gossiplanka image 1
 



සිය උත්සාහයෙන් හිස එසවීමට දියුණු වීමට තැත් කරද්දී එවැනි පුද්ගලයන් බිම දැමීමට උත්සාහ දරන පුද්ගලයන්ටද කාලි මෑණියන්ගෙන් කිසිදා සමාවක් නොලැබෙන බව සත්‍යයකි. එවැනි අයකුගේ දුක් අදෝනා කාලි භූමිය තුළ දෝකාර දෙන හඬ කාලි මෑණියන්ගේ දෙසවනට ඇතුළු වීමට වැඩි වේලාවක් ගත නොවන බව හලාවත මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමි පවසයි. එවැනි අන්දමේ දුක්බර සිද්ධීන්වලට මැදිවුණු අම්මාවරුන්ගේ හඬට කන්දී එවැනි මවුවරුන් ඒ දුකින් මුදාගෙන මවුවරුන්ට වින කළ අයට දඬුවම් ලබාදුන් සිද්ධීන් කාලි කෝවිල් ඉතිහාසයට එක්වී ඇත. සැමියා හදිසියේ මිය යෑමෙන් පසු ඔහුගේ දේස්පොළ පාලනය කිරිමට අතගැසූ වැවිලිකරුවකුගේ බිරියක කප්පම්කරුවකුගෙන් මුදාගත් අන්දම ගැන කියැවෙන අතීත සිද්ධියක් ගැන කියන්නට මෙවරද කටහඬ අවදි කළේ හලාවත රම භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමිය. “මම මේ කියන කාන්තාව හගුරන්කෙත ප්‍රදේශයට නුදුරු ගම්මානයක පදිංචි ගම්මුලාදෑනියකුගේ පරපුරකින් පැවැත එන කාන්තාවක්. මේ කාන්තාවද විවාහ වෙලා හිටියෙ එවැනිම පරපුරක විශාල ඉඩකඩම් දේපොළ හිමි පුද්ගලයකු සමඟ. විවාහයෙන් පසුව ලැබුණු දරු දෙදෙනාට හොඳින් ඉගැන්වීම සඳහා ඔවුන් කොළඹ පළාතෙ ජනප්‍රිය පාසලකට ඇතුළු කළේද ඒ මවුපියන් දෙන්නා දැඩි බලාපොරොත්තු ඇතිව. ඒ අයගේ බලාපොරොත්තු තුළ තිබුණෙ පියාගේ වත්කම්වල ඉදිරි වගකීම දරු දෙදෙනාට පැවැරීම මිස වෙන දෙයක් නෙවෙයි. ඒ ඉඩකඩම් වැවිලිකරු අවුරුදු 59දී හදිසියේ මියගියා. ඊට පස්සෙ ඉඩකඩම්වල වගකීමයි දරු දෙදෙනාගේ වගකීමයි පැවැරුණේ මේ වැන්දඹු කාන්තාවට. එයා තම සැමියගෙ ආදායම් පාලනය කරගෙන දරුවන්ට අඩුවක් නොමැතිව වියදම් කරන්ගෙන ඉන්නව දැකල වටපිටාවෙ කාන්තාවන් දෙන්නෙක් ඒ අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කළා. මේ කාන්තාවන් දෙන්නා අල්ලපු ගමේ චණ්ඩියකු බවට ප්‍රසිද්ධ වෙලා හිටිය පුද්ගලයකු සමඟ රහසේ සාකච්ඡා තියල ඒ මිනිහගෙ මාර්ගයෙන් මේ කාන්තාවගෙන් මාස්පතා කප්පම් ඉල්ලල තර්ජනය කරන්නට වුණා. මේ ඉඩම් හිමි කාන්තාවට ඒ තර්ජන ඉවසගන්න බැරි තැන එයා මාස් පතා ඒ මිනිහට කප්පම් මුදලක් දෙන්න එකඟ වුණා. ඇය එහෙම තීරණය කළේ එයාගෙන් දරු දෙදෙනාගෙත් ජීවිතවලට අනතුරක් වෙච්චි කියන බයට. මේ කාන්තාව අර කප්පම්කරු කීව ගිණුම් වලට සල්ලි දාන්න පටන් ගත්තා. නමුත් මේ රහස එයා එයාගෙ මවුපියන්ටවත් කාටවත් හෙළි කළේ නැහැ. ඒ කප්පම්කරය මුදල් ගන්නේ මේ කොන්ත්‍රාත්තුව දුන්න කාන්තාවන්ගේ ගිණුම් වලට බැර කරගෙන. ඒ ගන්න කප්පම් මුදල්වලින් කොටසක් ගියේ මේ කාන්තාවන් දෙන්නට. මේ ඉඩම් හිමි කාන්තාවට වැඩිපුරම ආදායම් ලැබුණේ ඒ පළාතෙම තියෙන එයාට අයිති ඉඩම්වල ගම්මිරිස් සහ කුරුඳු වගාවලින්. මේ කප්පම් සෙල්ලම මාස ගණනක් විතර කරගෙන යද්දි මේ කාන්තාවගෙ දරුවකුට අසනීප වෙලා පෞද්ගලික රෝහලකට ඇතුළු කරන්න සිදුවුණා. ඒ හේතුව මතම ඒ කාන්තාව මාස්පතා කප්පම්කරුට දෙන මුදල අවස්ථා දෙකකදීම දෙන්න ඇයට බැරි වුණා. ඒ සිද්ධියට කේන්ති ගත්ත අර කප්පම්කරුයි එයාට සහය දෙන කාන්තාවන් දෙන්නයි එකතු වී අර කාන්තාවගේ ගම්මිරිස් වගාවටම ගිනි තියල විනාශ කළා. ඒ සිද්ධියත් හරියට සාක්ෂියක් නැති මරණයක් බවට පත්වුණා මිස සැකකරුවකු සොයාගන්න අපහසු වුණා. එහෙම වුණත් මේ කාන්තාව අවිශ්වාස කළේ අර කප්පම්කරු. නමුත් ඇය නිහඬව ඉඳල ඒ දුක ඉවසාගත්තෙ හරිම අමාරුවෙන්. එයා ඒ දුක කීවෙ ගෙදර තියෙන බුදුගෙයි වැඩ සිටින දෙවිවරුන් ඉදිරියේ පමණයි. ඒ කාන්තාව එයාගෙ මියගිය සැමියාගේ මව වන නැන්දණියගෙන් කාලි මෑණියන් ගැන අහල තිබුණ. ඒක නිසාම එයා එයාගෙ බුදු ගෙය තුළ තිබෙන දේව පින්තුරයට අමතරව කාලි මෑණියන්ගේ ඡායාරූපයක්ද ගෙනත් තියාගෙන හඳුන්කූරු දල්වල දිනපතා කාලි මෑණියන්ට ඇගේ දුක පවසා සිටියා. ඔය අතරතුරදි ඒ කාන්තාව පළමුවෙන්ම එයාට වෙලා තියෙන මේ දුක්ඛිත කතාන්දරය එහෙමත් නැත්නම් කප්පම් කතාව ගැන ඇගේ නැන්දණියට කීව. එහෙම කියල ඒ ගැන කාටවත් කියන්න එපා කියල ඇයව පොරොන්දු කරගත්තා. ඒ වුණාට එයාගෙ නැන්දණිය මේ කාන්තාව එක අපේ කාලි කෝවිලට ආවා. එයාගෙ නැන්දණිය අපේ කාලි කෝවිලට ආව ගිය කෙනෙක් වුණත් මේ කාන්තාව මෙහාට ආවෙ පළමු වතාවට. එහෙම ඇවිත් ඒ කාන්තාවට ක රුගෙන් තියෙන කරදරය ගැන කියල කාලි මෑණියන් වැඩ සිටින කුටිය අසල හඩාවැටුණා. පස්සේ ඒ අය ගෙනත් තිබුණු පුද පූජා කාලි මෑණියන්ට කැප කරල මෑණියන්ට දුක කියල ආපසු ගියේ හරිම වේදනාවකින්. කාලි මෑණියන්ට ඒ දුක කියල ඇවිත් මාසයක් යන්න පෙර කාන්තාව සමග ඇස් ඉදිරිපිටම ඒ සියලු දෙනාටම කාලි මෑණියන්ගෙන් දඬුවම් ලැබුණා. ඒ කාන්තාවගෙන් කප්පම් අරගෙන හිටිය මිනිහා වෙනත් පළාතක කප්පම්කරුවකු සමඟ ඇතිවුණ ගැටුමකදී ඒ මිනිහගෙ පිහි පාරකට බිලි වෙලා අවසන් ගමන් ගියා. එයාට අනුබල දුන්න කාන්තාවන් දෙන්නගේ පවුල් ජීවිත කඩාකප්පල් වෙලා දරුවන් පවා ඔවුන් දෙදෙනා නිවෙස්වලින් පන්නා දැමුවා. කප්පම්කරුවකු සමග එකතු වෙලා කාන්තාවකට ගිනි දීල මුදල් අතගෑ කාන්තාවන් දෙන්නට අන්තිමට වුණේ සමාජයේ ගැරහුම් මැද මහමග සිඟාකෑමට. අදටත් ඔවුන් පන්සල්, කෝවිල් අසල ගැවෙසමින් සිගාකනව කියල පිටස්තර ගම්මානවල අය ඇවිත් මේ කාන්තාවට කියල තිබුණා. කොහොම වුණත් මේ කාන්තාව එයාගෙ නැන්දණිය එක්ක කාලි කෝවිලට ඇවිත් එයා කාලි මෑණියන්ට බාර වුණු අන්දමට සියලු දේ ඉෂ්ට කරල ගියා. අනුන්ට වේදනා ගෙන දෙමින් ජීවිත බිය ඇති කරමින් සතුටක් ලැබීමට උත්සාහ දරන කුමන තරාතිරමක පුද්ගලයන්ට හෝ වේවා කාලි මෑණියන්ගේ දඩුවම අනිවාර්යයෙන්ම ලැබෙන බව මේ සිද්ධියෙන් ඔප්පු වෙනවා.