දරු දුක දන්නා අම්මාවරුන් දරුවන් වෙනුවෙන් කාලි මෑණියන් ඉදිරියේ හඩා වැලැසුණු අවස්ථා එමටය . කඳුළින් තෙත් වූ ඒ මෑණිවරුන්ගේ හදවත් තුළට සතුටු කඳුළක් එක්කරන්නට කාලි මෑණියෝ ඇයගේ දහසකුත් දෑත් දිගු කළ අවස්ථා අතීතය තුළ සැඟව ඇත. කාලි මෑණියන්ගේ දැඩි ස්වභාවය ඇය ඉදිරියේ දුකින් හඬන මෑණිවරුන්ට එල්ල නොවන බව හලාවත මහා භද්‍රකාලී කෝවිලේ මහේන්ද්‍ර සාමි පවසයි. දහසකුත් දෑස් අතරින් මවුපියවරුන්ගේ දුක හඳුනා ගන්නා කාලි මෑණියෝ කාලි කෝවිල තුළ සිට පෙනෙන නොපෙනෙන බලවේගයක් බවට පත්වී ඒ දෙස බලා සිට කරන හාස්කම් මෙතෙකැයි කිව නොහැකි බව ද මහේන්ද්‍ර සාමි යළි යළිත් පවසයි. එවැනි අන්දමට කාලි මෑණියන් මවුපියන්ට පිහිට වූ අවස්ථාවක් මා ඉදිරියේ තබන්නට මෙවරත් කටහඬ අවදි කළේ මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමිය. මම, මේ කියන මවුපියන් ගලහ ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් එයාගෙ බාලම පුතා ඉපදිලා මාස හයක් යද්දී හරියට කතා කරන්න බැරි වුණා. ඒ අය පුතාව අරගෙන නුවර පළාතේ වගේම කොළඹ සිටින වෛද්‍යවරුන් ගණනාවක් ළඟට ගියා පුතාව සනීප කරගන්න. ඒ හැම වෛද්‍යවරයෙක්ම කියල තිබුණෙ ඒ පොඩි දරුවට ස්නායු දුර්වල කමක් තියෙනවා කියලයි. එහෙම කියල බෙහෙත් කළාට ඒවායෙන් සුවයක් ලබා ගන්න බැරි වුණා. වචන එකතු කරල වගේ ඒ දරුවට යන්තම් කතා කරන්න පුළුවන් වුණත්, එයාව සම්පූර්ණයෙන් ම සුව කරගන්න මවුපියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පවා කළා. සමහර වෛද්‍යවරු කියල තිබුණේ හදවතේ සිදුරක් තිබෙන සලකුණු තිබෙනව කියල. එහෙම කියල වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කළත් එහෙම දෙයක් තියෙනව කියලා හෙළි වුණේ නැහැ. පස්සේ මේ දරුව අරගෙන ඒ අය සිංහල වෙදමහත්වරු ළගට ගිහින් බෙහෙත් කළා. නමුත් සුවයක් නැහැ. ඒ දරුව කතා කරන්න උත්සාහ කළේ වචන කැඩි කැඩි, ඒ සෑම මොහොතකම ඒ දරුවගෙ මවුපියෝ දෙන්න මැරි මැරී උපදිනව වගේ හදවතින් දුක් වෙනවා. මේ දරුවා පාසලට ඇතුළත් කළත් ළමයින්ගෙන් පවා කොන්වුණා. සමහර අවස්ථාවලට ඒ දරුවට නියම විදියට එයාට අවශ්‍ය දේ සම්පූර්ණයෙන් කියා ගන්න බැරි වුණාම මවුපියන් සමගත් තරහවෙලා ඉන්නවා. එහෙම දවසට ඒ දරුව කෑම බීම පවා ගන්නේ නැතිව කඳුළු සලනවා. පස්සෙ ඒ පවුපියන් දරුව අරගෙන පසුගිය කාලි මංගල්‍යයට මාස කීපයකට කලින් කාලි කෝවිලට ආව.එහෙම ඇවිත් මා සමඟ ඒ අයගෙ පුතාගෙ විස්තර කීවා. මම ඒ දරුව මගේ අතින්ම අල්ලගෙන කාලි කෝවිල්ලේ දොරකඩට කැඳවාගෙන ගියා. ඒ පසු පසින් දරුවාගේ මවුපියන් ඒ අය භක්තියෙන් සකස් කළ පලතුරු පූජාවක් අර ගෙන තමයි කාලි මෑණියන් ඉදිරියේ පෙනී සිටියේ. ඒ වෙලාවෙ දරුවගෙ අසනීපය ගැන කියල මම කාලි මෑණියට දරුවා භාර කළා. ඒ දරුවගේ මවුපියන් අනෙකුත් දෙවිවරුන් වගේම කාලි මෑණියන් අදහන දේව භක්තිකයන්. ඒ අය කාලි මෑණියන් කෙරෙහි ලොකු භක්තියක් තියෙන බව මට පෙනී ගියේ ඒ අය කාලි මෑණියන් දෙස එක ඉරියව්වකින්ම දෑස් විදහාගෙන කඳුළු සලන ආකාරය දැක්කහම. ඒ තරමට ඒ අයගේ තිබුණෙ දරුවගෙ ප්‍රශ්නය ගැන හැගුම්බර වේදනාවක්. එදා ඒ අය මා ළඟටම දරුවා කැඳවාගෙන ආව වෙලාවෙ මම කීවේ දරුවා කඩින් කඩ කතා කළත්, ඒ අයට ඕනෑ දේ අපහසුවෙන් කියනවා විනා මවුපියන් කියන දෙයට උත්තර දෙන්නෙ නැහැ කියල. මම මේ දරුවාව කාලි මෑණියන්ට භාර කළ වෙලාවෙ මෑණියන්ගෙන් ඉල්ලා සිටියේ මේ දරුවාව මාස තුනක් ඇතුළත සුවකර දෙන්න කියල. ඒ අය එදා කාලි මැණියන්ට භාරවෙලා පොල් ගහල කෝවිලෙන් පිටවී ගියේ ලොකු බලාපොරොත්තුවකින්, කාලි මෑණියන් ගැන විශ්වාසයකින්. ඒ අය පිටවෙලා යන්න පෙර මම ඒ අයට කීව්වේ මෑණියන් මාස තුනක් යන්න පෙර පිහිටවෙන එක සත්‍යයි කියල. " එහෙම කියල ගිහින් සති තුනක් යනකොට ඒ දරුවා ටික්කන් ටික හොඳට කතා කරන්න පටන් අරන් තිබුණා. මාස දෙකක් යන්නත් පෙර මවුපියන් සතුටට පත් කරමින් ඒ දරුවා හොඳටම එයාගෙ හඬ අවදි කරමින් කතා කරන්නට වුණා. කාලි මෑණියන්ට බාර වෙලා ගිහිං ටික දවසක දී දරුවා තුළ ඇති වූ වෙනස ගැන ඒ මවු පියන්ට සතුටු කඳුළු හෙළුවා විතරක් නෙවෙයි ඒ අය දරුවාව කැඳවාගෙන පසුගිය කාලි මංගල්‍ය දිනයක කාලි කෝවිලට ආවෙ පලතුරුවලින් පිරිගිය පූජාවකුත් රැගෙන. මීට මාස කීපයකටම පෙර හැඬු කඳුළින් දරුවා සමඟ ආව ඒ මවු පියන් කාලි මෑණියන් ඉදිරියේ පැය කීපයක් රැදී සිටිමින් පූජා ඔප්පු කළේ දරුවා ඉදිරියේ තබාගෙන. ඒ වෙලාවේ මමත් ඒ පූජාවට සහභාගි වෙමින් සිටියෙ. මම කාලි මෑණියන් ඉදිරියෙම ඒ දරුවා සමඟ කතා කළා. මම එහෙම කළේ කාලි මෑණියන්ගේ හාස්කම් අනිත් අයටත් පෙන්වන්න. වසර ගණනක් යන්ත්‍ර - මන්ත්‍රකරුවන් වෛද්‍යවරුන් පසුපස යමින් දරුවාගේ කතාව අවදි කර ගන්නට බැරිව සුසුම් හෙළමින් සිටි ඒ මවු පියන්ට කාල මෑණියන් ඇයගේ දහසකුත් දෑස් යොමා තුන් මාසයක් යෑමට පෙර පිහිටවීම ආශ්චර්යයක්. ඒ ගැන මටත් ඇති වුයේ හරිම සතුටක්. මේ වගේ තවත් වැඩිහිටි අය දරුවන්ගේ අසනීප සුව කරගන්නට කාලි මෑණියන්ගේ පිහිට පැතු අවස්ථා තියෙනවා. ඉන් පසු මහේන්ද්‍ර සාමි යළිත් හඬ අවදි කළේ කාලි මෑණියන් ඉදිරියේ දුකින් හඩා වැටී බලාපොරොත්තු ඉටු වීමෙන් පසු කාලි මෑණියන්ට පිටු පා බාර ඔප්පු නොකළ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයකුට ඒ නිසාම මෑණියන්ගෙන් ලැබුණු දඬුවමක් ගැන පැවැසීමටය. කාලි මෑණියන්ගේ අනුහසින් යම් පැතුමක් ඉටු වුණාම ඒකට කෙළෙහිගුණ සලකන්න මැළිවන මිනිසුන් නිසා කාලි මෑණියන් කෝපවන අවස්ථා තියෙනවා. මේ සිද්ධියත් ඒවගේ දෙයක්. මෑත දී බොහොම අමාරුවෙන් ජීවිතය ජය ගන්නා සුළු පරිමාණයේ ව්‍යාපාරිකයෙක් අමතක කරල තිබුණු බාර ඔප්පු කරන්න මෙතැනට ආවෙ තුවාල පිටින්. මම මේ කියන ව්‍යාපාරිකයා එයාගෙ කියල කෙසෙල් පලතුරු වගා කරල සත්ව ගොවිපොළක් දමාගෙන සිටි අයෙක්. එයා පදිංචිවෙලා හිටියේ දිවුලපිටියට නුදුරු ගම් ප්‍රදේශයක. මු කඩයක් දමාගෙන සිටි අයෙක්. කාලි මෑණියන් වසර ගණනක් අදහන තරුණයෙක් හිටිය. එයා මේ ව්‍යාපාරිකයාගෙ යහළුවෙක්. එයා එක්ක මේ ව්‍යාපාරිකයත් කාලි කෝවිලට ආ ගිය අයෙක්. එහෙම ආව වෙලාවක ඒ ව්‍යාපාරික තරුණයා එයාගේ දියුණුවට කාලි මෑණියන්ගේ පිහිට පතා සිටියා. එහෙම හිතල මෑණියන්ට බාර වෙලා ගිහින් අවුරුද්දක් ඇතුළත හිටියාට වඩා හොඳ දියුණුවක් ලබාගත්තා. ඒ සතුටට කාලි මෑණියන් සොයා ආ හැමවෙලාවෙම ඒ ව්‍යාපාරිකයා මට කීවේ එයාට හිතේ හැටියට දියුණු වෙන්න මඟ සැලැසුවේ කාලි මෑණියන් කියල. එහෙම කියල ඒ ව්‍යාපාරිකයා එදා කාලි මෑණියන්ට අලුතින් බාරයක් වුණා.යාගෙ ඊළග පැතුම වූයේ සුඛෝපභෝගී වෑන් රියක් ගැනීම. ඒ විතරක් නොවෙයි. ඒක ඉෂ්ට වුණොත් කාලි මෑණියන්ට රනින් කළ සංක්තවත් ත්‍රිශුලයක් පූජා කරනව කිව්වා. එහෙම බාර වෙලා ගිහිං සති කීපයකින් ව්‍යාපාරිකයා සතුව තිබුණු මුදල් ටිකට අමතරව පරම්පරාගත ඉඩමක් විකුණා ලබා ගත් මුදලෙන් කොටසක් ද එයාගෙ අතට ලැබුණා. ඒ මුදල් ද යොදවල එයා වෑන් රියක් මිල දී ගත්තා. ඒ වෑන් රියෙන් විනෝද ගමන් බිමන් ගියත් එය ගත්තායින් පස්සෙ එයා කාලි කෝවිලට ආවෙ නැහැ. බාර ඔප්පු කළෙත් නැහැ. දවසක් ඒ ව්‍යාපාරිකයාගේ හිතවතුන් පිරිසක් සමග කල්පිටියට ගිහිං ආපසු එද්දි බලාපොරොත්තු නොවන අන්දමට හරක් රංචුවක් පාර හරහා පැනල වෑරිය ගවයින්ගේ ඇගේ හැපිලා වාහනයටත් ඇතුළෙ සිටි පිරිසටත් තුවාල වුණා. ඒ වෙලාවෙ වෑන් රියට සිදුවූ අලාභය විශාලයි. පන්සේ මේ ව්‍යාපාරිකයා ඒ වෑන් රිය ගත්ත මුදලටත් වඩා අඩුවෙන් විකුණල ත්‍රිරෝද රථයක් මිල දී අරක්ගෙන තියෙනවා. හරකුන් හැපී සිදුවුණ අනතුර වෙලාවෙ වෑන් රිය ආ වේගයට හරකුන් කීපදෙනකු ම මිය ගිහින් තිබුණා. ත්‍රිරෝද රථය මිල දී ගත්තත් එයාට කාලි කෝවිල අමතක වෙලයි තිබුණේ. ත්‍රිරෝද රථය මිල දී අරන් ඒ ව්‍යාපාරිකයා ගෙදර අයත් සමග නෑදෑ ගෙදරක ගිහින් එද්දී ත්‍රිරෝද රථය පාරෙන් ඉවතට පැනල ගහක හැපිලා ගෙදර අයටයි මෙයාටයි දෙන්නටම තුවාල වුණා. මෙයාගෙ තුවාල බරපතළ නොවුණත් ඒ වෙලාවෙ නම් ඒ ව්‍යාපාරිකයට කාලි මෑණියන් සිහිවුණා. ගෙදර අයට ප්‍රතිකාර ලබා දීල ගෙදර යවල එයත් බෙහෙත් දමාගෙන කෙළින්ම එයා ආවේ කාලි කෝවිලට. ඒ එනකොට එයා කාලි මෑණියන්ට බාර වෙලා තිබුණ රනින් කළ ත්‍රිශුලයක් සමඟ පූජාවක් ද අරන් තමයි ආවෙ. ඒ ඇවිත් කලින් සිදු වූ ප්‍රමාදයට කාලි මෑණියන්ගෙන් සමාව ඉල්ලමින් ඒ ව්‍යාපාරිකයා කාලි මෑණියන් ඉදිරියේ වැඳ වැටුණා.
Comments
Post a Comment