gossiplanka image 1
 


කෝණමංගල්ලය - සිංහල අලුත් අවුරුද්ද

කෝණගෙඩිය - අලුත් අවුරුද්ද

කෝණ කුරුල්ලා - කොහා

කෝණ කුමරා - අවුරුදු කුමරා

කෝණ පිදවිලි -  අවුරුද්දට හදන කැවිලිවර්ග

තෙල් වළං - ගැඹුරු තෙලේ කැවිලි තැනීමට භාවිත කරන වළං මුට්ටි

තෙල් වළන් ලිප තියන - තෙල් වළං ලිප තබා නැකතට කැවිලි නැකත තනන චාරිත්‍රයකි

අකාමකාවෙලා - අයිවෙලා

ලිප්බොක්ක ගානවා - අවුරුද්දට ලිප ගොම මැටි ගෑම

ලිප්බොකු තහංචි - ලිපේ ආහාර පිහමන තහනම්

දෙමෝල - මෝල්ගස් දෙකක් ආධාරයෙන් පිටි කෙටීම - අවුරුදු සමයේ භාවිත කරන

ජනක්‍රීඩා - අවුරුදු සමයේ භාවිත කරන ජනකෙළි

අවුරුදු කෙළි - දෙවියන් උදෙසා සිදුකරන අවුරුදු ක්‍රිඩා  පොරපොල් සහ අංකෙළිය වැනියි

වංගෙඩිපොළ - වංගෙඩිය තබන මුල්ල

කුල්ල ගානවා - අවුරුද්දට පෙරාතුව හාපොළන කුල්ලේ බෙලි, තිඹිරි හෝ ගොම ගෑමයි

ගම්මැද්ද මල්වර වෙලා - අලුත් අවුරුද්දට අලුත් මුහුණුවරකින් ගම සූදානම් වෙලා යන්නයි

මකුල්ල ගානවා - මකුල්ල මැටි ගානවා

එකලාසයක් - පිළිවෙළක්

කළපොළ - කළගෙඩි තබන ස්ථානය

වළං කත්කාරයා - වළං කඳේ රැගෙන යන්නා

නෑහෙත්තුවේ යනවා - නෑදෑ ගෙවල යනවා

සංග්‍රාන්දිය - එනම් සංක්‍රාන්තියයි. මේ කාලයේ දී අවුරුදු උදාවට පෙර සියලු වැඩ අත්හළ යුතුයි

කුහුකුනුව- කොහාගේ නාදය

තෙල් ඇඹුල් ගානවා - හිස තෙල් ගාන නැකතට තෙල් ඇඹුල් ගෑම

වළකජු ගහනවා - කජු ඇට රැගෙන සිදුකරන ජන ක්‍රීඩාවක්

නැකැත් සීට්ටුව - අවුරුදු නැකැත් සියල්ල ලියා ඇති පත් ඉරුව

දැකුම් දෙනවා - ගොවිගෙදර ඇත්තන්ට උදව් උපකාර කරන සේවාදායකයින්ට තෑගි දීමේ චාරිත්‍රය

පොරපොල් කෙළිය - පොරපොල් යොදාගෙන අලුත් අවුරුද්දට පෙර පත්තිනි දේවිය උදෙසා පවත්වන පූජාවක්

අංකෙළිය - බක්මහ උදාවට පත්තිනි පිහිට ඉල්ලමින් සාම්ප්‍රදායි ලෙස අං ඇදීමේ නිරත වීම

බුහුකෙළිය - තරුණ පිරිස අතර ජනප්‍රිය හෙළ පන්දු කෙළියක්  බුහුව ලෙස ජම්බෝල ගෙඩියක් යොදා ගනියි

නෙරංචි අඳිනවා - බක්මහ ජනකෙළියක්. මෙයට නෙරංචි යොදාගනියි. එසේම ක්‍රීඩා කිරිමට පෙතක් තිබිය යුතුයි.

පංචාකෙළිය - පංච බෙල්ලන් සහ පෙතක් යොදා ගෙන දෙපිළ බෙදී සිදු කළ යුතු ජන ක්‍රීඩාවක්

නොනගතය - සංක්‍රාන්තිය හෙවත් නැකත් නැති වේලාවයි

පුණ්‍ය කාලය - නොනගත කාලයයි

පිළාපිළිහිඩු - එනම් ජනසම්මත පිලීවර්ගයි. මෙයට මස් සහ මාළු වර්ග අයත් වෙයි

හත්මාලුව - අවුරුදු බතට පිසින වැංජන වර්ග හතක් සහිත භෝජනය

රබන් තහංචි - නොනගත වෙලාවේ රබන් වාදනය තහංචියක් එලෙස රබන් වාදනය කළ යුත්තේ උචිත වෙලාවේදී පමණයි

ගණුදෙනු කිරීම -  අවුරුද්දට හා හා පුරා කියා ජලය හෝ මුදල් හුවමාරු කර ගැනීම

අලෙයිකිරීම- එනම් ගණුදෙනු කිරීමයි. මෙය දකුණු පළාතට ආවේණික අවුරුදු චාරිත්‍රයක්

ළිඳ අලෙයි කිරිම - ළිඳ සමග ගනුදෙනු කිරීම

දියවර ගණුදෙනු - අවුරුද්දේ හාහාපුරා කියා වැවට හෝ ජලය ගන්නා ස්ථානයට ගොස් ගණුදෙනු කිරීමයි. එනම් දියවර ලබා ගැනීමයි.

කුණුමුත්තා පිදීම - නොනගතයට පෙර ලිප්බොක්කේ සහ කුස්සියේ තිබෙන අළු රොඩු සියල්ල ඉවත් කිරීමේ චාරිත්‍රයයි.