සමාජයේ විසම තැන් මගහැර යන්නට උත්සාහ දරන අයට සැගවී සිට ඒ අයගේ දියුණුවට බාධා කිරීමට උත්සාහ දරන පුද්ගලයන් මිනිසුන් අතරේ කොතෙකුත් ඇත. අසල්වැසියාගේ සිට ඥාතීන් දක්වා විහිද යන ඒ කුහකත්වයට ඊර්ෂ්‍යාවට ආයුෂ කෙටි බව සත්‍යයකි. එය සනාථන ධර්මතාවකි. අනුන්ගේ දියුණුවට බාධක හරස්කර සිතින් රහසේ සතුටු වන මිනිස් සමාජයකට මැදිවී සත්‍ය ජය ගැනීමට උත්සාහ දරන මිනිසාට කාලි මෑණියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබෙන බව මුන්නෙස්වරම කාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි පවසයි. සමාජය තුළ සිටින ඊර්ෂ්‍යාකාරයන්ට වංචාකරුවන්ට කාලි මෑණියන්ගෙන් කිසිදු සමාවක් ද නැත. සොබා දහමට ලැබෙන ශක්තිය කාලි මෑණියන්ගේද ශක්තිය බව කාලි බැතිමතුන්ගේ පිළිගැනීමයි. රාවණ රජසමයේ සිට සමාජයේ විසම තැන්වලට කාලි අවතාරවල බැල්ම විහිදී යන්නේ කුහකකම හිසේ දරාගත් පුද්ගලයන් නිසා අමාරුවේ වැටී හදවතින් කඳුළු සලන පුද්ගලයන් බේරා ගැනීමටයි. අල්ලපු ගෙදර මිනිසාගේ දියුණුවට අකුල් හෙළන පුද්ගලයා නිහඬ කිරීමේ ශක්තිය මෙන්ම අවසානය ළඟා කරදීමේ දඬුවම් මණ්ඩලය ඉන්නේ ද කාලි මෑණියන් ළඟය. එවැනි විසම පුද්ගලයන් කාලි මෑණියන්ගේ අවතාර 14ට මැදිවීමට වැඩි කාලයක්ද ගත නොවේ.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පොලිස් නිලධාරියකු ජීවිතයේ සැදෑ සමය දරුවන් සමඟ සැපවත්ව ගතකිරීමට උත්සාහ දරමින් සිටිය දී ඒ අයගේ දියුණුවට ඊර්ෂ්‍ය කළ අසල්වාසීන් කීප දෙනකු කාලි මෑණියන් මෙල්ලකර ඔවුනට දඬුවම් දුන් ආකාරය කියන්නට මෙවරත් කටහඬ අවදිකර සිටියේ හලාවත භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමියි.මම මේ කියන පොලිස් නිලධාරියා පුත්තලම ප්‍රදේශයට නුදුරු ප්‍රදේශයක පදිංචි විශ්‍රාමික උප පොලිස් පරික්‍ෂකවරයෙක්. ඒ අය විශ්‍රාම යනවිටත් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු අවසන් කර තිබුණේ නැහැ. විශ්‍රාම වැටුපෙන් සියලු ප්‍රශ්න විසඳාගන්න බැරි නිසා ඒ පොලිස් නිලධාරියා නිවෙස අසලම සුළුවෙන් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කළා. කුලියාපිටිය අවට ප්‍රදේශවලින් තොග වශයෙන් පොල් මිලදී ගෙන එයාගෙ ගම්ප්‍රදේශයට ගෙනැවිත් විකුණලා තමයි එයා ළමයින්ට ඉගැනුවේ .
මේ නිලධාරියා පොලිස් සේවයේ සිටියදීත් හොඳ ආගමික පසුබිමක් මත හිඳගෙන අවංකව රාජකාරිය කළ අයෙක්. රාජකාරි කාලයේ මෙය අවනීතියට කදී අතේ ජරාව ගා ගත්ත කෙනෙක් නෙවෙයි.ඒ වගේම මේ පවුලේ අය වසර ගණනක් තිස්සේ කාලි මෑණියන් අදහමින් නිතර නිතර කාලි කෝවිලට ආව අය. ඒ විතරක් නොවෙයි, පෝය දිනවලට ලාභ අලාභ බලන්නෙ නැතිව වෙළෙඳසල වහල පවුලේ සියලු දෙනා එක්ක ගමේ පන්සලට ගිහින් සිල් සමාදන් වුණු කෙනෙක්. අතේ ඇති හැටියට දානමාන දුන්න පවුලක්. ඒ නිසාම ඒ අය කාලි මෑණියන් විතරක් නෙවෙයි ධර්මයෙන්ද ආරක්ෂා කළා. ඒ අය පොලිස් සේවයේ යෙදී සිටියදී ඉහළ නිලධාරින්ගෙන් ආව කැපිලි කෙටිලිවලින් ද බේරුණේ කාලි මෑණියන් නිසා කියල ඒ අය කාලි කෝවිලට ආව දිනවලදී මට කීවා. මේ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ දියුණුව ගැන අසල්වාසීන් තුළ තිබුණෙ පුදුම ඊර්ෂ්‍යාවක්. එයාගෙ දූ දරුවන්ගේ දියුණුවටත් අසල්වාසීන් බාධා කළා. ඒ අයට විවිධ අපහාස උපහාස කළා. ඒ විතරක් නෙවෙයි මේ අයට ඉරිසියා කරන අසල්වාසී ගෙවල් දෙකතුනක අය කල්ලිගැහිල එයාගෙ වෙළෙඳ සලටත් එක් දිනක රාත්‍රි කාලයේ අලාභහානි සිදුකර තිබුණා.
තවත් දිනක ඒ අය මහන්සියෙන් උපයාග ත් මිල මුදලින් මිලදී ගත් බට්ටා වෑන් රථයටත් කළුතෙල් ඉහළ තිබුණා. ඒ ඊර්ෂ්‍යාකාරයන් අතරේ ගමේ චණ්ඩියෙකුත් හිටිය. ඒ මිනිහා මේ අය පොලිසියේ රාජකාරිය කරද්දි මේ අය සමඟ තරමක අමනාපයෙන් සිටි කෙනෙක්. විශ්‍රාමික පොලිස් නිලධාරියා විශ්‍රාම ගියත් එයාගෙ පෙර තිබුණු පොලිස් බලය ගමට පෙන්වන්න ගියේ නැහැ. දින සති මාස ගණන් ගතවෙද්දී ගමෙන් එල්ලවන බලපෑම් නිසා මේ අයට ගම එපාවෙලයි තිබුණේ. ඒත් එයා නිතරම කාලි මෑණියන් සිහිකර ගෙදර තියෙන කාලි මෑණියන්ගේ පින්තූරයකට හඳුන්කූරක් පත්තුකරල එයාගෙ නිදෝෂිභාවය ගැන කාලි මෑණියන් අයැද සිටියා. මේ දරු පවුල දිනක් අපේ කාලි දේවාලයට ආවා. ඒ ඇවිත් එයාගෙන් හෝ දරුවකුගෙන් හෝ කිසිවකුට කරදරයක් නැතිව ජීවත්වන තමාත් බිරියත් දරුවනුත් දෙන්න කියල කාලි මෑණියන් අයැද සිටියා. ඒ විතරක් නෙවෙයි එයා එයාගෙ අවංකකම නිර්දෝෂිකම කියාපාමින් කාලි කෝවිල් බිමේ පොල් ගැහැව්වා. එයාගෙ වාහනයට කළුතෙල් ඉහළ හානි කළ අයට දඬුවම් දෙන්න කියලත් කාලි මෑණියන්ගෙන් ඉල්ලා සිටිය. එහෙම කන්නලව් කරනකොට එයාගෙත් දරුවන්ගෙත් දෑස් කඳුලින් පිරීගොස් තිබුණා. ඒ අය කාලි මෑණියන් අයැද ගිහින් දින 21ක් ගත වුණේ නැහැ.
ගමේ හිටපු චණ්ඩියට ඒ අයගෙ වෙළෙඳ සල ඉදිරිපිටදීම මේ අය බලා සිටිද්දී පොලිසියේ අවිලංගු වැටුණා. ඒ මිනිහා වෙනත් පළාතක ඊට මාස කීපයකට පෙර කළ මංකොල්ලයකට අවශ්‍යව සිටි අයකු බව ගම දැනගත්තෙ එදින. ගමේ චණ්ඩිය පොලිස් ජීප් රථයෙන් බොරැල්ලෙ මහ උළුගෙදර ලෙස සැලැකෙන බන්ධනාගාරයට යද්දී ගමේ එයාට එකතුවෙලාහිටිය ඊර්ෂ්‍යාකාරයන්ගේ බලය බිදී ගියා. ඒ අයගෙත් කල දවස කණපිට පෙරළෙන්න වැඩි දවසක් ගියේ නැහැ. සමහර අයගෙගෙවල් ඇතුළෙ මහ රෑ 12.00ට අදෘශ්‍යමාන ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. මැදියම් රැයේ ගෙවල් වටා කවුදෝ ඇවිදයන ශබ්ද පවා ඇහෙන්න පටන් ගත්තා. සමහරුන්ගෙ ළමයින් රෝගීව රෝහල් ගත කළා. නැති කරදර ඇති වන විට ඒ අයත් ගමේ දේවාල කරා ගිහින් පිහිට පතන්න වුණා. ඒත් මේ අහිංසක පොලිස් පවුලට කළ කී දේවලට ඔවුන්ට ලැබෙමින් තිබෙන දඬුවම් අඩුවක් වුණේ නැහැ. මේ විශ්‍රාමික පොලිස් නිලධාරියාට හිරිහැර කළ ගම්වාසී පවුල් දෙකක අයත් ගේ දොර විකුණල ගමෙන් පිටවී ඔවුන්ගේ ඥාතීන්ගේ ගම් ප්‍රදේශවලට ගියා.
සතුරන් ගමෙන් විසිවී යද්දී මේ විශ්‍රාමික පවුලට ලැබුණේ අපමණ සහනයක්. ඒ පවුලේ සියලු දෙනාගෙම කරදර දුරුකර දන්න කාලි මෑණියන් සොයා ඒ අය සියලු දෙනාම කාලි කෝවිලට ආවෙ මෑණියන්ට පලතුරු පූජාවක් දෝතින් රැගෙන. කළගුණ දන්නා ඒ අයට කාලි මෑණියන්ගේ පිළිසරණ ලැබුණා.
Comments
Post a Comment