gossiplanka image 1
 

කෙම


පිරිසිදු පොල්තෙල්, බඳුනකට ගෙන යකඩ ඇණයකින් හෝ උල් පිහියක තලයෙන් කාල් ගාමින් පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ඉර උදාවට පෙර නළලේ ආල්ප කරනු. ඉරුවා රදේ සුව වේ.


මන්ත්‍රය


ඕං සිව තොණ්ඩු පුල්ලෙයාර් හා සිද්ධ නා වීර පත්‍රකාලි කට්ටු පූට්ටු ජහරියේ හ:


එහි විද්‍යාත්මක පදනම


ඉරුවාරදය යනු අතිශයින් පීඩාකාරි රෝගී තත්වයකි. දිනපතා ම පාහේ සෑදෙන බැවින් දෛනික වැඩ කටයුතු වලට බාධා පමුණුවනු ලැබේ.මෙහි ඉහත සඳහන් වන්නේ ඊට ගුණදෙන ඉතාමත් යෝග්‍ය කෙම් ප්‍රතිකාරයකි. විශේෂත්වය වන්නේ මෙම කෙම සමග ද මන්ත්‍රයක් බද්ධ වී තිබීම ය. එම නිසා ප්‍රතිඵල පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මෙම කෙම සතු ව පවත්නා විද්‍යාත්මක පදනම කුමක් ද? වැදගත් ව න්නේ ඒ පිළිබඳ ව විමසා බැලීම ය.  හිසරදයට පොල් තෙල් ගුණදායක බව කවුරුත් දන්නා කරුණකි. ගම්බද ජනතාව හිසේ ඇම්මක් සෑදුණ විට පොල්තෙල් ගාන්නේ එ බැවිනි. ඉරුවාරදය යනුවෙන් හදුන්වන්නේ ද හිස රදයේ ම ප්‍රබේධයකි. පොල්තෙල් වල ඇති ඖෂධීය ගුණය මෙම නෙමේ දී ඉරුවාරදය සුවකර ගැනීම සඳහා දායක කරගෙන ඇති බව පැහැදිලි ය.


මෙහි දී හිසරදයට පොල්තෙල් ඒ තරම් ගුණදායක නම් කෙමෙන් බැහැරව පොල්තෙල් පමණක් නො ගන්නේ ඇයි ද යන පැනය ඔබේ සිත තුළින් මතුවීමට පුළුවන. සැබවින් ම එසේ කළ නො හැකි ය. ඉරුවාරදයට පොල් තෙල් ගුණදායක වුව ද, යම් සහනයක් එමගින් සැලසුණ ද ඉරුවාරදය නිට්ඨාවට සුව කිරීමට තරම් ඖෂධීය ශක්තියක් පොල්තෙල් වල නොමැත. මෙම කෙම් ක්‍රමයේ දී පොල්තෙල් බල ගැන්වීම සඳහා බලගතු මන්තරයක් එක්කරගෙන ඇත්තේ එ බැවිනි. මන්තරය සතු ගුප්ත ශාස්ත්‍රමය බලයත්, පොල් තෙල්වල ඇති ඖෂධීය ගුණයත් සංකලනය කොට මෙම කෙම මගින් ඉරුවාරදය නිට්ඨාවට සුව කිරීමේ ශක්තිය ගොඩනගා ඇති බව සැලකිය හැකි ය.