gossiplanka image 1
 


කෙම


කාන්තාවෝ වෙත එල්ල වෙන තනිකම් දෝෂවලින් ආරක්ෂක්ෂා වීමට කතා නො කර ගිරයක් ඉනේ ගසා ගෙන යනු. අත්දුටු කෙමක් හැටියට සැළකේ.


එහි විද්‍යාත්මක පදනම


කාන්තාවන් වෙත තනිකම් දෝෂ පහසුවෙන් එල්ල වෙන බව ගැමි ජන සමාජයේ පවත්නා මුල්බැස ගත් විශ්වාසයකි. එය අතීතයේ ව්‍යාධියක ස්වරූපයෙන් සමාජය පුරා පැතිරී තිබිණි. වර්තමානයේ මෙම විශ්වාසය එ තරම් දුරට මුල් බැස ගෙන තැති නමුදු එදා කාන්තාවෝ තනිකම් දෝෂ මඟ හැරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළෝ ය. අවේලාවල් වල දී නිවසින් එළියට නො බැසීම, ජාම වෙලාවල් වල දී තොටුපොළ, සොහොන්බිම, තුමංසල සහ සිවි මංසල මග හැරීම, පුළුටු වර්ග නොකා පරෙස්සම් වීම, තෙල් කැවුම් ආදිය පිස මඟට නො බැසීම ආදී ක්‍රියාවන් අනුගමනය කරමින් පිරස්සම් වීමට උත්සුක වුවේය.


ඔවුන් ගේ ඇදහිලි හා විශ්වාස වලට අනුව එ ලෙස ක්‍රියා කළ ද ජන ජීවිතයේ විවිධ අවශ්‍යතා මත එම පිළිවෙත් වෙනස් කිරිමට සිදුවුණ අවස්ථා ද විරල නොවේ.  එ බදු අවස්ථාවල දී ඔවුන් තනිකම් දෝෂ වලට අසු නොවී ස්වකීය අවශ්‍යතා සපුරාගත් ආකාරය ද රහසක් නොවේ. ඒ සඳහා ඔවුන් භාවිතා කළ උපක්‍රම පිළිබඳ ව විමසිලිමත් වෙන විට විශ්වාසයෙන් යුතු ව ක්‍රියාවට නැංවූ කෙම්කම ගණනාවක් ම හමුවේ. ඉන් ප්‍රබල අන්දමින් ආරක්ෂාව ලබමින් සිය අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කරගත් කෙමකි කතා නොකර ගිරයක් ඉනේ ගසා ගෙන යෑම. මෙයින් පෙනී යන්නේ ලෝහය තනිකම් දෝෂ සඳහා ආවරණයක් හැටියට එදා කාන්තා පාර්ශවය යොදාගත් ආකාරය පිළිබඳ තොරතුරු ය.  


බිළිදෙක් නිදිකරවන විට කොට්ටය යටින් යකඩ කෑල්ලක් තැබීම, තනිව මහමග ගමන් කරන විට දෑකැත්තක් රැගෙන යෑම, සුදු යකඩ ආභරණයක් පැළදීම ආදී ක්‍රියාවන් ඉන් සමහරකි.  දෑකැත්තට යකාත් බය යයි විශ්වාසයක් එදා ගැමි ජන සමාජය තුළ මුල් බැස ගෙන තිබිණි. ඒ බව තහවුරු කරන ජන කතා ද පැතිරි තිබුණ බැවින් එහි විශ්වාසනීයත්වය තවදුරටත් තී වු විය. ගිරයට හිමි වී තිබුණේ ද ඊට නො දෙවෙනි තැනකි. එ නිසා ගැමි කාන්තාවෝ ගිරයක් ඉන්නේ ගසා ගෙන බිය සැක ගිරයට පවරා රැපාන වුව ද තනි ව මඟට, බැස ගියෝ ය. ඊට හේතු ව අනාදිමත් කාලයක සිට ලෝහය තනිකම් දෝෂ වලට පිළිසරණක් ය යන විශ්වාසය ගැමි ජන සමාජය තුළ ප්‍රබල අන්දමින් තහවුරු වී තිබී ම යයි නිගමනය කළ හැකි ය.