gossiplanka image 1
 


කෙම


මලකඩ කෑව යකඩ ඇණයක් ගෙන නරමුත්‍ර දමා ගලක උරච්චිකර එම දියරය කතා නො කර දෂ්ට මුඛයේ ගානු. ගෝනුසු විෂ නිවාරණය වේ.


එහි විද්‍යාත්මක පදනම


නරමුත්‍ර යනු අපවිත්‍ර දියරයකි. එහි විෂබීජ සහිත ය. බටහිර වෛද්‍යවිද්‍යාව අනුව නම් එය බැහැර කර පිරිසිදු විය යුතු ය. . එහෙත් දේශීය විෂ වෙදකමේ දී නරමුත්‍ර ඖෂධයක් හැටියට භාවිතය ට ගැනේ. එ මගින් සාර්ථක ප්‍රතිඵල ද ලබාගෙන ඇත. මළකඩ කෑ යකඩ ඇණය ද එසේම ය. පොළව ආශ්‍රිතව තිබිණි නම් එහි පිට ගැස්ම විෂබීජ තිබිය හැකි බව බටහිර වෛද්‍ය මතයයි. එහෙත් මෙම කෙමට අනුව ගෝනුසු විෂ නැසීම සඳහා නූතන සමාජය නුසුදුසු දෑ හැටියට ප්‍රතික්ෂේෂ්ප කරන නරමුත්‍ර සහ මළ කඩ කෑ යකඩ ඇණ ගෝනුසු විෂ නිවාරණය කිරීම සඳහා උපයෝගී කර ගනී. එ පමණක් නොව මෙම අහිතකර යයි සළකන දෑ උපයෝගී කර ගෙන ගෝනුසු විෂ නිවාරණය කළ අවස්ථා ගැන ද කොතෙකුත් අසන්න ට ලැබේ. එසේනම් පවත්නා විශ්මයජනක හාස්කම කුමක් ද ඒ පිළිබඳ ව අප ගේ අවධානය යොමු විය යුතු ය. එ මගින් උප කල්පනමය නිගමනයකට එළඹිය හැකි ය. විෂෙන්, විෂ නැසිය හැකි බව අප කොතෙකුත් අසා ඇත. එසේනම් අහිතකර දෙයකින් අහිතකර දෙයක අහිතකර බව නැසිය නො හැකි ද? මුත්‍රා පවිත්‍රකාරකයක් නොවේ. යකඩ ඇණයේ ඇති මළකඩ ද එසේ ය. මේ දෙක එකට එක් වීමෙන් රසායනික ක්‍රියාකාරිත්වයක් සිදුවේ ද? එ වන් ක්‍රියාකාරිත්වයකින් මුත්‍රාවල විෂ ගතිය යකඩ ඇණයේ මළකඩ වලිනුත්, මළකඩවල විෂ ගතිය මුත්‍රාවලිනුත් ශූන්‍ය වී ගෝනුසු විස නැසීමට හැකි ඖෂධීය ගුණයක් උද්දීපනය වන්නේ ද යන අනුමාන සැකය මෙහි දී උපදවා ගැනීමට සිදුවෙයි. එසේ වුවත් නො වූවත් ගෝනුසු විෂනම් මෙම කෙම් ප්‍රතිකාරයේ දී නිවාරණය වෙන බව සැබෑවකි. මෙහි දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ මෙම කතා නො කර කළ යුතු බව සඳහන් වී තිබීම ය. එය ආවාට ගියාට කර ඇති නියමයක් බව නො පෙනේ. එමඟින් ද මෙම කෙම් ප්‍රතිකාරයට කිසියම් ශක්තියක් ලැබෙන බව නිගමනය කිරීමට සිදුවෙයි.