gossiplanka image 1
 


කෙම


කතා නො කර මුරුංගා අත්තක් කඩාගෙන, යකඩ ඇණයක් ද ගෙන, මුරුංගා අත්ත රෝගියා ඉදිරිපිට සිටුවා පහත සඳහන් මන්තරය මුරුංගා අත්තටත් යකඩ ඇණයටත් මතුරා උළුවන්සේ ගසනු. දත් කැක්කුම නිවාරණය වේ.


මන්ත්‍රය


ඕ නමෝ පසේ බුදුන් ගේ දත් වෑයා දත හරු. කට හරු. ඒස්වා හාං



එහි විද්‍යාත්මක පදනම


දත් කැක්කුම සඳහා අත්දුටු කෙම් ක්‍රම ගණනාවක් ග්‍රාමිය ජනතාව අතර ප්‍රචලිත ව පවතී. මෙය ද ඉන් එකකි. මෙමඟින් ඔවුන් සුවය ලබා ඇති බව පැවසෙන පුවත් ද විරල නොවේ. . එ මෙන් ම මෙම කෙම එම කෙම් ක්‍රම අතුරෙන් අද්විතීය යයි හැගුණ බැවින් තෝරා ගතිමි.මෙහි විද්‍යාත්මක පදනම කුමක් ද? යන කාරණය පිළිබඳ ව විමසිලිමත් වීමේ දී ඔබට ඒ ගැන කුතුහලයක් ඇති වීමට ද පුළුවන. එම නිසා ඒ ගැන යමක් සඳහන් කිරීම උචිත යයි හැගේ. මුරුංගා පණුරෝග නිවාරණයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එම ඖෂධය අත්තක් හැටියට ගසෙන් වෙන් කොට ලබාගත යුත්තේ කතා නො කර ය. කතා නො කර ගසකින් අත්තක් කැඩීමේ දී එහි පවතින ඖෂධීය ගුණය සුරක්ෂිත වේ.

එම මුරුංගා අත්ත රෝගියා ඉදිරිපිට සිට වූ විට එහි ගුණය ගැන දන්නා ඔහුට එ මගින් දත් කැක්කුම සුව වෙතැයි යන විශ්වාසය ඔහු ගේ සිත තුළ ගොඩ නැගේ. ඊළඟට යකඩ ඇණය ගැන විමසා බලමු. එය ලෝහයෙන් නිර්මිත වස්තුවකි. ලෝහයත් මිනිසාත් අතර ආකර්ෂණීය සම්බන්ධතාවයක් පවතී. එය ද දත් කැක්කුම සුවවීමට ශක්තිය ඉක්බිති මන්තරය ජීවම් කිරීමේ දී රෝගියා ගේ අවධානය ඊට යොමු වෙයි. එය තම දත් කැක්කුම සුවකිරීම සඳහා කරන ක්‍රියාවක් යයි ඔහු සිතන්නට පටන් ගනී.මේ සියල්ල ඒකරාශී වී ක්‍රියාත්මක වෙන විට දත් කැක්කුම කෙමෙන් කෙමෙන් අඩු වෙන්නට පටන් ගනී. සියලු කටයුතු නිම කොට මුරුංගා අත්ත උළුවස්සේ රඳවා යකඩ ඇණය එහි ගසන විට නිකුත් වෙන ශබ්ද තරංග ඍජුව ම එල්ල වෙන්නේ වේදනාව අඩුවෙමින් පවතින දතට ය. එම නිසා යකඩ ඇණය ගැසීමෙන් පසු ව දත් කැක්කුම මුළුමනින් ම නිවාරණය වේ.