිතයම ජීවත් වෙමින් විඳවීමට සිදු වන සේ වෙන් නොවී එක වහලක් යට අඩදබර සහිතව දුක්ඛිතව ජීවිතය ගෙවන්නට සිදු වීමද පෙර කළ කුසල් නිසා ඇතිවන්නෙකි. අද දක්නට ඇත්තේ වැඩි වශයෙන්ම ඒ තත්වයයි. ආත්ම ගෞරවය නිසාත්, දරුවන් නිසාත්, ලජ්ජාව නිසාත්, පරපුර නිසාත්, බිය නිසාත් යන කරුණු මත දුක් විඳිමින් ජීවිතය ගෙවන අඹු සැමියන් බොහෝය. ඉහත තත්ත්වයට විශේෂයෙන්ම බැඳුණු ග්‍රහචාරයක් ලෙස හත්වැන්න අධිපති ග්‍රහයා දොළොස්වැන්නේ වී 6, 8, 12 අශුභ වී ඔවුන්ගේ දෘෂ්ටියට ගොදුරු වුවහොත් විවාහ බිඳ නොවැටුණු සාමය ආරක්ෂා නොවූ අවුල් වියවුල් සහිතව ගතකරන්නට ඔවුන්ට සිදුවනු පෙම් සබඳතාවලදී ක්‍රියාත්මක නොවන ග්‍රහ විෂමතාවයන් විවාහයෙන් පසුව එක වහලක් යටට ඒමෙන් පසු බලවත් වී ක්‍රියාත්මක වේ. වසර ගණනාවක් පෙම් කළද දින ගණනාවකින් වෙන් කරන්නේ එවන් වූ ග්‍රහ විෂමචාරයන්ට හසුවූ පෙම්වතුන්ය. මෙම තත්ත්වය සැලකිල්ලට ගැනීම මව්පියන්ගේ මෙන්ම පෙම්වතුන්ගේ ද කාර්යභාරයක් විය යුතුය. තමන් කොපමණ පෙම් කළද තමන්ට අනාගතයේ ගෙවීමට ඇත්තේ දුක්ඛිත තත්ත්වයන් නම් ඒ පිළිබඳ සිතීමට කාලය ඉතිරි කර ගත යුතු නැත.
මෙහිදී සහකරු හෝ සහකාරිය මරණයට පත්වීම දක්වා ගෙනයන ග්‍රහ විෂමතාවයන් ඇති බව හඳුනාගත යුතුය. යම් කේන්ද්‍රයක හත්වැන්නේ ශනි, චන්ද්‍රයා නොහොත් සඳු දුර්වල සිටියදී දුෂ්ට අගහරුගේ දෘෂ්ටියට ලක්වුවහොත් අනෙකාගේ මරණය සිදුවීමට හේතුවන විෂම තත්වයක් වනු ඇත. වෙනත් ශුභයන්ගේ දෘෂ්ටියද මෙයට නොමැති විය යුතුය. විශේෂයෙන්ම කාන්තාවන්ගේ කේන්ද්‍රයේ සෙනසුරු 8 වැන්නේ සිටීම වැන්දඹු යෝගයකි.කුජ සිටින ස්ථානයේ හත්වැන්න අධිපතියා දුර්වල වූ විට පවුල් කරදර ඇතිකිරීමත්, එය මරණය දක්වා ගෙනයාමත් සිදුවන බවද දැක්විය හැකිය. නමුත් එය සිදුවන්නේ අනෙකුත් ග්‍රහයින්ද ගුණ නොවී සිටීමෙන්ය. මෙම ග්‍රහචාරයන්ට අනුව විවාහය යහපත් කර ගැනීමට තමන් යහපත් විය යුතුය. සහකරු හෝ සහකාරිය දැනුම්වත් කළ යුතුය. අනවබෝධය සහ නොසලකා හැරීම දරුණු වන ඔවුනොවුන්, ජීවිතයේ ඛේදනීය තත්වය තමන් විසින්ම ගොඩ නඟා ගැනීම කර ගන්නා බව පෙනේ. ජ්‍යොතිෂය තුළින් තමන්ව නිවැරදිව හඳුනා ගන්නේ නම් ඔහුට හෝ ඇයට මුළු සමාජයම හඳුනාගත හැකිය. එසේම තම සහකාරියගේ හෝ සහකරුගේ තත්ත්වය හඳුනාගත හැකිය, පෙම්වතුන් වී සිටි කාලයේ ආදරය කරුණාව විවාහයෙන් පසු වෙනස් මුහුණුවරක් ගන්නා බව තේරුම්ගත යුතුය. යථා තත්වය පිළිබඳව දැනුම්වත් වීමෙන් නොපවතින පවුල් ජීවිතය නැවත සකස් කර ගැනීමට කේන්ද්‍රයට සමගාමීව හැකියාව ලැබෙනු ඇත. එවිට තම අධ්‍යාත්මයද නිවැරදිව ගොඩනගාගත හැකිය. පිරිසිදු නිවැරදි සිතුවිලි තම ආගමට දහමට අනුව ඇති කරගන්නේ නම් තම පවුල් සංස්ථාව ආරක්ෂාකර ගැනීමේ ශක්තිය ඇතිවන්නේ එවිටයි. මේ අනුව යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනු ඇත.
Comments
Post a Comment