gossiplanka image 1
 


කෙම


ගොයමට පණුරෝග වැළඳුණ විට පාන්දර කාක්කා අඬන්නට පෙර නිරුවතින් ගොස් අලු ඉසිනු. පණු රෝගය නිවාරණය වේ.


එහි විද්‍යාත්මක පදනම


වී වගවේ දී ගොවියා මුහුණ දෙන පලිබෝධ අතර පණුරෝගයට මුල්තැනක් හිමිවෙයි. ඊට හේතු ව එය ව්‍යාප්ත වී ගිය හොත් ගොයම මුලුමනින් ම විනාශ වී යෑමට ඉඩ ඇති බැවිනි. වර්තමානයේ මෙන් පලිබෝධ විනාශ කිරීම සඳහා කෘමි නාශ භාවිතා නො කළ අතීත යේ දී අපේ පැරණි ගොවියා ඒ  සඳහා යොමුවුණේ වඩාත් කෙම් ක්‍රම වෙත ය. කෙම් ක්‍රම මඟින් ඔවුහු සාර්ථක අන්දමින් එම උවදුරු මර්ධනය කළහ. ඒ සඳහා කෙම රාශියක් ඔවුහු දැන සිටියහ. ඒවා අද වන තෙක් ම පරම්පරාවෙන් පරම්පරාවට උරුම ව පවතී. වෙනසකට ඇත්තේ ඒවා භාවිතා කරන්නන් ගේ සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් අඩුවී යෑම පමණ ය.


මෙහි සඳහන් වන්නේ එ බඳු කෙම්යම අතර සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි කෙමකි. එය සරල ය. ක්‍රියාවට නැංවීම ද අසීරු කාර්යයක් නොවේ. කළ යුත්තේ කුඹුරට පණු රෝගයක් වැළදුණ විට මෙම කෙම කිරිම පමණ ය. ගතවන කාලය තුන්වරුවකි. පණුවෝ මුළුමනින් ම විනාශ වී ගොයම සරුසාර වේ. ඉසීමට මේ සදහා ප්‍රථමයෙන් කුඹුරේ ප්‍රමාණය ට අවශ්‍ය වන පරිදි අලු සූදානම් කරගත යුතු ය. එම අලුවල රොඩු බොඩු ඉවත් වී තිබීමත් තෙත ගතියෙන් යුක්ත නො වීමත් අතිශයින් වැදගත් ය. මෙම කෙම සඳහා අලු රැගෙන කුඹුරට නිරුවතින් ම යා යුතු ය. නිරුවතින් ම අලු ඉසිය යුතු ය. මෙහි ප්‍රබල විද්‍යාත්මක සත්‍යයක් පවතී. එ මඟින් ගම්‍යමාන වන්නේ අලු ඉසීමට නිශ්චිත වෙලාවක් නියමකොට ඇති බව ය. එම කාලය තුළ ම අළු ඉසිය යුතු ය. ඊට හේතු ව පින්නෙන් තෙත් වී ඇති ගොයම් ගස්වල අලු තැවරීම සදහා ය.නිරුවතින් යා යුතු යයි නියම කොට ඇත්තේ දහවල් ගොස් අලු ඉසිනවාට ය. එසේ කළ හොත් ප්‍රයෝජනයක් නො ලැබේ. ගොයම් ගස් වියළී ඇති බැවින් ඉසින අලු ගොයමේ නො රැදී බිම පතිත වේ. එ විට පණු රෝගය නිවාරණය නොවේ.  කතා නො කළ යුත්තේ කාර්යය නිරුවතින් කරන බැවිනි. එසේ කළ හොත් අළුයම් කාලයේ කවුරු හෝ එ තැනට පැමිණීමට  ඉඩ ඇත. එ විට කරන කාර්යයට බාධා පැමිණේ.  පරිසර දූෂණය ද නො වන මෙම කෙම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි ය.