gossiplanka image 1
 



වෑකන්ද  - වැවේ බැම්ම

හොරොව්ව - වෑකන්දෙන් පහළට ජලය ගැනීමට තනා තිබෙන මාර්ගය

බිසෝකොටුව - වැව්වල වේගයෙන් ජලය හොරොවෙන් ගමන් කරන හෙයින් එය වළකාලීමට තනාගත් හතරැස් ඉදිකිරීම

වැව්ලේනා - වැව බලාගන්නා ලේකම්වරයා

රළපනාව - වැව ඇතුළත වෑබැම්ම සේදී යෑම වළකාලීමට ගල්වැටි යොදා තිබෙයි. ඒවා පඩිපෙළ ලෙස තනා ගනියි

මඩ හොරොව්ව - වැවේ මඩ ඉවත්කිරීමට සොරොව්වට වඩා පහළින් තනා තිබෙන විශේෂිත සොරොව්වයි

පිටවාන - වැඩි වතුර වාදැමීමට වෑකන්දට වඩා පහළිතනා තිබෙන ස්ථානයයි

වාං ඇළ - වාං ජලය පිටවී යන ඇළ මාර්ගය

වැව් තාවල්ල - වැවේ ඉහත්තාවයි

ඉස්වැටි - තාවල්ලේ තනා තිබෙන කුඩා වැටි මෙයින් ජලය පෙරීමට ලක්වෙයි

වැව් ඉස්මත්ත - වැවේ පෝෂක ප්‍රදේශයයි

කුලු වැව් - මහ වැවට එන රොන්මඩ පෙරීමට ලක් කරන කුඩා වැව්

දියකැටපහණ - වැවේ ජලය මැන බලන මැනුම් දඩයි. මෙය සොරොව්ව ළඟ හිටුවා තිබෙයි

වැව් රාජකාරී - වැවේ පැවැත්ම සඳහා සිදු කළ යුතු වතාවත්. විශේෂයෙන් වැව පිළිසකර කිරිම මෙයට අදාළයි

කැටහොරොව්ව - කුඩා කැට හෙවත් කොටස් වෙන් වෙන් වශයෙන් ඉවත් කරන විට හොරොවෙන් ජලය ඉවත් වෙයි

දියකෝල්බඩ - වැව ඇතුළත වතුර රඳන ප්‍රදේශය

වාං දමනවා - වැවේ වැඩි වතුර වැව්වැනින් පිටත්වීම