gossiplanka image 1
 



අඩ්ඩඩ්ඩාලෙට - අඩමානයට / බායට

අටිපහුර - අපිළිවෙළ

ලුහුටනවා -  ලිස්සා යනවා / මගහරිනවා

අයිරුව - තොරතුරු

අඩත්තේට්ටම් - හිරිහැර

අසක්කුවල - කරදර

ඇන්නැහි - විශාල

එකල මෙකල වෙනවා - කල් බලනවා

වකාරෙට - ඕනැතරම් / පිරි ඉතිරි ගිය

රැහේ - නෑදැ පිරිවර

පේරුව- වාරය

පිළහොඳ වෙනවා - මල්වර වෙනවා

නෝංජල් - නිවට

නැම්ම - සාමුහික

තොලොංජිවෙනවා - විනාශ වෙනවා

තාන්තුවාව - හුදෙකලාව

ගසගරත්තු - අසික්කිත

ගංතුලාන- ගමක සීමාව

කිරිපල්ල - යටිබඩ

කහලමඟ - අධෝමාර්ගය

දාගල - මිරිස් අඹරන කුඩා ගල / අත්ගල

කණුපොළ - හරකුන් බඳින ස්ථානය

ඉඳිකඩුල්ල - කෝටුවලින් ආවරණය කළ ගේ ඉදිරියේ ඇති කුඩා කඩුල්ල

පාවුල-  පහළ

හොමරි - අලස

හැල්මෙ - හිමිහිට

වයිද්දෙ - තොවිලය

ලනවා - කනවා

හරිකෙලාව - ඊර්ෂ්‍යාව

කවුද්ද - දන්නේ නැතිකම / හතර වරිගෙ

හතර වරිගෙ- ස්වාමියා සහ බිරිඳ දෙදෙනාගේ

මුලිච්චි වෙනවා -  හමුවෙනවා

ගෙඩියා - කුලහීනයා

කුමතේරුව - තක්සේරුව

උඩගෙඩි දෙනවා -රවට්ටනවා

දොණ්ඩම - තුවාලය

වක්කරනවා - නානවා

දියට එබෙනවා - නාගන්නවා

පරිසාරි -වෙදරාල උන්දෑ

ගොම්මං වෙලාව  - ඉර බැස ගිය පසු එන අඳුර

ඉද්දගහනවා  - ඍජු ලෙස නැගිටිනවා

අරිනේ - සබකෝලය

අතරපෝරු -  ගණුදෙනු

අනෝරාව - තදවැස්ස

කුට්ටාලි වෙනවා - සම්බන්ධ වෙනවා

හොමරි කරනවා - කම්මැලිවෙනවා

විළිසංගෙ - ලැජ්ජාව

අඩිකෝඩය - හිඟපාඩුව

ආනම - හොද්ද

දාංගලේ - නැටිල්ල / දැගලීම

දහරමණ්ඩිය - කකුල් ඇතුළට නවාගෙන වාඩිවීම

කමකිරියාව - තිබහ

එද්දලයා - තනි/ සවිමත් තරුණයා

නෙරය - කාණුව

රෑට රෑවෙලා- කළුවර වැටිලා

බෝපොත - ළපැත්ත

ලවං- තණකොළ

මලාලය - දුන්න

ඉතෝරුවෙන් - සම්පූර්ණයෙන්

කුංඩා - බළලා

දංඩි - ළමිස්සි

මූකල වුණා- කාලය ගෙවුණා

රුස්සන්නෑ - අකමැතියි

කොලෑවුණා - අතරමංවුනා / මගහැරුණා

මුරගානවා - කෑගසනවා

දෙහෙදු වෙනවා - අධික ලෙස මහන්සි වෙනවා

අණබෝල -  යමක් තහංචි කිරිම සඳහා හිටුවන අතුපිටිය

වලිකනවා - මහත් සේ වෑයම් කරනවා

මුලං කොටනවා - හේන් ගිනිලා ඉතිරි ගස් මුල් ගලවා ඉවත ලෑම

කලප්පන්න - මෙවලම්

පන්නංකැත්තන් - පං වියමනට ගන්නා කුඩා කැත්ත

පිරුළට ගන්නවා - ඉල්ලා ගන්නවා

ගඩු හැදිලා - ඇගේ හැම තැනම තුවාල හා ගෙඩි මතුවෙලා

ගොබුඩු - කුඩා ලී

පල්ල - පතුළ / පහළ

විල්ලඹු ආතා - වින්නඹු අම්මා

අට්ටං කරනවා - තදින් දඬුවම් කරනවා

අරෝබලත් - අසාධ්‍ය/ වයසට ගිය

ආකහවෙනවා - ඉවර වෙනවා

ගැබ්බර සිරියාව - ගැබ්ගත් ස්ත්‍රිය

කළහර - ක්‍රියාවේ හුරුකම

යාදෙනවා - පිහිට වෙනවා

කත්බැඳි මඟුල - කඳවලින් කැවිලි වර්ග රැගෙන යන මඟුල් ගමන

පූ කරනවා - කටින් පිඹිනවා

බවලතුන් - වනිතාවන්

මදිපුංචිකම් - නොසලකා හැරීම්

තහංදි - තහංචි

හාහාපුරා කියා  - පළමුවරට

උඩලිපත - දොර උළුවස්සේ උඩ හරස් දැවදණ්ඩ

අග්ගිඩවෙනවා - ඉවරවෙනවා

අතුකොටුව - ගේ පිළිකන්නේ මුත්‍රා දැමීමට තනා තිබෙන ආවරණීත කොටස

ඕගානවා - දරුවකු ඉපිද පළමුවරට වැඩීම

මුට්ටි නැම්ම -  මුට්ටි නමන ගස

කෝඩුවා රෙද්ද - මාස් කිල්ල වූ විට යටට අදින රෙදිකඩ

අටු කොස් - වියළන ලද කොස් ඇට

විලිරුදාව දරු ප්‍රසූතියේ දී ඇතිවන කැක්කුම

වනේ ලා කෙටීම - වංගෙඩියේ දමා කෙටීම

ඉලත්තට්ටුව - විට තට්ටුව

ඉහ ඉස්මත්තට  - හිස මුදුනට

මානිකිණ්න -  එනම් අගෝස්තුවයි

වඳුරු වසංගත - බෝවෙන රෝග

අඩුම කුඩුම - බඩු මුට්ටු

සකල සබ්බමනාව - සියල්ල

උක් සක්කරා - උක් පැණියෙන් හදන හකුරු වර්ගයක්

පලපරෝජං - උදව් උපකාර

වැහිදියත්ත -  වැහිවතුර

පිහිටි පොළොව - පොළොවේ ස්වාභාවික පිහිටීම

අලිමංකඩ - අලින් ගමන් කරන සම්ප්‍රදායික මාර්ග

කුරමංකඩ - කුර ගාගා සතුන් ගමන් ගන්නා මාර්ග

එකකතාවට - සම්මුතිය

මංකඩ - වැවේ දියවර ප්‍රයෝජනයට ගැනීමට තිබෙන ස්ථාන

තතමත්ත - පපු ප්‍රදේශය

හක්කලං කරනවා -  ගැවසෙනවා

ලහිපිට - හදිස්සියේ /කඩිසරව

බෙත්ම -  බදාගනිමින් ගොවිතැන් කිරීම

ආගාවත - කෙළවර

පූවළ / පුළිඳ - විවිධ තේවාවන් පිරිත්පැන් ආදිය සඳහා අලුතින් කුඩා වළක් කපා තාවකාලික ලෙස ජලය ලබා ගැනීම

ගජරාමෙට - මහ ඉහළින්

පණික්කිරාල - සාම්ප්‍රදායික වාද්‍ය ශිල්පියා

කුහුල - දෙගිඩියාව

කිව්වානාහන - අලුත් කළගෙඩිය

නාඹුකළය  - අලුත් කළගෙඩිය

අලෝදර - උවමනාව / අවශ්‍යතාව

කෝණ මංගල්ලය - සිංහල අලුත් අවුරුද්ද

පත්තායම් අටුව - ප්‍රමානයෙන් විශාල එළිමහන් වී අටුව

හාද - කොහේද

වාංකොස් - පොළොස්

වලාම - මරණය

හීන්දුරු - සුදුරු

කහකෙළාව - ඊර්ෂ්‍යාව

කලංදරුවා - කෝදුරුවා

කනිපන්දම් කියනවා - නැතිබැරිකම කියනවා

එරුකරනවා - කඩ වූ පොරොන්දු ඉටුකිරිම

ආර - දිය පාර

ආරපෝරු - ගණුදෙනු

අක්කිත්ත -  පොල්ලේ අන්තිම ගෙඩිය

අකරංදල්ල - ගසක උඩම දලුව

අතුගන්නව  - ඉවතලනවා අන්ද

අන්දකලන්දන් වෙනවා - නිදිමත වෙනවා

අයිවෙන් - ආයුබෝවන්

අවිත්තා - අවිච්චියා

කඩිප්පුලියේ යනවා - රස්තියාදු ගහනවා

තුන්ඩම - කෑල්ල

පනංවෙලා - ඇතුළුවෙලා

පිළි හප්පනවා - රෙදි හෝදනවා

නිසි නිද්දේ - තනි කැමැත්තෙන්

බුට්ටා - මීමින්නා

බෝය - ස්වල්පය

මහජ්ජා - මාමණ්ඩිය

කුමටිය - සාරණ

කුයිල - දුගඳ

ගාල්කළේ - කළගෙඩිය

රඹහ. - මද ආලෝකය

අස්කඩ - රෙදිපටිය හෝ කැබැල්ලක්. මෙය ආහාර පිසින විට බඳුන් ඇල්ලීමට භාවිත කරයි

අලි බල්ලුව - අලි රංචුව

බැවැහැර වෙනවා - භාවිත වෙනවා

බහදෙනවා - ස්ථිර ලෙස වචනයක් කියනවා

ඉඩොල්වෙලා - කුරුවාලු වෙලා / නරක් වෙලා

පෙළවගේ යනවා - දීගේ යනවා

එළි අත්ත - හුලු අත්ත

යටකෙ - ගිරය

අඩක්කවාරිය - හදිස්සිය

පන්නෙ කරනවා - මසුන් අල්ලනවා

මාළු අයින - මාළු රංචුව ඉහලා

ඉහලා - විසි කළා

හිටිකොට - කලක් ගත වූ පසු

පිටන්ගන ගියා - වැසිකිළි ගියා

ගොන්මන්කරු වුණා - අඳුරු වුණා

පහුරුගාන්නා - කුකුළා

අරෝබලත් වෙනවා - මහලු වෙනවා

කරකුට්ටං - තදබල ලෙස පොළොව වියළී යනවා

ඉරැල්ල - කුඩා පස් පිඩැල්ල

කට්ටකඩුව - ලවණ ගතිය වැඩි වූ විට වැවේ වතුර කෙතට යැවීමට පෙර ගත්තේ මෙයටයි. මෙහි දීලවණ ගතිය අඩු කිරීමට ගස් සිටුවා තිබෙයි අතමාරු අත්තම - යමකු රෝගී වූ විට ඔවුන්ගේ කටයුතු අන්‍යයන් අප්‍රමාදව සිදු කරන අත්තමයි

දෙහෙරු කරගෙන - ජලය දෙගොඩ තලා යනවා

වැහිගෙඩි - වැහි බිංදු / වැහි කැට

උදලු බන්ද -උදැල්ලේ මිට

වැහි ඇල්ලක් - එක වරකට වහින වැස්සක්

අත්වැසිකරුවා - අතේ වාසිය හෙවත් වාසනාව ඇති තැනැත්තා. ඔවුන් පැළ සිටවූ විට සරු ලෙස වැඩෙයි

ඉරසූරියා - හිරු

දළුපොත - අලුතින් අස්වද්දන කුඹුරු ලියදි

ඉර හැරුණා - ඉර බැසීමට පටන් ගත්තා

හුළං මාරාව - සුළඟ හමන දිශාව

වැහි බිත්තර -  කුඩා වලා කැඳලි

ඈගුල් වෙනවා - බිම හෑරි යනවා

එකපලවලේ - සමාන වයසේ

මිඩංගු වෙනවා - ගතවෙනවා

පොල් උඩ තියනවා - පොල් ගෙඩියක් උඩ එල්ලා බාරවීම

තාලි - විශාල මුට්ටි / හැළි

දරමිටි අත්තම - බවලතුන් සාමුහිකව දර රැස් කර ගැනීම

හුම්මේ - හිස පිට තබන රෙදිකඩ, මෙය බරක් හිසින් ගෙන යන විට භාවිත කරයි

හතරපේරුවේ දායකයින්- පන්සලට අයත් සිව්දෙස දිවිගෙවන දායකයින්

පංසල් උපාසක- පන්සලේ ආවතේව කටයුතු කරන වයෝවෘද්ධ ගිහි තෙමේ

දෙසාබාලා - කියලා

බැරුං- බැරුව / අමාරුව

ඇණබාගන්නවා - වාඩිවෙනවා

කොටහා - කොටස

පෙරේතපාදය - ඉඩමක් පිටත සිට කොටස් හතරකට බෙදන අතර, එයින් පළමු කොටසය

එන්ඩලා - එන්ට / පැමිණෙන්ට

ආයකට්ට - හැට්ටකටුව

වරෙත්තුවා -  කරත්තය පිටුපසින් යන උදව්කාර ගැටයා

වන්න - ස්ත්‍රීන්ගේ තට්ටම් / පස්ස පැත්ත

හුරුබුවෝ - මුස්ලිම් ඇත්තන්

ගොදුරුගං - පන්සලට දානය සපයන ගම් / හතරපේරුවේ ග්‍රාම

හානිය - විනාශ වීම / පිරිහීම

ලොද - කුරුම්බාවල තිබෙන ළපටි මද

හෝපටගාල - ඉක්මනට / විගහට

වහියක් පිහියක් නෑ - ලැජ්ජා නැතිකම / අශීලාචාරකම

ගස්සා වෙනවා - ගබ්සා වීම

ඒක මිසක්කා - එහෙනම් / ඒක නේන්නම්

බුදිගිහිල්ලා - නින්ද ගිහිල්ලා

තෙලිපොළ - පොල් බිඳින තැන

අවුල්ලනවා - පත්තු කරනවා

විජාට - හදිස්සියට / ඉක්මනට

අසික්කිත වැඩ -  අශීලාචාර වැඩ / කැත වැඩ

ඒත්තුවෙලා -  යමකට බරදී හේත්තු වී සිටීම

සිරිප්පානේ - හිරිකිත

මුරේ - රැකීම / බලාගැනීම

ගිහිපුක්කාරයා - කේන්තිගන්නා තැනැත්තා / හදිසි කෝපකාරයා

බඩුපන්සල්දානවා - බඩුමුට්ටුවලින් පුවරවනවා

වංගිය - එක වතාවක් / එක්පාරක්

දෙවංගිය - දෙවතාවක් /දෙපාරක්

හෝතඹයා - හාවා

හෝතඹයා - කලවැද්දා

දගිඩි බොගිඩිය - වැරවීරිය / ධෛර්යවන්තකම

හූනලා වැටෙනවා - හුල්ලා වැටීම / තද බල ලෙස හීල්ලීම

මෝදෙන - හරක් පට්ටියේ ඉන්න මුද්දෙන / මව්දෙන

දියපොක්කලං -  අතේ පැමිණෙන කරගැට / වැඩ නොකර සිට කැත්ත උදැල්ලේ වැඩ එකවර කරන විට මේවා හැදෙයි එහි සම උඩට පැමිණෙන්නේ යටින් වතුර පිරීම නිසයි.

අකුරුහඹේ - අමාරුව / අසීරුව / දුෂ්කරතාව

අට්ටිය - එක උඩ එක පටවා ඇති ධාන්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය

අඩලා ගන්නවා කට්ටිය -  අල්ලාගෙන ඉන්නවා

කට්ටිය -  පිරිස / ප්‍රමාණය

කබල්ගානවා - කබලට ධාන්‍ය හෝ ඇට වර්ග දමා ඒවා බැදෙන තෙක් හැන්දෙන් එහාට මෙහාට කිරීමයි

කල්කදුරු - අමිහිර

කවුද්දං - දන්නේ නැහැ  

ගෑනු බාලයා - බියගුල්ලා

චක චකේ - කරච්චලය / කචබචේ

ටක්ක ගහනවා - කුඩා ගල් කැට උඩ දමා ඒවා පිටි අතින් අල්ලන ගැමි දරියන්ගේ ක්‍රිඩාවක්

නරිඡ්ඡ - මුත්‍රා ගඳ

තඩිය - මහත / බඩතඩිය