gossiplanka image 1
 


දීග කෑම - විවාහ වී මනමාලිය මනාලයාගේ ගෙදර පදිංචියට යෑම

බින්න දීගේ - මනමාලයා මනමාලියගේ දෙර පදිංචියට යෑම

කෝලිතං - ආල හිතින් හුරතල් කිරීම

තනිතණ්ඩලේ - දීග යෑමට පෙර තනිකඩව දිවි ගෙවීම

පිල්ගැහෙනවා- අඹුසැමියන් ලෙස හැසිරෙනවා

ඇගෑලුම්කම් - අධික හිතවත්කම

මංගල හීන - මගුල ආසන්නයේ දකින හීන

මගුල් බුලත් දීම - මගුලට බුලත් දී ආරාධනා කිරිම

පොරොන්දම් බැලීම - විවාහය සඳහා ජ්‍යොතිර්විද්‍යාත්මක  කරුණු විස්සක් ගැළපේදැයි බැලීම

මගුල් සද්ද - මංගල්ලයේ සතුටට රබන් වැයීම හෝ උණවෙඩි ආදිය පත්තු කිරීම

මගුල් නැම්ම - සාමූහිකව මගුල් බතට ඉද ගැනීම

හත්බුලත් දීම - මඟුල් පෝරුවේ දී මගුල් බුලත් අත් හතක් හුවමාරු කර ගැනීම

අෂ්ටක  - මනමාලයා සහ මනමාලිය පෝරුවට නංගවා ආශිර්වාද කිරීමේ පිළිවෙතක් මංගල අෂ්ටක පාලි හා සංස්කෘත මිශ භාෂාවකින් සකසාගෙන තිබෙයි

මගුපැදුර - මනමාල යුවල පෝරුවෙන් බසින විට එහි බිම තිබෙන පැදුරයි.මෙය දිගහැර ගෙන ඉදිරියට යෑම සිරිතක්

මගුල් බත -මංගල්ල දිනයේ දී ඥාති හිතවතුන් සැමට සංග්‍රහ කරන බතයි

අතපැන් වැඩීම - මනාල යුවල පෝරුවේ සිටිය දී ආශීර්වාද කර දෙදෙනාගේ දෑඟිලි තෙමී යන ලෙස මේ පැන් ඉසීම සිදුකරයි.