රාවණ යනු කලක් ලංකාවේ රාජ්‍යය කළ මහබල පරාක්‍රමයකින් යුත් රාක්ෂස රජෙකි. "රාවණ ඉදිරියේ හිරුගේ බල බිඳී යයි. සුළං හැමීම නවතී. ගිනි නොදැක්වෙයි. නිති රැළ පහරින් චන්ඩව පවත්වා මහ සමුදුර මෙන් නිසල වෙයි.” "මේ බලසම්පන්න යෝධයාට මුහුණු දහයකි. අත් විස්සකි. ඇස් රතු පැහැතිය විශාල පසු තලයක් හා නව සඳහන් සුදු දිගු දත්ය. ඔහුගේ සිරුර ගණ වැහි වළාවක් වැන්න. නොඑසේනම් මුව අයාගෙන බලා සිටින මාරයා වැන්න. රාජකීයත්වයේ සෑම ලක්ෂණෙයක්ම ඔහුට ඇත. දෙවියන් සමග කල සටනේදී දෙවියන්ගේ හැම ආයුධයකින්ම ලත් තුවාල කැළැල් ඔහුගේ සිරුරෙහි වෙයි. ඉන්ද්‍රගේ අකුසින් එරාවණ හස්තියාගේ දළින් හා විෂ්ණුගේ පාරාවලල්ල්ලෙන් 3 න ල ඒ අතරය.” "ශක්තිය කොපමණ වීදයත් ඔහුට තනිවම මුහුද කැළණිය හැකිය. මහා කඳු මුදුන් කඩා දැමිය හැකිය. ඔහු නීති කඩනෙකි. අනුන්ගේ භාර්යාවන් පැහැර ගෙන යන්නෙකි. වරෙක නා ලොවට ගිය ඔහු වාසුකි නාග රාජයා පරාජය කළේය. තක්ෂකගේ බිරිය පැහැර ගෙන ආවේය. රාවණ වරෙක සිය සොහොයුරු කුවේර හා සටකොට ඔහු පරාජය කළේය. ඔහුගේ පුෂ්පක නම් රථය කොල්ල කාගෙන ආවේය. ශක්‍රයාගේ චිත්‍රලතා උයනත් දෙව්ලොව වතුත් විනාශ කර දැමුවේය. මහා කන්දක් සේ උස් වු සිරුරකින් යුත් රාවණ හිරුත් සඳුත් අතින් අල්ලා නතර කළේය.” රාවණාගේ බල මහිමය පිළිබඳව පුදුම කථා එලෙසින් රාමායනයේ දැක්වෙයි.
රාවණාගේ හමුදාව ඒකක දහහතර දහස බැගින් වූ සේනාංක අසංඛ්‍යයකින් සෑදුෂ්ය. මේ යක්ෂයෝ මහත් බියකරු ශරීර ඇත්තෝය. සමහරු හොඳටම මහත්ය. තවත් සමහරු හොඳටම කෙට්ටුය. ඇතැමෙක් අගුටු මිටෝය. ඇතැමෙක් උස් වූ සිරුරු ඇත්තේය. එකෙකුට ඇසක් අඩුය. තවෙකෙකුට කණක් අඩුය. සමහරු බකලයෝය. තවත් සමහරු දිගු දත් ඇ ත්තෝය. ඇතැමෙකුට සිතූ පරිදි අන් වෙසක් මවාගත හැකිය. තවෙකෙකුට උසස් පෙනුමෙන් යුත් ලක්ෂණ රූප ඇත්තේය. මේ සේනාවන් රැගෙන ගොස් රාවණ දෙලොව අල්ලා ගත්තේය. සියළුම දෙවිවරුන් දම්වලින් බැඳ ලංකාවට ගෙනවුත් වැඩ ගත්තේය. ඉන්ද්‍ර යනු රාවණගේ ඇග සැරසීම සඳහා මල්මාලා තැනු මකරුවාය. අනේ ඔහුගේ අරක්කැමියාය. හිරු දහවල් කාලයේ ඔහුට එළිය ලබා දුනි. සඳු රාත්‍රි කාලයේ එය කළේය. වරුණ රාවණගේ මාලිගයට දිය ඇන්දේය. කුවේර සල්ලි දුන්නේය. නව ග්‍රහයෝ රාවණ සිහසුනට නගින හිණිමගේ පඩි නවය ලෙස සිට ගත්හ. බ්‍රහ්ම ඝෝෂක තනතුර ඉසිලිය. විෂ්ණු රාවණට නාටිකාවන් තෝරා දුන්නේය. ශිව ඔහුට කරණවෑමි කම් කළේය. ඉන්ප ගවයන් හා එළුවන් බලා දුන්නෙන්ය. වාසු ගේ ඇමදීය. යම කිලිටි රෙදි සේදීය. තවද රාවණ ශිව දෙවියන්ගෙන් උමා සහ අමරණීයත්වයද ලබාගත් ආකාරය දැක්වෙන කථාවක්ද වෙයි. ශිව අදහන්නියක වූ රාවණගේ මව නිතිපතා ශිව දෙවියන් නමස්කාරයෙහි යෙදෙන්නීය. දිනක් ශක්‍රයා ඇයගේ ශිව ප්‍රතිමාව සොරකම් කර ගත්තේය. මේ නිසා රාවණගේ මව උපවාසයක යෙදුණාය. රාවණ සිය මෑණියන් වෙත ගොස් උපවාස නොකරන ලෙස ඉල්ලීය. තමා එය ගෙනැවුත් දෙන්නේ යැයි කීවේය. මව සැනසූ රාවණ කෙලාසය බලා පිටත් විය.
ශිව දෙවියන්ගේ විමනායට ගිය රාවණ නොයෙක් දුෂ්කර ක්‍රියා කරන්නට පටන් ගත්තේය. ගිනිමැල පහක් මවා ඒ මැද්දට වී අවුරුදු දස දහසක් හිසෙන් සිටියේය. අවුරුදු දහසක් ගිය තැන ඔහු තමාගේ දස හිසින් එකක් බැගින් කපා ගිණි මැලයටම දැම්මේය. මේ ආකාරයට ඔහුගේ හිස් නවයක්ම කපා ගිණි මැලයට බිලි කරන ලද්දේය. රාවණ ඔහුගේ දසවැනි හිසද කපා දැමීමට සැරස්සද්දී ශිව ඔහු ඉදිරියේ පෙනී සිටියේය. තමන්ට ඕනෑ කරන වරය කුමක්දැයි ඇසීය. අමරණියත්වයක් හොරාගත් ශිව ප්‍රතිමාවත් උමා වැනි රූමත් බිරියකුත් ලබා දෙන ලෙස ඔහු ඉල්ලිය. ශිව දෙවියා අමරණියත්වය හා ශිව ප්‍රතිමාවද ලබා දුන්නයෙ. එහෙත් උමා වැනි ස්ත්‍රියක තුන් ලෝකයෙන්ම සොයාගත නොහැකිය. එවිට රාවණ ශිව බිරිය වු උමා ඉල්ලා සිටියේය. ශිව දෙවියන් සිය බිරිය දීමට මඳක් පැකිළෙන්ම ඇය නොදුන්නොත් කලින්ටත් වඩා දරුණු ක්‍රියාවන්හි යෙදෙන බවට රාවණ තර්ජනය කළේය. අවසන ශිව දෙවියා සිය බිරිය වූ උමා දුන්නේය. රාවණ වරයක් ලද විගසම එහි පැමිණි නාරද තවුසා අමරණියත්වය දීමට ශිවට බලයක් නැතැයිද එසේ දීමෙන් රාවණ රවටා ඇතැයිද කියා සිටියේය. තවුසාගේ කීමට රාවණ මුලා විය. කෝපයට පත් ඔහු ශිව සිටි කෙලාසය කඩා ඉවතට විසි කළේය. මෙය ශිව වරයක් දීමෙදී වු පොරොන්දුවකට විරුද්ධ වූයෙන් ඔහු ලත් අමරණියත්වයේ වරය අහෝසි වී ගියේය.
උමා සිය කර පිට හිඳවා ගත් රාවණ දකුණතින් ශිව ප්‍රතිමාවද රැගෙන ලංකාව බලා පිටත් විය. මේ සිද්ධිය පිළිබඳව දෙවියෝ පුදුමයට පත් වූහ. උමා රාවණගෙන් තමා ගලවා ගන්නා ලෙස විෂ්ණු යැද්දාය. එවිට විණු මහළු බමුණු වෙසක් ගෙන රාවණ ඉදිරියේ පෙනී සිටියේය. රාවණට ආචාර කර සිටි ඔහු "මේ මැහැල්ල කොතැනකින් සොයා ගත්තෙත්දැයි රාවණාගෙන් ප්‍රණ කළේය."
“බමුණෝ, නුඹ අන්ධයෙක්, මෝඩයෙක් පේන්නේ නැද්ද ඇය මැහැල්ලක නොවන බව. මේ තමා ශිව දෙවියන්ගේ බිරිය උමා. මුළු තුන් ලොවටම සිටින රූමතිය.” රාවණ කීවේය. "ලංකාවේ රජතුමනි, මහළු බමුණෙකුට අපහාස කිරීම ඔබට තරම් නොවේ, ඔබ මගේ වචන අදහන්නේ නැතිනම් ඔබ ඇය දෙස බලන්න. ඇය මැහැල්ලක්ද නැද්ද යනු එවිට පෙනෙයි." බමුණා කීවේය. බමුණාගේ අදහස උමාට තේරුම්ය.ඇය වහාම මහළු වෙසක් ගත්තාය. රාවණ ඇය දෙස බැලූ විට බමුණා කීවේ ඇත්තකැයි පුදුමයට පත්විය. ඔහු මැහැල්ල එතැනම දමා ශිව ප්‍රතිමාවද රැගෙන යන්නට ගියේය. වැඩිදුරක් යාමට පෙර රාවණට කිසියම් කටයුත්තක් සඳහා බැහැරට යන්නට සිදු විය. ශිවගේ ප්‍රතිමාව බිම තැබුවොත් එය නැවත එතැනින් නොසෙල්විය හැකි වනු ඇතැයි කලින්ම ශිව දෙවියන් කියා තිබුණි. එම නිසා ඔහුට එය බිම තැබීමටද නොහැකිය. මොහොතකට එය අල්ලාගෙන සිටීමට කෙනෙකු ඇත්දැයි ඔහු වටපිට බැලීය. අසල සිටි එඩේර ළමයෙකු දැක එය ඔහු අතට දී බිම නොතබන ලෙස කීය. එඩේර ළමයා ලෙස පෙනී සිටි ගනේෂ පැයක් එසේ සිටිය හැකි යැයිද ඊට වඩා එය අල්ලාගෙන සිටිය නොහැකි යැයිද කීවේය. රාවණට ආපසු එන්නට පැයකට වඩා ගත වූයෙන් ළමයා එය බිම දමා යන්නට ගියේය. රාවණ එනවිට ප්‍රතිමාව බිම ගැලී යනු දැක අල්ලා ග ත්ය. එවිට එය එළදෙනක බවට පත්වී බිම ගිලී ගොස් කන් දෙක පමණක් මතුපිට ඉතිරි විය. ඉන්දියාවේ බටහිර වෙරළේ ගෝකණ නම් වු කෝවිලක්ද ඇත. මෙය එසේ ශිව ප්‍රතිමාව ගිලි ගිය ස්ථානය යැයිද විශ්වාසයක් පවතී.
Comments
Post a Comment