කෙම
උගුරේ කටුවක් ඇනුණ විට උණු බත් වලින් ගුලි තුනක් සාදා පහත සඳහන් කෙටි මන්තරයෙන් 108 වරක් මතුරා කතා නො කර ගිලීමෙන් එම කටුව ගැලවිය හැක.
මන්ත්‍රය
ඕං නමෝ නාතේස්වා හා:
එහි විද්‍යාත්මක පදනම
අපරික්ෂාකාරී ලෙස ආහාර ගැනීමේ දී කුඩා මාලු, කරවල ආදියේ කටු උගුරේ ඇනීම සිදුවේ. හුරුල්ලා, සාලයා, කාරල්ලා, කටුවල්ලා, හාල් මැස්සා ආහාරයට ගැනීමේ දී වඩාත් මෙම ආපදාව සිදුවේ. සමහර විට හාල් මැස්සෙකු ගේ කටුවක් වුව ද උගුරේ ඇනුණ විට මහත් අපහසුවක් ඇති වේ. එය වඩාත් යටට ඇනුණ හොත් වේදනාවක් දැනීමට ද පුළුවන. එ වන් අපදාවක් ඇතිවුණ විට භාවිතා කළ හැකි මෙම කෙම කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි බව පැහැදිලි ය. තව ද මෙය අප්‍රකට කෙමක් නො වන බැවින් එ වන අපදාවකට ඔබ ද පත් වී මෙම කෙම භාවිතා කොට සුවය ලබා තිබෙන්නට පුළුවන.කෙමට සම්බන්ධ මන්ත්‍රය ගැන විග්‍රහයක් කිරීම අවශ්‍ය නොවේ. කෙම් ක්‍රම හා බැඳී ඇති මන්ත්‍ර ගැන විග්‍රහයක් මෙහි විටින් විට කර ඇති බැවිනි. හිරවෙන්නට ගුලිකරන ලද බත් ගුලියක් ගිලින විට උගුරේ ඇනුණ සියුම් කටුවක් ගැල වී යෑමට ඇති ඉඩකඩ පුළුල් ය. බත් ගුලි උණුසුම් බැවින් කටුව බුරුල් කිරීමට සපයන දායකත්වය ද මහත් ය.
මේ සඳහා බත්ගුලි තුනක් ම භාවිතා කරන්නේ කුමක් නිසා ද යන කාරණයත් මෙහි දී සළකා බැලිය යුතු ය. පළවන බත් ගුලිය ගිලීමේ දී කටුව මදක් බුරුල් වේ. එ ලෙස බුරුල් වුණ කටුව දෙවන බත් ගුලිය ගිලීමේ දී මඳක් උඩට ඇදේ. තුන්වන බත් ගුලිය ගිලීමේ දී කටුව මුළුමනින් ම ගැල වී බැහැර වී යනු ඇතැයි විශ්වාස කළ හැකි ය. ඊළගට කතා නො කර බත් ගුලි ගිලිය යුත්තේ කුමක් නිසා ද යන්නත් විමසා බැලිය යුතු ය. එලෙස මෙම විසින් නියමයක් පනවා ඇත්තේ, මෙම කෙම් ප්‍රතිකාරයේ දී අතිරේක ආසාදනයකට පත් වීම වළකාලීම සඳහා ය. එය තවදුරටත් විස්තර කළ හැක. කතා කර කර බත් ගුලි ගිලීමේ දී පිට උගුරේ යෑමට ද පුළුවන. පැරණි සිංහල ජන සමාජයේ මුල් බැස ගෙන තිබුණ නිහඬව ආහාර ගැනීමේ පිළිවෙතින් ඒ බව තවදුරටත් තහවුරු වේ. අනෙක් කාරණය වන්නේ බත් ගුලි ගිලීමේ දී කතාවට යොමු වීමෙන් කරන ප්‍රතිකාරයට වඩා කතාවට අවධානය යොමුවන බැවින් එය නිසියාකාර ව සිදු නො වීමට ද පුළුවන. එහි ප්‍රතිඵල සතුටුදායක විය නොහැකි ය. එ බැවින් කතා නො කරම බත් ගුලි ගිලිය යුතු යයි කෙම මඟින් නියමයක් පනවා ඇත.
Comments
Post a Comment