කෙම
හිරමණ තලය වැදී තුවාල වුණ විට කතා නොකර එහි කරමුල තැවරී ඇති ත්තෙල් ආලේප කරනු. තුවාලය ඉක්මනින් සුව වේ.
එහි විද්‍යාත්මක පදනම
හිරමණය මුළුතැන්ගෙට නැතිව ම බැරි උපකරණයකි. එහෙත් ගෘහිණියෝ එය පාවිච්චි කරන්නේ ඉතාමත් පරෙස්සමෙනි. ඒ බැරි වෙලාවත් එහි තලය වැදුණොත් තුවාල වෙන නිසා ය. හිරමණය කොතෙක් ප්‍රයෝජනවත් වුව ද එය නො සැලකිල්ලෙන් පරිහරණය කළහොත් හෝ තැබුවහොත් අනතුරු සිදුවිය හැකි ය. එම නිසා ගෘහණියෝ එයට ගෙයි පොළගා යන නම ආරෝපණය කර ඇත.
ඉඳින් ගෙයි පොළඟා දෂ්ට කළ හොත් ඊට ප්රත්යක්ෂ කෙමක් ද ඔවුන් අතර ප්‍රචලිත ව පවතී. එය වෙන කිසිවක් නොව පොල් ගෑම නිසා හිරමණ තලයේත්, එහි කරමුලත් නැවරෙන තෙල් තුවාලයේ ආලේප කිරීම ය.
මෙහි විද්‍යාත්මක සත්‍යයක් තිබේ ද? සැබවින් ම එය තුවාලය සුව කිරීමට හොඳ ප්‍රතිකාරයක් ද? ඊට "ඔව්” යන පිළිතුර දිය හැකි බව වැඩි දෙනෙකු ගේ මතයයි. තෙල්වලට තුවාල විෂ බීජ වලින් ආරක්ෂා කිරිමේ හැකියාවක් ඇත. එහි ඖෂධීය ගුණයක් ද ඇත. එම නිසා අනාදිමත් කාලයක සිට තුවාලවල සුවය සදහා තෙල් භාවිතය සිදුවෙමින් පවතී. තුවාල සඳහා ම ඖෂධ සංයෝග මුසුකොට නිපදවන තෙල්වර්ග ප්‍රචලිත ව පවතින්නේ ද එ බැවිනි. මෙහි දී හිරමණ තලයේත් එහි කරමුලත් රැදී ඇති තෙල්වල ඇති විශේෂත්වය කුමක් ද කියා අප ගේ අවධානයට ලක් විය යුතු ය. හිරමණය නිකරුනේ කුස්සිය මුල්ලේ තබන උපකරණයක් නොවේ. එය දිනපතාම පාහේ පොගෑම සඳහා භාවිතා කරනු ලැබේ. එම නිසා තලප්පු කරමුලත් තැවරෙන තෙල් නිරන්තරයෙන් අළුත් වේ. එම තෙල්වල නැවුම් බව ද විශේෂ ගුණයකි.
ඊළග ප්රශ්නය හිරමණය වැදී තුවාල වුණවිට හිරමණයේ තැවරුන තෙල් ම ආලේප කරන්නේ ඇයි ද යන්නයි. මුළුතැන් ගෙයි රාක්කයේ බෝතලයෙන් තෙල් ස්වල්පයක් ගෙන යෑමට නොහැකි ද? එහෙත් එ ලෙස නො කරන්නේ කවර නම් හේතුවක් පදනම් කරගෙන ද? ඊට හේතු ව හිරමණ තලය වැදුණ සැණින් වැඩි වෙහෙසක් නො දරා එ සැනින් එහි ඇති තෙල් ස්වල්පයක් ආලේප කිරිම වඩාත් පහසු නිසා මෙම කෙම හඳුන්වා දී ඇතුවාට කිසි ම සැකයක් නැත. කතා නො කර එම ප්‍රතිකාරය කිරීමේ දී කම සඳහා චිතමය විශ්වාසයක් ගොඩ නැගීමත්, කෙම කෙරෙහි ගෞරවයක් ඇතිවීමත්, තුවාලය ඉක්මනින් සුව කළ හැකි මානසික ශක්තියක් ගොඩනැගීමත් නිරායාසයෙන් සිදු වේ.
Comments
Post a Comment