එහි විද්‍යාත්මක පදනම
පුහුල් සහ ඔලිඳ කොළ පාචනය සමනය කළ හැකි ඖෂධීය ගුණ සහිත ඔසු දෙකකි. එහෙත් මෙහි ඖෂධීය ගුණය ලබා ගැනීමට කටයුතු කර ඇ ත්තේ බාහිරිනි. ඊට හේතු ව ඔලිද කොළ අභ්‍යන්තර වශයෙන් ඖෂධයක් හැටියට භාවිතා කිරිම කලාතුරකින් පමණක් සිදුකිරීම විය හැක. එ මෙන් ම ඇතැම් ඖෂධ වර්ග අදාළ රෝගයට කොතෙක් ගුණ ගෙන දුන්නත් අභ්‍යන්තර වශයෙන් යොදා නො ගනී. එ බඳු අවස්ථාවල දී ඒවා යොදා ගන්නේ බාහිර වශයෙනි. මෙම කෙම් ප්‍රතිකාරයේ දී ද එම ක්‍රමවේධය ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. ඊට හේතුව කුමක් ද කියා විමසා බැලීමත් ප්‍රයෝජනවත් ය පුහුල් සහ තැඹිලි අභ්‍යන්තර වශයෙන් ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. එහෙත් මෙහි දී එවැන්නක් සිදු නොවේ. ඊට හේතු ව ඔලිද කොළ මෙම කෙම් සඳහා එක්කරන්ගෙන තිබීම විය. හැක. දේශීය වෙදකම තුළ ඖෂධ වර්ග නිසි කළමණාකරණයකින් යුතු ව භාවිතා කිරිමේ ක්‍රමවේබ්ධයක් පවතී. මෙය ද එ වන් ක්‍රියාමාර්ගයක් යයි නිගමනය කිරීමට පුළුවන. ඖෂධ සංයෝගය රෙදි පටියක පොගවා කතා නො කර ගෙළවටා එතීමට කර ඇති නියමය ද සැලකිල්ලට ගත යුත්තකි. කෙමක් කතා නො කර කිරීමේ දී කෙමට ඇති ගෞරවය නිසිලෙස ඉටුවෙනවා පමණක් නොව එය පවිත්‍රතාවයට ද ඉවහල් වෙන කාරණයක් බව අප මෙහි දී අමතක නො කළ යුතු ය.
ඊළඟට ඖෂධ ද්‍රාවණය පෙඟ වූ රෙදි පටිය තුන් වරක් ගෙළවටා එතීමට නියම කර ඇත්තේ කවර නම් අපේක්ෂාවෙන් ද යන්නත් විමසා බැලිය යුතු ය. සැබවින් ම ඖෂධ දියරයක් පෙඟ වූ රෙදිපටියක් ගෙළ වටා එක් වරක් එතුව හොත් ඇතුළතින් ශරීරයේ ඇති උෂ්ණත්වයටත්, බාහිරින් අවට පරිසරයේ ඇති උෂ්ණත්වයටත් ඉක්මනින් වියළි යෑමට ඉඩ ඇත. එහෙත් එම රෙදි පටිය තුන් වරක් ගෙළවටා එතුව විට ඉහත සඳහන් අයුරු ඇතුළතින් සහ පිටතින් එල්ලවන උෂ්ණත්වයට වියළෙන්නේ නැත. ඖෂධීය තෙතමනය වැඩි කාලයක් රදවා ගැනීමට සමත් වේ. එ විට එම ඖෂධීය සාරය ශරීරයට උරා ගැනීමට පහසුවක් සැලසේ. එසේ වුණ විට රෝගියා සුවපත් වීමට ගත වන කාලය ද අඩු වේ. මෙහි දී මතුකර ගත හැකි සත්‍යය එය යි.
Comments
Post a Comment