කෙම
කිහිල්ලේ උජාරුකාවක් සැදුණ විට කතා නොකර පොල් කටුවකට ගිනි අගුරු දමා මිය ගිය මකුළුවන් ගේ සුඹුළු දමා උදේ සවස දුම් අල්ලනු. උජාරුකා සුව වේ.
එහි විද්‍යාත්මක පදනම
උජාරුකා යනු කිහිල්ලේ සෑදෙන විෂප්පු විශේෂයකි. සෑදුණ විට වේදනාවෙන් යුක්ත ය. අත පහත් කිරීම පවා අසීරු වේ. මෙ ලෙස උජාරුකාවක් සෑදුණ විට පිළිවෙලින් එ වන් විෂ හතක් සෑදෙන බව වැඩිදෙනෙකු ගේ විශ්වාසය යි. එය සැබෑවක් බවට පත්වුණ අවස්ථා ද විරල නොවේ. උජාරුකා සුව කිරීම සඳහා නොයෙකුත් ප්‍රතිකාර විධි සිංහල වෛද්‍ය ක්‍රමය තුළ පවතී. ඒවා අතර කෙම් ක්‍රම වලට විශේෂ තැනක් හිමි වේ. එම නිසා කෙම් ක්‍රම වලට නැඹුරු වෙන අය ගම්බද පළාත්වල වඩාත් දැකිය හැකි ය. මෙහි දක්වා ඇත්තේ උජාරුකා සුවකිරිම සඳහා වඩාත් ගුණදායක යයි වැඩිදෙනෙක් විශ්වාස කරන කෙමකි.
වේලා කොළ අහුරක් සූරා කිහිල්ලේ තබාගෙන සිටීම තවත් කෙමකි. මෙහි ඉදිරිපත් කොට ඇති මෙමට වඩා වේලා කොළ කම තරමක් අසීරු ය. ඒ අන් කරුණක් නිසා නොව එ ලෙස වේලා කොළ තබා අත පහත් කරගෙන සිටින විට ඉවසිය නො හැකි වේදනාවක් දැනෙන බැවිනි. දැන් අපි මකුළු දුම් ඇල්ලීමේ කෙම පිළිබඳ ව විමසා බලමු. මෙම කම සඳහා මිය ගිය මකුළුවන් සොයා ගත යුතු ය. එය අපහසු කාර්යයක් නොවේ. මකුළු නිවෙස් තුළ ජීවත් වෙන කුඩා සතෙක් වන බැවිනි. මකුළු දැල් බැඳ ඇති ඕනෑම නිවසක මකුළු සුඹුළු දැකිය හැකි ය. එම සුඹුළු ලුණු වලින් ඉවත් වෙන වියළි පොතු මෙන් සැහැල්ලු ය. සුළඟට එහා මෙහා පා වෙමින් තිබෙන අයුරු දැකිය හැකි ය. මෙම කෙම සඳහා භාවිතා කළ යුත්තේ එම මකුළු සුඹුළු ය.
ප්‍රථමයෙන් මකුළු සුඹුළු අවශ්‍ය තරම් එක් රැස් කර ගන්න. ඊළඟට පොල් කටුවකට ගිනි අගුරු දමා යට කී මකුළු සුඹුළු දමා උජාරුකාවට දුම් අල්ලන්න. කෙමක් වන බැවින් කතා නො කර කළ යුතු ය. මෙහි දී සිදුවන්නේ උජාරුකා සුවකළ හැකි ඖෂධීය ගුණයෙන් යුක්ත දුම උජාරුකාවවට වැදීම ය. එ විට උජාරුකාව එම ඖෂධීය ගුණය උරා ගනී. එය උජාරුකා ව සුවපත් කිරිමට සමත් ඖෂධීය ශක්තියකි. කෙමක් හැටියට කතා නො කර කරන බැවින් එහි ඇති බලය හා ගුණය තවදුරටත් තීව්ර වේ.
Comments
Post a Comment