gossiplanka image 1
 

කෙම


කතා නොකර ගොඩ මානෙල් අලයක් ගෙන වංගෙඩියක් මුනින් හරවා අඩස්සිකර හෝරාවකට පමණ පසු ව අඩස්සිය හැර සුදු නූල් පොටවල් හතක් එකට ගෙන එම ගොඩ මානෙල් අලය කතා නො කර ගර්හ අවහිරතාවයට පත් ගැබිණියගේ ඉනේ බඳිනු. නොබෝ වේලාවකින් දරුවා බිහිවේ...


එහි විද්‍යාත්මක පදනම


ගම්පහ අවහිරය අසාධ්‍ය රෝගී තත්වයකි. වේදනාකාරී අවස්ථාවකට මුහුණ පෑමකි. වර්තමානයේ නම් ඒ සඳහා සාර්ථක බටහිර වෛද්‍ය කර්ම ඇති බැවින් බියවීමට කරුණු කාරණා නැත. එහෙත් අතීතයේ එසේ නො වී ය. වර්තමාන යේ තරම්  දියුණු බටහිර වෛද්‍ය කර්ම ව්‍යාප්ත ව නො තිබිණි. එම නිසා දේශීය වෙදකමටත්, ශාන්ති කර්ම හා කෙම් ක්‍රම වලටත් යොමු වීමට සිදුවිය. එ මගින් සාර්ථක ප්‍රතිඵල නො ලැබූවා නොවේ. ඕනෑ තරම් ගැබිණි මව්වරු ජයග්‍රාහී ලෙස දරු ප්‍රසූතිය සිදු කළෝ ය. එම නිසා එ බඳු වෛද්‍යමය ක්‍රමවේධ ආශිර්වාදයක් ම විය.


මෙහි ඉහත සඳහන් වන්නේ එ බඳු ගඟ අවහිරතා දුරුකළ හැකි කෙමකි. මෙම කෙම මගින් කරනු ලබන්නේ ගරි අවහිරතාවයට පත් කාන්තාවක් සංකේතවත් කරමින් ගොඩ මානෙල් අලයක් වංගෙඩියක අඩස්සි කිරීම ය. එම අඩස්සිය හෝරාවක් පමණ තිබෙන්නට හරි. ඉන් පසු ව අඩස්සිය ඉවත් කර ගොඩ මානෙල් අලය නූල් හත් පොටකින් ගැබිණිය ගේ ඉන්නේ බඳිනු ලැබේ. සිංහල  වෛද්‍යක්‍රමයට අනුව ගොඩ මානෙල් ගහ අවහිරයට ගුණදායක ය. එහෙත් බීමට දෙන බෙහෙත් සඳහා ගන්නා බවක් නො පෙනේ. එහි ඖෂධීය ගුණය ලබාගන්නේ ආලේප කිරීමෙන් හෝ ස්පර්ෂ කිරීමෙනි...


ගොඩමානෙල් අලය ගැබිණිය ගේ ඉණ බැදීමෙන් පසු ව එහි ඖෂධීය සාරය ශරීරයට උරාගනී. එය දරු ප්‍රසූතිය පහසු කරවමින් සහනය සලසයි.කතා නො කර එය ඉණ බැඳීමෙන් කෙම නැමති වෛද්‍ය කර්මයට ගෞරවයක් හිමිවේ. ගෞරවය සාර්ථකත්වයට ගැම්මක් වන බැවින් අපේක්ෂා මුදුන් පත්වේ. අනෙක් කාරණය ඒ සඳහා නූල් හත් පොටක් ගැනීම ය. හත යනු අප අතර ප්‍රචලි සුහ මෙන් ම වාසනාවන්ත අංකයකි. ඒ පිළිබඳ ව සිංහල ජන සමාජයේ බලවත් විශ්වාසයක් පවතී. එම විශ්වාසයට අනුව නූල් පොටවල් හතක් භාවිතා කිරීමට පෙළඹී ඇත්තේ නිරුපද්‍රිත ව දරු ප්‍රසූතිය සිදුවිය යුතු  යයි අපේක්ෂා කරමිනි..