තම පවුලේ අයට මෙන්ම ඒ පවුල්වලට ගෑවී සිටින පරම්පරාවට උදව් කරමින් සයිප්‍රස් රටේ වසර ගණනක් වෛද්‍යවරයකු ළග සේවය කළ ශ්‍රී ලාංකික තරුණියකට වින කළ ඊර්ෂ්‍යා කළ ඇය විනාශ කිරීමට උත්සාහ කළ සහෝදර පිරිසක් කාලි මෑණියන්ගේ බැමෙන් දඬුවම් ලබා උන්හිටිතැන් අහිමිව රටෙන් පිටමං වීමට පවා සිදු වූ අතීත සිද්ධියක් ගැන කියන්නට මෙවරත් හඬ අවදිකර සිටියේ හලාවත මහා භද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමිය. “මම, මේ කියන කාන්තාව ගම්පහට නුදුරු ප්‍රදේශයක පදිංචි කෙනෙක්. එයාගෙ පවුලේ සහෝදර සහෝදරියන් නව දෙනෙක් හිටියා. ඒ එක් අයෙක්වත් රැකියාවක් කළේ නැහැ. මවුපිය දෙදෙනා රජයේ රැකියා කරල විශ්‍රාමිකවයි හිටියෙ. මේ ගෙදර වැඩිමහලු කාන්තාව දෙවියන්ගෙන් පිළිසරණ පතා දේවාලවල යමින් කාලි කෝවිලට එමින් ඒ අයගෙ පවුලේ දියුණුවට සහන සලසන්නැයි කාලි මෑණියන් අයැද සිටි හොඳ කාන්තාවක්. විශ්‍රාමික මවුපියන් නිතරම කල්පනා කළේ මහගෙදර තනිවන වයසට යමින් සිටින දූවරුන්ගේ අනාගත අත්වැල අල්ලා දෙන විදිය ගැන. මේ විදියට කල්පනා කරමින් සිටියදී ඒ පවුලේ වැඩිමහලු දියණිය ඒ ප්‍රදේශයේ දේශපාලනඥයන් කීප දෙනකුගේ හොඳ හිත දිනාගෙන ඒ අයගේ දේශපාලන කටයුතුවලට උදව් කළා. ඒ දේශපාලන ඇසුර නිසා ඒ තරුණියට සමාජයේ උසස් පුද්ගලයගේ ඇසුර ලබාගන්නට හැකි වුණා. ඒ අයගේ ඇසුර නිසා මේ තරුණියට සයිප්‍රස් රටේ යුවළක් පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක හොඳ රැකියාවක් ලබාගන්න හැකි වුණා. ඒ මොකද මේ තරුණිය භාෂා කිහිපයක් පිළිබඳ දැනුම විතරක් නෙවෙයි, උසස් විභාග සමත්වෙලයි හිටියේ. ඒ හැකියාව නිසා මේ තරුණියට ඒ රටේ හොඳම රැකියාවක් ලැබුණා. රැකියා ස්ථානයේ සිටි විදේශික යුවළ මේ තරුණියගේ වැඩ ගැන හොඳට පැහැදිලා ඇයට හොඳ වැටුපකුත් ගෙවා. ටික කලකින් ඇයට ඒ ආයතනයේ ප්‍රධාන ගිණුම් නිලධාරිණිය ලෙස උසස්වීමක්ද ලැබුණා. මෙතැනදි කිවයුතු දෙයක් තියෙනවා. ඒ මොකද ඒ තරුණිය පාසල් යන කාලෙ ඉඳන් එයාගේ ඥාතිවරියක් සමග මාස කිහිපයකට වතාවක් අපේ කාලි කෝවිලට ඇවිත් කාලි මෑණියන්ට පුද පූජා කළා. කාලි මෑණියන් කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කළ තරුණියක්. ඒ විතරක් නෙවෙයි, එයා ඒ ආව හැම විටෙකම එයාගෙ පවුලේ අය ගොඩගන්න හැටි කල්පනා කරමිනුයි හිටියේ. එහෙම ඉන්දැද්දි තමයි ඇයට ඔය සයිප්‍රස් රැකියාව ලැබුණේ. ඒ තරුණිය ඒ රටේ රැකියාවට ගිහින් වසර දෙකක් යන්න කලින් එයාගේ නංගිලා දෙන්නකුටම එහෙ හොඳ රැකියා හොයල දීල එයා ඉන්න බෝඩිම නවාතැන් දුන්නා. එතැනින් එයාගේ උත්සාහය නතර වුණේ නැහැ. එයාගෙ පවුලේ පස් දෙනකුටම එහෙ රැකියා ලබා දුන්නා. මේ ගැන එයාගේ මවුපියන් හරියට සතුටු වුණා. එයාගෙ පියා එයාට කීව්වේ දුවේ නුඹ අපේ පවුල ගොඩගන්න ආව දේවතාවියක් කියල. ඒ රටේ ගණකාධිකාරිනියක බවට පත්වුණු ඒ තරුණිය මාස 6කට වරක් මවුපියන් බලන්න ලංකාවට ආව ගියා. ඒ සෑම අවස්ථාවකදිම එයා කාලි කෝවිලට පවුලේ පස්දෙනකුම සයිප්‍රසයට ගිය නිසාම ඒ අයගෙ පවුල බලා සිටිද්දී නොසිතූ අයුරින් දියුණුවට පත්වුණා. පවුලේ මවුපියන් බලාගන්න මෙහෙකරුවන් පවා තියලයි තිබුණේ. මුලින්ම සයිප්‍රසයට ගිය මේ සුරූපී තරුණිය ඒ ආයතනයේ හිටපු එංගලන්තයේ සුදු ජාතිකයකුට පෙම් බැන්දා. ඒ සුදු ජාතිකයා මේ තරුණියට අවංකවම ආදරය කළා. මේ සුදු ජාතික තරුණයා ඇය නොමැතිවම බැරි තැනට ආදර බැදීමක් ඇති වුණා. මේ දෙන්නගෙ සම්බන්ධයට එතැන හිටපු එයාගේ සහෝදරියන් සියලු දෙනාම පාහේ විරුද්ධ වුණා. ඒ සුදු ජාතික තරුණයා සමඟ ආදරයෙන් වෙලී සිටි ශ්‍රී ලාංකික තරුණියගේ සහෝදරියට වුවමනා වුණේ අක්කගෙ ආදර අන්දරය බිඳ දාල මේ විදේශිකයා එයාගෙ සැමියා කරගන්න. සයිප්‍රසය වැනි විදේශ රටක හිටියත් ඒ සහෝදරියන් දෙන්න සුදු ජාතිකයා හිමිකරගන්න සීතල යුද්ධයක් ගෙනගියා. දෙන්නට දෙන්නා ආයතන දෙකක වැඩ කළත් පදිංචි වී හිටියෙ එකම බෝඩිමේ මහල් දෙකක. තහනම් ආදරයකට මුල පුරන්න දගලන තම පෙම්වතියගෙ සහෝදරිය ගැන සියලු විස්තර ඒ සුදු ජාතිකයා දැන හිටිය. එයා වැඩියෙන්ම ආදරය කළේ මුලින් පෙම් කළ ශ්‍රී ලාංකික ගණකාධිකාරිවරියට. සයිප්‍රසයේ පැතිරී ගිය මේ ආදර අන්දරය ලංකාවෙ ඉන්න මේ අයගේ ගම් ප්‍රදේශ දක්වා පැතිරී ගන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර තරුණියගේ නැගණිය එයාට උදව් කළ එක කුස උපන් සහෝදරියට විරුද්ධව නින්දා අපහාස කළා. එවැනි අන්දමේ අපහාසාත්මක ලියුම් ගමේ නෑදෑයන්ට පවා එවා තිබුණා. සයිප්‍රසයේ ඉන්න අනෙක් සහෝදරියන් දෙදෙනාත් විරුද්ධවාදී නැඟණියට එකතුවෙලා මේ තරුණියට හතුරුකම් කළා. ඒ අය ඒ තරුණිය රැකියා කරන තැනට පෙත්සම් යැව්වා. අර සුදු ජාතිකයා සමඟ ඇය කාර්යාලයට එන්නෙ නැතිව යන එන ගමන් බිමන් ගැන පවා දන්වමින් චෝදනා ලිපි කාර්යාලයට යවන්න පටන් ගත්තා. අන්තිමේ සුදු ජාතිකයා සමඟ පෙම්බැඳි අර තරුණියගේ රැකියාව අහිමිවෙලා ඇයට ලංකාවට එන්න සිදුවුණා. ඒ වෙලාවෙ ඇය අර සුදු ජාතිකයාගෙන් සමුගත්තෙ හරිම වේදනාවෙන්. ඒත් සුදු ජාතිකයා ඇයට ඒ සමුගන්නා මොහොතේ කියා තිබුණෙ එයත් රැකියාව අතහැර එංගලන්තයට ගිහින් ඇය කෙසේ හෝ විවාහ කරගන්නා බවයි. ඒ කොහොම වුණත් ඒ තරුණිය සයිප්‍රසයෙන් සමුගන්න පෙර ඒ සුදු ජාතිකයා තානාපති අංශවලටත් දන්වා අවසර අරන් මේ තරුණිය සමග විවාහ ගිවිස ගත්තා. තරුණිය සයිප්‍රසයේ සිට ලංකාවට ඇවිත් මාස කිහිපයක් යන්න පෙර අර සුදු ජාතික සැමියා ලංකාවට ඇවිත් එයාගෙ මවුපියන් හමුවෙලා මේ තරුණිය එංගලන්තයට කැඳවාගෙන ගියා. මේ තරුණිය ලංකාවට ආව වෙලාවේ කෙළින්ම ආවේ මු ත්සරම කාලි කෝවිලට. ඒ ඇවිත් තමන්ට සිදුවුණු කරදරය ගැන කියල කාලි මෑණියන්ගෙන් පිහිට පැතුව විතරක් නෙවෙයි එයාට විරුද්ධව නැගී සිටි සියලු දෙනාටම දඬුවම් දෙන්න කියල කාලි මෑණියන් ඉදිරියෙ පළි ගැහැව්වා. එහෙම කරල තමයි එයා අර සුදු ජාතිකයා සමඟ එංගලන්තයට ගියේ. ඒ තරුණිය කාලි කෝවිලට ඇවිත් ගිහින් දින 21ක් ගත වුණේ නැහැ එයාගෙ ආදරයට හතුරුකම් කළ සයිප්‍රසයේ ඉන්න සහෝදරියන් තුන්දෙනාට කළ පව් පලදෙන්න පටන් ගත්තා. ඒ අය සිටි බෝඩිමේ හිටිය අනෙක් විදේශික කාන්තාවන් සමඟ ඒ අය ආරවුල් ඇතිකරගෙන බෝඩිමෙන් යන්න වුණා. ඒ අය අලුතෙන් ගිය දෙමහල් බෝඩිමේ ඉහළ මාලයේ හිටියේ විදේශික පිරිමි කිහිප දෙනෙක්. එතෙන්දි මැද පෙරදිග සිට සයිප්‍රසයට බර වාහන පදවන්න ඇවිත් හිටිය රියැදුරන් දෙදෙනකු සමග මේ සහෝදරියො දෙන්නා පෙමින් බැඳුණා. ඒ පෙම්වතුන් දෙදෙනා මේ අයට කියල තිබුණෙ ගබඩා භාරකරුවන් ලෙස ඒ අය සේවය කරන බව. ඒ අය අර තරුණියන් දෙදෙනා විවාහ කරගන්නා බවට පොරොන්දු දීලා අඹු සැමියන් ලෙස ජීවත්වීමේ ප්‍රතිඵලය වුණේ ඒ අයට පියවරුන් නැති බබාල දෙනෙක් අරන් ලංකාවට එන්න. ඒ වෙනකොට අර මැදපෙරදිග සිට ඇවිත් සයිප්‍රසයේ රැකියා කළ අරාබි ජාතිකයන් දෙදෙනා ඒ අය අමතක නොකරන බවට පොරොන්දු දීල අලුත් රැකියාවකට අප්‍රිකානු රටකට ගිහින් හිටිය. ඒ ගියාට පස්සේ මේ අය සමඟ තිබුණු සම්බන්ධකම් අතහැර දමා තිබුණා. තමන්ගෙ වැඩිමහලු සහෝදරියට අපහාස කළ සහෝදරියන් දෙදෙනාටම ලංකාවට ආව වෙලාවෙ සිදුවුණේ ඒ අයගෙ ඥාතීන්ගේ නින්දා අපහාසවලට මැදිවෙන්න. අනෙක් සහෝදරියන්ටත් වුණේ වසර දෙකකට පස්සේ සේවා දිගුවක් නොලැබී ආපසු ලංකාවට එන්න. සුදු ජාතිකයා සමඟ එංගලන්තයේ ජීවත්වන වැඩිමහලු සහෝදරිය එරටේ ඉඳන් කාලි මෑණියන්ගේ පුද පූජාවලට එයාගේ සහෝදරයාගේ මාර්ගයෙන් මුදල් එවන්න අමතක කළේ නැහැ. ඒ අය එයාගේ මවුපියන්ටත් හොඳට සැලකුවා. අනුන්ට නින්දා අපහාස කරමින් ඊර්ෂශ්‍ය කරන ඕනෑම අයකුට කාලි මෑණියන්ගේ දඬුවම ස්ථිරයි. ඒක රාවණ රජ සමයේ සිට පැවැත එන සත්‍යයක්.
Comments
Post a Comment