ගර්භණී සමයේ ව්‍යායාම කිරීම මවගේ මෙන්ම දරුවාගේද යහපත් සෞඛ්‍ය තත්වයක් ඇති කරගැනීමට උපකාරී වේ. විශේෂයෙන්ම මවන්ගේ කායික සහ මානසිකව ඇති වන තෘප්තිමත් භාවය කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට බෙහෙවින් බලපායි. එමෙන්ම මේ කාලයේදී මවගේ වැඩි වන බර පාලනය ඉතා අත්‍යවශ්‍ය කටයුත්තකි. අනවශ්‍ය සිරුරේ බර මවට කායික අපහසුවක් මෙන්ම විවිධ ලෙඩ රෝගවලටද හේතු වේ. ගර්භණී සමයේ දියවැඩියාව සහ රුධිර පීඩනය වැඩි වීම වැනි රෝග මතු විය හැකි අතර එම රෝග ඇති වීම වැළැක්වීම සහ පාලනය සඳහාත් ව්‍යායාම උපකාරී වේ. දියවැඩියා රෝගය 50% පමණද අධිරුධිර පීඩනය 40% පමණද ව්‍යායාම මඟින් අඩු කරගත හැකිය. කායික යෝග්‍යතාවය වැඩි වූ මවකට ආත්ම විශ්වාසයෙන් යුතුව දරු ප්‍රසූතියට මුහුණ දිය හැකිය.
ව්‍යායාම කිරීමට අවදානම් සහිත මව්වරු
සෑම මවකටම සෑම අවස්ථාවකදීම ව්‍යායාම සුදුසු නොවන අතර සමහර තත්වයන් ව්‍යායාම්වලට අවදානම් තත්වයන්
ලෙස සැලකේ. පහත දැක්වෙන මවුවරුන් ව්‍යායාම් නොකළ යුතුය.
• හෘදය වස්තුවේ ආබාධ
• පෙණහලු රෝග, ආබාධ ඇති මවුවරු
•ගැබ්ගෙළ මද වශයෙන් විවෘතව පවතින හෝ ගැබ්ගෙළ විවෘත වීමට වැළකීමට ප්‍රතිකාර කර ඇති මවුවරු
• බහු කලල සහිත මවුවරු
• ගර්භණී සමයේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වන මවුවරු කලලට සති 26ක් පමණ වූ විටත් ගැබ්ගෙළ වසාගෙන වැදෑමහ පිහිටන මවුවරු
• නියමිත කාලයට පෙර දරු ප්‍රසූතියේ ලක්ෂණ පෙන්නුම් කරන මවුවරු
• කලලාවාරික පටල කැඩී දියර පිට වන මවුවරු
• ගර්භණී සමයේ ඇති වන අධිරුධිර පීඩනයෙන් පෙළෙන මවුවරු
• තදබල රක්තහීනතාවයෙන් පෙළෙන මවුවරු
• දීර්ඝකාලීන කැස්ස සහිත මවුවරුන්
• පළමු වර්ගයේ දියවැඩියාව දුර්වල ලෙස පාලනය කර ඇති මවුවරු
• ඉතා අධික ශරීර බර ඇති මවුවරු
• බර ඉතා අඩු මවුවරු
• කලල වර්ධනය අඩු මවුවරු
• අස්ථිවල සහ සන්ධිවල රෝග ඇති මවුවරු ව්‍යායාම නොකළ යුතුය.
ව්‍යායාම් කිරීමට උපදෙස්
ව්‍යායාම කිරීමට පෙර ව්‍යායාම සඳහා හොඳින් සූදානම් විය යුතු අතර ව්‍යායාමයට සුදුසු ඇඳුම් තෝරාගත යුතුය. විශේෂයෙන් විශාල පියයුරු හොඳින් දරාගැනීමට සුදුසු තනපට පැලඳිය යුතු අතර ශරීරයේ ක්‍රියාකාරීත්වය පහසු වන ඇඳුම් පැලඳිය යුතුය. ව්‍යායාමයට පෙර හොඳින් ජලය පානය කළ යුතු අතර අවම වශයෙන් 250mlක් ව්‍යායාමයට පෙර පානය කළ යුතුය. නිරාහාරව ව්‍යායාම නොකළ යුතු අතර කාබෝහයිඩ්‍රේට් සහිත කුඩා ආහාරයක් ව්‍යායාමයට පෙර ගත යුතුය. ස්වායු ව්‍යායාම ලෙස ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාම සුදුසු අතර දිනකට පැය 1/2ක් පමණ සතියට දින 3ක් - 5ක් ව්‍යායාම කළ යුතුය. සිදු කරනු ලබන ව්‍යායාම එක්වරම වැඩි තීව්‍රතාවයකින් සිදු කිරීම අනතුරුදායකය. පළමු කාර්තුව අවසානයෙන් පසු උඩුබැලි අතට වැතිරි වැඩි කාලයක් ව්‍යායාම නොකළ යුතුය. සෑම අවස්ථාවකම දැඩි අව් රශ්මිය ඇති අවස්ථාවල ව්‍යායාම නොකළ යුතුය. ව්‍යායාම කරන විට යම්කිසි අසාමාන්‍ය ලක්ෂණයක් පහළ වුවහොත් වහාම ව්‍යායාම නැවැත්විය යුතුය. ඇදීමේ ව්‍යායාම සිදු කරන විට කොන්ද සහ උකුල ආශ්‍රිත ප්‍රදේශය ඇදීම ප්‍රවේසමෙන් කළ යුතු අතර එයට හේතුව වන්නේ ගර්ෂණී සමයේ ස්‍රාවය වන හෝමෝන මඟින් ශරීරයේ බන්ධනි ඇදෙනසුලු තත්වයට පත් කර තිබීමයි. කිසි විටක පැනීමේ ව්‍යායාම නොකළ යුතුය. බයිසිකල් පැදීම වැනි ව්‍යායාම සිදු කිරීම ගර්භණී සමයේදී බොහෝ ප්‍රයෝජනවත් වන අතර එයට හේතුව වන්නේ සිරුරේ බර පොළොවේ ගැටීමෙන් ඇති වන කම්පන සිරුරට නොදැනීමයි. ශ්‍රෝණි ම්බලාව සහ උදරයේ පේශි ආශ්‍රිතව ව්‍යායාම කිරීම ගර්තභණී සමයේදී මෙන්ම ගර්ෂණී සමයට පසුව කාලයටද වැදගත් වන අතර නිවැරැදි තාක්ෂණය භාවිත කරමින් තමාට අවශ්‍ය ප්‍රමාණයට මෙම ව්‍යායාම කළ යුතුය. ඇතැම් අවස්ථාවලදී උදරයේ පේශි උදරය මැදින් සම්බන්ධ වන ස්ථානයෙන් පේශි වෙන්වීමක් දැකිය හැකි අතර එම අවස්ථාවලදී උදරයේ පේශිවලට ව්‍යායාම නොකළ යුතුය. ව්‍යායාම සිදු කරන්නේ නම් ඒ සඳහා උපකාරී වන උපකරණ පැලඳ ව්‍යායාම කළ යුතුය. දිනපතා ව්‍යායාම කළ පිරිසට සැහැල්ලු බර
යොදාගනිමින් ප්‍රතිරෝධක ව්‍යායාම කළ හැකිය. විශේෂයෙන්ම පතිදී වැදගත් වන්නේ අඩු බරක්, වැඩි වාර ගණනක් එසවීමය.මෙන්ම එම අවස්ථාවේදී තමාගේ උර කුහරය තුළ වාතය තද කර ව්‍යායාම නොකළ යුතුය.
Comments
Post a Comment