gossiplanka image 1
 


නවදැලි හේන - අලුතින් ගිනිලා වපුරන හේන

අත්දඩුවා හේන - අත් දණ්ඩක් තරම් ගස් කපා වපුරන හේන

හේන් කනත්ත - නිසරු හේන / කන්න කීපයක් වගාකර ඉවත දමා තිබෙන හේන් විශේෂයන්

ඉරවැල්ල - එකදිගට දික් අතට හේන් වැපිරීම

මුල්කැටා හේන - කරත්ත රෝදයක් මෙන් වටේටෙ සිටින ලෙස එහි ඇතුළත කොටස් ගොවීන් වෙත වෙන් කරගෙන

වපුරන හේන්

හෝලි මූකලාන - ඝන වනාන්තරය

මඩතාවලු හේන - වැවේ මඩ තාවල්ලේ වපුරන හේන

මූකලාන - මේරූ ගස් සහිත කැලෑව

හේන් ගෙවදීම - හේන් කෙටීම

හේන් පුරනවා -  කැලෑ කපා හේන් වැපිරීමට කටයුතු පිළියෙල කිරීම

මාරං කෙටීම - හේන් එළිකිරීමට පෙර හේන්නේ මග මායිම් සලකුණු කිරීම

ඔන්ත දෙනවා - හේන් කොටන විට සම්මතයන් බින්ද පසුව කිසියම් දඩයකට යටත් කිරීම

වාංහං /වාංපතුල් - හේන් කොටන විට කකුලේ කටු ඇනෙන හෙයින් නූතන සෙරෙප්පු මෙන් ගෝන හෝ මුව හම්වලින් තනාගත් මෙවලමක්

කැතිබෙරය -කැති තලය ලී මිටට සවිකරන ස්ථානයේ ලීයේ ආරක්ෂක්ෂාවට පිටතින් යොදන යකඩ විල්ලයි

හේන් එළිකිරීමට පෙර හේන්නේ මග මායිම් සලකුණු කිරීම

පොං කිරිම - හේන් ගිනිලෑමට පහසුවන ලෙස ගස් අතු හා කඳන් කොටස්වලට කැපීමයි.

මැල පිස්සීම - හේන් ගිනිතැබූ පසුව ඉතිරි වූ කුඩා කොටස් එකතුකර ගිනිලෑම

මීමිනිකුරය - මීමින්නාගේ කුරය මෙන් හැඳින් යටට හා දෙපසින් උසට හිටින ලෙස හේනේ ගස් කැපුම් රටාව

හාකනට කපනවා - කුඩාගස් එක පෙත්තට කපා දැමීම

හිරිකණු - ගිනිලෑ පසුව හේනේ ඉතිරිවන ගස්වල මුල් කොටස්

දඬුවැට - හේන් වැට වටා දඬු හෙවත් ලී යොදාගෙන බඳින වැට

දඹුවැට - අලි පැමිණෙන විට එය වැළැක්වීමට හේනේ විශාල කොටන් ගොඩගසා තනන වැටයි

ගදැල්ලකරුව -  හේනේ ඉතිරිවන කුඩා කොටස් එකතුකර ගැනීමට ලී කරුතුනක් හෝ හතරක් සහිතව තබාගන්නා රිට

ගැදැල්ල ගහනවා - ගැදැල්ලකරුව ආධාරයෙන් අතුගෑම නැතිනම් රොඩු රාහි කිරීම

කුරහන් පයියන් - කුරහං පොතු හෝ දහයියා

ලීමා - මෑකරල් වර්ගයක්

තියඹරා - ලපටි පිපිඤ්ඤා

ගඩාගෙඩි - හේනේ බව බෝග

කට්ටා පැල - බිම තනන පැල

ගස් පැල - ගස් උඩ තනන පැල

ගෝලි ගානවා- ශබ්ද කරනවා

ජෝ ගානවා - හේනේ වදුරන් රිලවුන් එළවා දැමීමට කෑගැසීම

හබක - ගල් හා බර දෑ රඳවා තබා එයට සතුන් හසුකර ගන්නා ඇටවුම

පුස්සා කනවා - පුළුස්සා කෑමට ගන්නවා

පන්නන් කැත්ත - කුරක්කං හෝ තල කපන කැත්තයි

නියඹලාව - හේන් පලා කොළ ජාති හතක් යොදා හදන මැල්ලුමයි