කෙම
පහත සඳහන් කෙටි මන්තරය තුන් වරක් මතුරා උළුවස්සට තුන්වරක් තට්ටු කරනු. ඇගිල්ලෙන් පොළව අතගානු. රෝගියා ළගට යනු. ඉරුවාරදය සනීපදැයි අසනු. ඔහු ගේ නළලට ඇගිල්ලෙන් තට්ටු කරනු. ඉරුවා රදේ සුව වේ.
මන්ත්‍රය
මං ඉරුවා රදේ බූම රදේ පසේ බුදුන්ගේ හක්කට බසීවා!
එහි විද්‍යාත්මක පදනම
ශබ්ද ශාස්ත්‍රයත් ගුප්ත බලයත් පදනම් කරගත් මෙම කෙම ක්‍රියාවට නැංවීමේ දී ගුප්ත බලය ඍජු ව ක්‍රියාත්මක වෙන බව පැහැදිලි ය. එ මෙන් ම ප්‍රතිකාරය සඳහා යොමු වෙන පුද්ගලයා ගේ සිත කෙම හරහා කරනු ලබන ක්‍රියාකාරකම් ප්‍රතිකාරය කෙරෙහි ප්‍රබල විශ්වාසයක් ගොඩ නැගීමට ද සමත් වෙයි. එය සුවයට දක්වන දායකත්වය මහත් ය. උළුවස්සට තට්ටු කිරීම, පොළව අත ගෑම සුවය ගැන විමසීම, නළලට තට්ටු කිරීම රෝගියා ගේ සිත ආගන්තුක සිතිවිල්ලකට යොමු කරනු ලැබේ. එ මගින් ඇතිවෙන කුතුහලය රෝගයේ වේදනාවට වඩා කෙම කෙරෙහි යොමු කිරීමට සමත් වෙයි. එම චිත්ත භාවය වේදනාව දැනවීමේ සියුම් ස්නායු අක්‍රිය කිරීමට ප්‍රබල දායකත්වයක් සපයයි. එය වේදනා නාශකයක් ගත්විට ඇති වෙන සහනය හා සමාන ය. කායික වේදනාවක් ඇති විටෙක ඊට යොමු වී ඇති අවධානය වෙනතකට යොමු වුණ විට ඉහත සඳහන් වේදනාව අමතක වී යෑම සාමාන්‍ය දෙයකි. මෙහි දී සිදුවන්නේ ද ඒ හා සමාන ක්‍රියාවක් යයි විශ්වාස කළ හැකි ය.
ඉහත සඳහන් ගුප්ත බලය ඇති කරන සුවය පිළිබඳ විශ්වාසයත්, වේදනාව කෙරෙහි ඇති අවධානය වෙනතකට යොමුවීමත් ආදී කරුණු කාරණා රෝගියා සුවය කරා යොමු කිරීමට ඉවහල් වෙයි. මේ අයුරින් වේදනාව පළා යෑමත් සමග එම වේදනාවට පාදක වුණ සාධක ද පළා යයි. එම නිසා රෝගියා වේදනාවකින් තොර තත්වයකට පත් වෙන්නේ මෙම පිළිබඳ ව සණ විශ්වාසයක් ගොඩ නගාගෙන ය. එම විශ්වාසය මත ඇති වෙන චිත්ත ශක්තිය පවතින තාක් කල් යළි ඉරුවාරදය ඇතිවීමට ඉඩක් ඇති නොවේ.
Comments
Post a Comment