gossiplanka image 1
 



කලි මෑණියන්ගෙන් වරම් ලබාගෙන විවිධ පළාත්වල දේවාල, කෝවිල් තනාගෙන පේන කියමින් දුකට පත් අයට පිහිටවන අදෘශ්‍යමාන ඥාති බලවේග ළං කරගෙන සිටින පුද්ගලයන් කරන කියන දේ ගැන කාලි මෑණියන්ගේ දහසකුත් දෑස් යොමුවීම අනිවාර්යයෙන්ම සිදුවන බව හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍රසාමි පවසයි. තම මියගිය ඥාතියා පවුලේ අයට හොඳක් කර දෙන්නට පවුලේ අයට සමීප වන සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ හොඳ නරක එළියට එන තැන මෙන්ම එළියට ගන්නා තැන මුන්නේස්වරම් කාලි කෝවිලයි. එතැනට රැගෙන එන ඒ අදෘශ්‍යමාන ඥාති බලවේග සමග සිටින ඥාතියා කවුරුන්ද, භූත ආත්මයක්ද ප්‍රේත ආත්මයක්ද, යක්ෂ බලවේගයක්ද යන්න හෙළිවන්නේ මහේන්ද්‍රසාමි වේවැල අතට ගත් විටය. කාලි මෑණියන් වැඩ සිටින කුටිය ඉදිරියට ගිය විට එක් එක් පුද්ගලයාට සිරුර වසා සිටින ඥාති බලවේග කවුරුන්දැයි හෙළි කිරීමට සිදුවනු ඇත. සිරුරට සමීප වී සිටින ඥාති බලවේගය කවුරුන්දැයි ඔවුන් මහ හඩින් හෙළි කරන්නේ කාලි මෑණියන්ගේ බලපෑම මතය. එය සෑම අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හිම කාලි කෝවිල් භූමිය තුළ දක්නට ඇති දර්ශනයකි. මෙහිදී ඇතැමුන්ට වින කරන්නට සමීප වී සිටින යක්ෂයන් පන්නා දමන්ද මහේන්ද්‍ර සාමිය. එවැනි යක්ෂයන් ඔවුන්ගේ සිරුරුවලින් ඉවත්ව යන්නේ ළඟම ඇති බෝධි වෘක්ෂයකට බව මහේන්ද්‍රසාමි පැවැසීය. එවැනි අන්දමට පවුලේ අයට යහපතක් කිරිමට කාන්තාවකට ළංවී සිටි ඥාති බලවේගයකට කාලි වරම ලබාදීමෙන් පසු ඇය ඒ වරම අත්හැර දමා හිතුවක්කාරි ජීවිතයක් ගත කිරීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙස එම පවුලටම විඳින්නට සිදුවූ දුක් කරදර පිළිබඳ අතීත සිද්ධියක් ගැන කියන්නට මෙවරද කටහඬ අවදි කර සිටියේ හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමිය. “මම, මේ කියන කාලි මෑණියන්ගෙන් වරම් ලැබූ කාන්තාව පදිංචිව සිටියේ කුරුණෑගලට නුදුරු ප්‍රදේශයක. එයාගෙ මියගිය ඥාති මිත්තණිය තමයි මේ කාන්තාවට ආරූඪ වෙලා හිටියෙ. එයා මේ කාන්තාවට ජීවතුන් අතර සිටිය දී දක්වපු ආදරය කරුණාව නිසා තමයි එහෙම ළං වී සිටියේ. ඒ බව හෙළිවුණේ ඒ කාන්තාව අපේ කාලි කෝවිලට ඇවිත් දිෂ්ටි වුණු වෙලාවෙදි. ඒ වෙලාවෙ කාලි මෑණියන්ගේ දෑසින් විහිදුණු කරුණාවට මැදිවෙලා එයාට කාලි මෑණියන්ගේ වරමක් ලැබිල තිබුණා. එහෙම වරමක් එයාට ලැබුණෙ අනුන්ට පිහිට වෙන්න. ඒ අයගේ පරම්පරාවේ තවත් ඥාතියෙක් මීට වසර කීපයකට පෙර කාලි වරමෙන් වැඩ කරමින් ඉඳල මිය ගිහින් තිබුණා. ඒ අයගෙ දේවාලයත් අයිතිවෙලා තිබුණේ මේ කාන්තාවට. ඒක නිසා මේ කාන්තාවට එයාගෙ වැඩ කරගෙන යන්න හුඟාක්ම පහසු වුණා. මේ කාන්තාව විවාහකයි. ඇයට දූවරුන්ම තුන් දෙනෙක් හිටියා. ඒ ගැහැනු දරුවන් තුන්දෙනාගේ අනාගතය ගැන හිතලා මේ කාන්තාවගේ සැමියා නිතරම උත්සාහ ගත්තෙ රට රැකියාවකට යන්න. ඒත් ඒකට මේ කාන්තාව විරුද්ධ වුණා. මොකද එයාගෙ සැමියාගේ උදව්වෙන් තමයි ඒ කාන්තාව දේවාලය කරගෙන ගියේ. සැමියා රට ගියොත් දේවාලෙ කටයුතුවලට බාධා ඇතිවන බව ඇය දැන සිටියා. ඒත් ඒ කාන්තාවගේ ඉල්ලීමට කන් නොදී ඇගේ සැමියා මැදපෙරදිග රැකියාවකට ගියා. එයා එහෙ බරවාහන රියැදුරෙක් හැටියට සේවය කරමින් හොඳ වැටුපක් ලබා ගත්තා. ඒ අය හම්බකරන වැටුප ප්‍රමාදයක් නැතිව ගෙදරට එවන්න පුරුදුවෙලයි හිටියේ. ටික දිනක් යද්දී ගෙදරට මුදල් අඩුපාඩුවක් නැති නිසා මේ කාන්තාව කාලි මෑණියන් දුන් වරමෙන් වැඩ ගන්නෙ නැතිව දේවාලය වහල ගෙදරට වෙලා හිටියා. දේවාලයේ කටයුතු අතහැරියා. එහෙම ඉන්න ලැබුණ එයාට ටික දවසයි. මේ කාන්තාව හදිසියේම ලෙඩ වුණා. අංශභාගෙ හැදෙන තරමට අතපය පවා පණ නැති වේගෙන ගියා. එයාගෙ ඥාතීන් මේ කාන්තාව සුව කරගන්න එයාව අරන් නොගිය තැනක් නැහැ. ඒ තරමටම දේශීය, බටහිර වෙදැදුරන් ගණනාවක් ළගට අරන් ගියා. ඒ අයගෙ බෙහෙත්වලට තාවකාලික සුවයක් ලැබුණා. සම්පූර්ණයෙන්ම ලෙඩ සුවවුණේ නැහැ. ඥාතීන්ට කාරණය තේරුම් ගිහින් ඒ අය මේ කාන්තාවට කීවා දේවාලෙ කටයුතු ආයෙත් පටන්ගන්න කියල. ඒ අය කොතෙක් කීවත් මේ කාන්තාව නිහඬව සිටියා මිස දේවාලෙ පැත්තටවත් ගියේ නැහැ.ගෙදර ඉන්න දූවරුන්ගේ වැඩකටයුතු පවා අවුලෙන් අවුලට පත්වුණා. ඒ අයට ගෙන ආ විවාහ මංගල්‍යයන් පවා කඩාකප්පල් වුණා. ගෙදර මේසය මත තියෙන බත්පතට පවා වැලි වැටෙන්න ගත්තා. සමහර අවස්ථාවල කෑම මේසෙට තිබ්බ කෑමවල අඩුවක්ද ඇතිවුණා. මෙහෙ සිදුවන සියල්ල මැදපෙරදිග ඉන්න සැමියාටත් දැනගන්න ලැබුණා. ඔහු මේ කාන්තාවගේ ලෙඩට දුකට වියදම් කරන්නත් සිදුවෙමින් තිබෙන භූත දෝෂවලට පිළියම් වශයෙන් තොවිල් කරන්නත් යහමින් සල්ලි එව්වා. දේවාලය වසා දැමීම ගැන මේ කාන්තාව කෙරෙහි කෝපවෙලා ඉන්න ඥාති බලවේගය ඇයට තව තවත් දුක් දෙන්න පටන් ගත්තා. මේ කාන්තාවටත් ගෙදරටත් වෙමින් තියෙන විනාශය ගැන එයාගෙ ළඟම ඥාති පිරිස රට ඉන්න සැමියාට නිතර නිතර දන්වා යැව්වා. පස්සේ එයාගේ සැමියා රට රැකියාව අතහැර අවුරුදු තුනක් හම්බ කරගත් දේ අරන් ආපසු ලංකාවට ආවා. ඇවිත් වසර තුනක් තිස්සේ වහල දමල තිබුණ දේවාලය ඇරල වැඩ පටන්ගන්න මුල පිරුවා. බිරියගේ සිරුරට ආරූඪ වෙන මියගිය ඥාති බලවේගයට පින් පිණිස පින් දහම් කරන්නට වුණා. පිට පළාත්වල තියෙන ආගමික සිද්ධස්ථානවලට ගිහින් බෝධිපූජා දීලා මියගිය ඥාතියාට පින් දුන්නා. එහෙම කරගෙන යද්දි මේ අයගෙ ගෙදරට තිබුණු කරදර ක්‍රමයෙන් ඉවත්වෙන්න පටන් ගත්තා. මේ කාන්තාවගේ පිහිට පතා එයාගෙ කාලි දේවාලයට එන පිරිසද වැඩිවුණා. එදා ඒ කාන්තාව යළිත් මුල්වරට එයාගෙ කාලි දේවාලයේ වැඩ ආරම්භ කරන්න කලින් අපේ කෝවිලට ඇවිත් කාලි මෑණියන්ගෙන් සමාව අරන් වැඳ වැටිලයි යළි වැඩ ආරම්භ කරන්න ගියේ. ඉන් පස්සෙ පමාවෙමින් තිබුණ දූ දරුවන්ගෙ කටයුතුද පමාවකින් තොරව ඉටු වුණා. වසර තුනක් තිස්සේ ආපස්සට ඇදී ගිහින් තිබුණ පවුලේ දියුණුව යළි පණගැන්වී තිබීම ගැන අසල්වාසීන් පවා සතුටට පත්වුණා. මේ කාන්තාවත් එයාට මිල මුදල් තියෙන කාලෙ ඒ කියන දේවාලය කරන කාලේ ඒ කාන්තාව අසල්වාසීන්ටත් උදව් කරල තිබුණා. කාලි මැණියගෙන් වරම් අරගෙන ඒ වරමට පිටුපාල කටයුතු කරන අයට කාලි මෑණියන්ගෙන් දඬුවම් ලැබෙන එක ඒකාන්තයි. කාලි මෑණියන්ගේ වරම් ආරක්ෂා කරගෙන කටයුතු කරමින් දුකට පත් අයගෙන් ගසා නොකන කාලි වරම් ලාභීන්ගේ දියුණුවටද කාලි මෑණියන් අත දෙන බව මේ කතාවෙන්ම ඔප්පු වෙනවා.