දහසකුත් පැතුම් පුරා යුගදිවියට එළැඹෙන අඹුසැමි යුවළකගේ ඊළඟ පැතුම දරු සම්පතයි. මවු පදවිය ලැබගන්නට නොහැකිව වසර ගණන් හදවතින් හඬාවැටෙන ඔවුන් සෑම ගුරුහරුකමක්ම සොයාගොස් අන්තිමේ එන මෙතැන මහා භද්‍රකාලි මෑණියන්ගේ සෙවණයි. ඒ එන සෑම කෙනකුටම කාලි මෑණියන් දරුවකුට මෙන් දහසක් දෑස් විවර කර බලා සෙනෙහස පතුරවන්නේ ඔවුන්ට දරු සෙනෙහස උරුම කරදෙමිනි. එවැනි අන්දමට මවුපදවිය අහිමිව කාලි මෑණියන්ගේ පිහිට පතා පැමිණි පිරිස් පිළිබඳ අතීත කතාවස්තූන් දිගහැර දුන්නේ කාලි කෝවිලේ මහේන්ද්‍ර සාමියි. ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ශ්‍රී ලාංකික තරුණ යුවළක් ඒ දෙදෙනාට වසර 8ක් පමණ ගියත් දරුවන් ලැබුණේ නැහැ. පසුව ඒ දෙදෙනා මෙරටට ඇවිත් දන්නා සෑම තැනකම සාස්තර බලන්නත් ගියා. දරු සම්පත් ලබාදිය හැකි යැයි දැන්වීම් ප්‍රසිද්ධ කරන පුද්ගලයන් වෙත ද ගියා. ඒ අයට මේ රටේ නැවැතී සිටිය හැක්කේ මාස 6යි. දිනක් ඔවුන් දෙදෙනා කොළඹ සාප්පු සවාරියක ගිය වෙලාවක හමුවුණු පැරැණි මිතුරියක් ඔවුන්ගෙන් දැන් දරුවො කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවේ සතුටුදායක පිළිතුරක් කලකින් හමුවුණ යෙහෙළියගෙන් ලැබෙයි කියලා. ඒත් ඒ වෙනුවට යෙහෙළියගේ දෑස කඳුළින් පිරී ගියා. ඒ දෙඇසට කඳුළු එක්වුණේ ඇයි දැයි ඇය කලකින් හමුවුණු මිතුරියට කීවේ සැමියා ද දුක්බරව බිම බලාගෙන සිටිය දී. මෙල්බර්න් නුවර සිටි පැමිණ අඹු සැමි යුවළට රටින් පිටවී යෑමට තවත් ඉතිරි වී තිබුණේ සති දෙකක් වැනි කාලයක්. ඒත් බලාපොරොත්තු තැබිය හැකි පිළිතුරක් මෙරට සිටින යෙහෙළියගෙන් ඇයට ලැබුණා. ඒ කාලි මෑණියන්ගේ ඓශ්චරිය, බලමහිමය ගැන. ඔවුන් දෙපොළ කාලි කෝවිල වෙත ගොස් මහේන්ද්‍ර සාමි ඉදිරියේ නොනිමි ආශාවෙන් බලාපොරොත්තුවෙන් සිටින දරු සම්පත අහිමිවීම ගැන දුක කීවා. දරු සම්පතක් ලැබුණොත් මෑණියටත් රිදී පැහැයෙන් සංකේතවත් තොටිල්ලක්, ළදරු රූපයක් සහ පොල් පැළයක් පූජාකර එම දරුවා කාලි මෑණියන්ට භාරකරන බවට ද ඔවුන් දෙදෙනා කාලි මෑණියන්ට අයැද බාර වුණා. කාලි මෑණියන්ගේ ආශීර්වාදය මැද ඔවුන් පෙරළා මෙල්බර්න් බලා යන්න ගියා. මේ සියල්ල සිදුවූයේ මීට වසර දෙකකට පෙරය. ඕස්ටේර්ලියාවේ මෙල්බන් නුවර ජීවත් වූ ඒ අඹුසැමි යුවළගේ සිහිනය සැබෑවටම වැඩිකලක් ගතවූයේ නැහැ. දරු සෙනෙහසක් ඉල්ලා හඬා වැටෙමින් සිටි නව යුවළගේ සිතුම් සමුදායට දරු සම්පතක සෙවණැලි වැටෙන්නට වුණා.වසර අටක් තිස්සේ අහිමි වී තිබූ දරු සම්පත ඈත දුර රටක දී එළිදකින දිනයේ ඔවුන් දෙදෙනාගේ සතුට උතුරා යන්නට ඇති. කුලුඳුල් දැරියට මාස 6ක් ගතවෙද්දී ඒ අඹුසැමි යුවළ යළි ලංකාවට ආවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරටට ආ සැණීන් කුලුඳුල් දැරිය ද ඥාතීන් ද සමඟ ඔවුන් කාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි ඉදිරියේ පෙනී සිටියේ සතුටු කඳුළු වගුරවමින්. එදා සෙනසුරාදා දිනයේ ඔවුන් දැන් ඒ බාරය ඔප්පු කිරීමට සූදානම්. රිදියෙන් සංකේතවත් ලෙස තැනූ දැරියකගේ රුවක්, රිදී තොටිල්ලක්, පොල්පැළ දෙකක් සහ පූජා වට්ටියක් ද බිලිඳු දැරිය ද සමග ඔවුහු කාලි මෑණියන් ඉදිරියට ගියා. කාලි කෝවිලේ සීනු හඬට ද සිහින් හඬින් හෝ හැඬුම්බර බවක් බිලිඳාගේ මුවින් පිටනොවුණු බවයි මහේන්ද්‍ර සාමි පැවැසුවේ. ඇය සිය බිලිඳු දැරිය මහේන්ද්‍ර සාමි අත තබා දැරිය මෑණියන් ඉදිරියේ වෙන්දේසි කළා. ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි. ඥාතීන් පිරිස ද සමග එම බිලිඳා රුපියල් 2000කට වෙන්දේසි වුණා. ඒ අයුරින් බාරය නිදහස් කරමින් එම මුදලට මෑණියන්ගෙන් බිලිඳා භාරගත්තේ ද ඒ අඹුසැමි යුවළමය. කාලි මෑණියන් ඉදිරියේ දී බිලිඳන් වෙන්දේසි වන්නේ ඒ අයුරින්. බාර හාර නිදහස්වන්නේ ද ඒ අයුරින්. කාලි මෑණි සෑම දෙනාටම එකවගේ පිහිට වෙනවා. දරු සම්පත් නැති අයට පමණක් නොවෙයි, විවිධ රෝගාබාධයන්ගෙන් දුක් විඳින අයටත් දුක් විඳින දරුවන්ටත් කාලි මෑණියන්ගේ පිහිට අප්‍රමාණ, අනන්තයි. දිනක් මාරවිල පැත්තේ අන්‍යාගමික පවුලක අවුරුදු 8ක විතර දැරියක් නිතර නිතර අපස්මාරයට සමාන රෝගයකින් විටින් විට ඇදවැටී දුක් විඳිනවා. ඒ දැරිය ගිය වසරේ මැද භාගයේ ඇයගේ මව සහ පියා සමග මහේන්ද්‍ර සාමි හමු වී දරුවාගේ රෝගි තත්ත්වය ගැන පවසා මෑණියන්ගේ පිහිට පැතුවා ඒ අය බාර වී ගියා. පසුගිය සති දෙකකට පෙර සෙනසුරාදා දිනක කාලි මෑණියන් ඉදිරියේ පූජාවක් ද අත දරාගෙන පෙනී සිටින විට අර රෝගීව සිටි දැරියගේ පැහැපත් බව සහ නිරෝගිකම මැනවින් කැපී පෙනුණා. ඒ කතාව කීවේ මහේන්ද්‍ර සාමියි. දැන් ඇයට සුවයි. පාසල් දිවියත් හරිමඟට ඇවිදින්. එදා සිට මේ දක්වා සතියකට වරක් ඔවුන් මෑණියන් හමුවට එනවා. තමන් සත්‍යවාදී නම් කාලි මෑණියන් සැමදා ඔබ සමගයි යන්න මහේන්ද්‍ර සාමි නිතර කියන දෙයක්. තමන්ගේ වරද සඟවා අනුන් මට හතුරුකම් කරනවා. මෑණීයන් පිහිටවන්න කීවාම කවදාවත් මෑණියන්ගේ පිහිට ලබාගන්න බැහැ. මෑණියන් ඉදිරියට එන හොර බොරුකාරයො සියලු දෙනා කාලි මෑණියන්ගේ දිවැසට පේනවා. ඒකම තමයි මෑණියන්ට ඇස් දහසක් ලබා දී තිබෙන්නේ. යාපනයේ පදිංචි දැනට පල්ලම ප්‍රදේශයේ උසස් තනතුරක් දරන නිලධාරියකු ද සිය බිරිය සමඟ කාලි මෑණියන්ගේ පිහිට පතා කාලි කෝවිලට ගොඩවැදුණේ වසර 7ක් තිස්සේ දරු සම්පතක් නොමැතිව හදවතින් හඬා වැටෙමින් මෑණියන් ඉදිරියේ දුක කියන්න. ඔහු හා ඇය ආ ඒ දිනය කාලි මෑණියන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන පූජා සහ දානමය පින්කමක් පැවැත්වෙන අවස්ථාවක්. හින්දු භක්තිකයකු වූ එම නිලධාරියා මෑණියන් කෙරෙහි විශ්වාසය තබා මෑණියන් ඉදිරියේ දණින් වැටී දරු සම්පතක් ලබාදෙන ලෙස අයැද සිටියා. එදින මෑණියන්ට බාර වී මෑණියන් වෙනුවෙන් දුන් දානයට ද එම අඹුසැමි යුවළ සහභාගි වී දානය ද ලබාගෙන ආපසු පැමිණියේ අපරිමිත සතුටකින්. එම වසර අවසාන වීමට පෙර ඔවුන් පැතූ අන්දමට වසර 7ක් තිස්සේ නොලැබුණු දරු සම්පත එම දෙපොළට හිමි වුණා. මෙම සිද්ධිය ද පැවැසුවේ කාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි. පසුව ඔවුන් දෙදෙනා දරුවා සමඟ පැමිණ දරුවා මෑණියන්ට බාර දී මහේන්ද්‍ර සාමි අතින් මෑණියන් ඉදිරියේ වෙන්දේසි වුණා. එමෙ වෙන්දේසියේ දී මවුපියන් එම දරුවා රුපියල් 1000කට මිල දී ගෙන බාර ඔප්පුකොට සාමි ඉදිරියේ ද වැඳ වැටී ගිය අයුරු මහේන්ද්‍ර සාමි අද ද සිහිපත් කරනවා. ඒ අඹුසැමි යුවළ සෑම තුන්මසකට වරක් කාලි මෑණියන් ඉදිරියේ පෙනී සිටින්නේ දෝතින් දරාගත් පූජාවක් පෙරටු කරගෙන.
Comments
Post a Comment