කෙම
සෙනසුරාදා දිනයක අළුයම් කාලයේ දී කපුටා අඩන්නට පෙර කතා නො කර ඔලිඳ වැලක් ළගට ගොස් මුලක් ගලවාගෙන පැමිණ බාලගිරි දෝෂය ඇතැයි සැලකෙන දරුවාගේ ඉනේ බදිනු. බාලගිරි දෝෂය දුරුවේ.
එහි විද්‍යාත්මක පදනම
නිතර දරුවන් හඬන විට අපේ වැඩිහිටියන් ගේ නිගමනය වන්නේ එය බාලගිරි දෝෂය නිසා සිදුවෙන දෙයක් හැටියට ය. එ විට ඔවුහු එම දෝෂය වැලැක්වීමට සඳහා නොයෙකුත් ශාන්ති කර්ම සහ කෙම් පහන් දරුවා ගේ සුවය පතා සිදු කරති. කොට්ටයට යන්ත්‍ර ලියවා පේකර දැමීම, කෙම් කිරීම යනාදිය ඒවා අතර දැකිය හැකි ය. මෙහි සඳහන් වන්නේ ද ඒ හා සමාන බාලගිරි දෝෂය දුරු කළ හැකි ශක්තිමත් විද්‍යාත්මක පදනමක් සහිත කෙම් ක්‍රමයකි. මෙම කෙම ක්‍රියාත්මක කිරිම සඳහා සෙනසුරාදා දිනයක් ම තෝරාගත යුතු ය. සතියේ අන් දවසක කළහොත් එය බලරහිත වේ. සෙනසුරාදා ඒ සඳහා කාලයක් නියම කොට ඇත. ඒ අළුයම් කාලය යි. අළුයම් කාලයේ දී කාක්කා අඩන්නට පෙර ය. ඊට හේතු කාක්කා ඇඬීමත් සමග ම අළුයම් කාලය නිමාවට පත්වන බැවිනි. ඒ වගේ ම කෙම විසින් තෝරා දී ඇති මෙම කාලය අදාළ ක්‍රියාවට ඉතාමත් සුදුසු ය. එසේ සඳහන් කළ හැක්කේ රාත්‍රී කාලයේ සක්‍රියම අවස්ථාව එය වන බැවිනි.
ගස් වැල් නව ජීවයෙන් උද්දාමයට පත් වීමේ උචිතම අවස්ථාව ද එයයි. එය ඖෂධ ශාක වලට ද පොදු ය. එ වන් අවස්ථාවක දී ඖෂධ පැලෑටියකින් ලබාගන්නා ශාක කොටසක පවත්නා ඖෂධීය ගුණය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. මේ අයුරින් ඔලිඳ මුල ගලවා ගැනීමට සුදුසු ම ඵලදායිතාවයෙන් යුක්ත අවස්ථාව මෙම විසින් පෙන්වා දී ඇත. ඊළඟට ඔලිඳ නැමති ඖෂධ ශාකය සතු ඖෂධීය ගුණය ගැන විමසා බලමු. එය නිද්‍රාජනක ගුණය අන්තර්ගත පැළෑටියකි. බාලගිරි දෝෂය වැළඳුණ විට ළමයා කරන්නේ කෑ ගැසීම ය. එය නිරන්තරයෙන් හැම දිනක ම පාහේ අඩුවැඩි වශයෙන් සිදුවේ. කෑ ගසන ළමයා ගේ ඉනේ ඔලිද මුල බැන්ද විට එහි ඇති නිදා ජනත ගුණය ශරිරයට උරාගනී. එ විට ළමයා එහි ගුණයෙන් නිදන්නට පටන් ගනී. මෙහි ඇති විද්‍යාත්මක සත්‍යය එය යි. කතා නොකර කෙම කළ යුතු යයි නියමව ඇත්තේ බොහොමයක් කෙම් ක්‍රම වල දී මෙන් මෙහි දී ද ඊට ගෞරවයක් හැටියට යයි සැළකිය හැකි ය.
Comments
Post a Comment