gossiplanka image 1
 


දරු ප්‍රසූතියට කල්පිරි ඇතත් දරුවා බිහිකළ නො හැකි ව විලිරුජා විඳින ගැබිණියක ගේ ගර්ග අවහිර දුරුකිරීම සඳහා පාවට්ටා ගසක උතුරු දිශාවට විහිදුණ මුලක් උතුරු දෙසට හැරි ගුරු දිනක ගුරු හෝරාවේ දී ගලවා, එවලේ ගලවා ගත් නාවා පට්ටියකින් කතා නො කර ගැබිණිය ගේ ඉනේ බඳිනු. අවහිරතාවය දුරු වී දරුවා බිහි වේ.


එහි විද්‍යාත්මක පදනම


අද මෙන් බටහිර වෛද්‍ය විද්‍යාකම හා පහසුකම් ව්‍යාප්තව නො තිබුණ අතීතයේ දී මව්වරු දරු ප්‍රසූතිය සිදුකළේ නිවසේදී ම ය. එ කල හැම නිවසක ම පාහේ වැදුම් ගෙය නමින් හැඳින්වුණ දරු ප්‍රසූතිය සඳහා වෙන් කළ කාමරයක් තිබිණි. එහි දී දරු ප්‍රසූතිය සිදු කරවීමේ වගකීම පැවරුනේ ගමේ වින්නඹු මාතාවට ය. වෛද්‍ය ප්‍රතිකාරය සඳහා පෙනී සිටියේ ගමේ වෙද මහතා ය.  දරු ප්‍රසූතිය සාර්ථක ව සිදු කිරිම සඳහා මේ අයුරින් වෙද හෙදකම් පමණක් නොව කෙම් ක්‍රම ද භාවිතා කරන ලදී. මෙහි ඉහත සඳහන් වන්නේ එබඳු කෙමකි.මෙය තරමක් අසීරු කෙමකි. ඊට හේතුව දරු ප්‍රසූතියට නියමිත දිනයට ගැළපෙන අයුරු සකස් කර ගැනීම සඳහා නියමිත දිනය හා හෝරාව යෙදේවිද යන අනුමාන සැකයයි. සමහර විට එසේ වීමට පුළුවන. එසේ නො වුවහොත් කෙම කිරීම අසීරු වෙයි. මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන බලන කල පෙනී යන්නේ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි කෙම් ක්‍රම ප්‍රායෝගික කරණයට බඳුන් කිරීම තරමක් අසීරු බව ය.ම කෙසේ වෙතත් එ වන් අභියෝග උගත වෙන අවස්ථාවල දී විකල්ප වශයෙන් ප්‍රතිඵල සතුටුදායක සරල කෙම් ක්‍රම ද පැරැ නෝ දැන සිටියහ. සුදු සාරණ ගසේ පංචංගය වියළා චූර්ණ කර තබාගෙන ගර්ග අවහිරයක් උද්ගත වුණ අවස්ථාවක දී එම චූර්ණය කෝමාරිකා යුෂයෙන් අනා ගුලියක් සාදා කතා නො කර අදාළ තැනැත්තිය ගේ යෝනියට ඇතුල් කිරිමේ කෙම ඊට කදිම නිදසුනකි. මෙහි ඉහත සඳහන් කළ විමසුමට ලක් කරන විට ඒ සඳහා භාවිතා කරනු ලබන උතුරු දිශාවට විහිදුණ පාවට්ටා මුල, ඒ සදහා තෝරාගෙන ඇති දිනය සහ හෝරාව, පාවට්ටා මුල ඉණ බැඳීම සඳහා උපයෝගී කර ගන්නා නාවා පට්ටය අවධානයට ලක්කරගත යුතු ද්‍රව්‍ය බවට පත් වේ. තව ද කතා කිරීමෙන් වැළකී එම ද්‍රව්‍ය සපයා ගැනීම ද විශේෂ කාරණයක් හැටියට සැළකිය හැකි ය. පාවට්ටා ගැබිණි මව්වරුන්ට ගුණදායක ඖෂධ ශාකයකි. එම ශාකයෙන් උතුරට විහිදුණ මුලක තවත් විශේෂත්වයක් තිබීමට පුළුවන. දරු ප්‍රසූතියෙන් පසු ව මව්වරු නෑවීම සඳහා තබා සකස් කරන කොළ වතුර සඳහා ගන්නා ප්‍රධාන ඖෂධයකි පාවට්ටා කොළ. ගැබිණි මව්වරුන්ට පාවට්ටා කොතෙක් ගුණදායක ද යන්න එ මඟින් තහවුරු වේ. අනෙක් කාරණය නාවා පට්ටය යි. එය සෙවල සහිත ළිස්සන සුළු ගසක පෘෂ්ඨ ආවරණයකි. එය ගත්තේ ස්පර්ෂ වීමේ දී ලැබෙන ඖෂධීය ගුණයත් දරු ප්‍රසූතිය පහසු කරවීමට ඉවහල් වෙනවා ඇතැයි සිතිය හැකි ය.