ඕනෑම වෙරස් ආසාදනයකට පසු මිනිසාගේ සිරුර ඉක්මනින් දුර්වල වේ. ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලිය ආසාදනයට විරුද්ධව ප්‍රතිදේහ ඇති කරයි. ඉන් රෝගය මර්දනය වේ. සාමාන්‍ය වෛරස් ආසාදනයකට මිනිස් සිරුර ප්‍රතිචාර දක්වන්නේ එසේය. ප්‍රතිදේහ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ඇති වීමෙන් එය සාමාන්‍ය පටකවලට විරුද්ධව ක්‍රියාත්මක විය හැකිය. මෙවැනි තත්වයකට පත් වූ අයෙකු ව්‍යායාම ආරම්භ කළ යුත්තේ රෝගයෙන් පසු සති 4කට පමණ පසුය. ශරීරය යථා තත්වයට පත් වන තුරු විවේක ගැනීම අනිවාර්යය.වැඩි ක්රියාකාරීත්වයක් ඇති පේශිවලට වෛරස් ආසාදනයේදී හානි විය හැකිය. එය මිනිසාගේ මරණයට පවා හේතු වන්නකි. කෙසේ වෙතත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි අවස්ථාවලදීද මිනිසා දින 3ක් හෝ විශ්වීක ලැබිය යුතුය. ඩෙංගු වැනි තත්වයට මුහුණදුන් රෝගියකුගේ හෘදය වස්තුවටද හානි විය හැකියි. එවන් පුද්ගලයන් ව්‍යායාම කිරීමට පෙර හෘදය වස්තුව සම්බන්ධ කෑන් පරික්ෂණයක් සිදු කළ යුතුය. සති 4ක පමණ විවේකයකින් පසුව එකවර බර ව්‍යායාම කෙරේ යොමු නොවිය යුතු අතර සැහැල්ලු ව්‍යායාමයෙන් ආරම්භ කළ යුතුය. සිරුර ක්‍රමයෙන් යථා තත්වයට පත් වන විට සුපුරුදු ව්‍යායාම කළ හැකිය. ව්‍යායාම වෙත යොමු නොවූ අයෙක් ව්‍යායාම වෙත යොමු වන්නේ නම් ශරීර පද්ධති යථා තත්වයට ගෙන ඒමට සරල ව්‍යායාම අනුගමනය කළ යුතුය. පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යායාම කාල, ප්‍රමාණ වෙනස් වන නිසා වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ව්‍යායාම වෙත යොමු වීම ඉතා වැදගත්ය. කායික මෙන්ම මානසික යෝග්‍යතාවයෙන් යුත් මනා පෞරුෂයකින් හෙබි නිරෝගී පුද්ගලයකු බිහිකිරීම සඳහා නිරෝගී දිවියකට ' ව්‍යායාම' කෘතිය ඔබට බෙහෙවින් ඉවහල් වනු නොඅනුමානය.
Comments
Post a Comment