උරහිසේ ආබාධයක් ඇති වුවොත් එය සියලු ක්‍රියාකාරකම් කෙරේ බලපානු ඇත. විශේෂයෙන් ක්‍රීඩකයන්ට මෙහි බලපෑම ඉතා ඉහළ අගයක් ගනු ඇත. කෙසේ වෙතත් මෙසේ වන්නේ උරහිස අභ්‍යන්තර පටකවල ඇති වන ගැටලු නිසාය. එසේම බෙල්ලේ ඇති වන ගැටලු මෙන්ම උරහිස් ආබාධවලට ලක් වන අවස්ථාවල මෙකී තත්ත්වය දැකගත හැකිය. ඊට අමතරව හෘදය වස්තුව ආශ්‍රිතව මෙන්ම අක්මාව ආශ්‍රිතව ඇති වන රෝගී තත්ත්ව නිසාද උරහිසේ ආබාධ ඇති විය හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන් ඇති වන්නේ මාංසපේශිවල වේදනාවයි. උරහිස සමබරව ස්ථාවරව තබාගනේ පේශිවලිනි. ඒ සඳහා පාලනයකින් තොරව බරක් යෙදවීමෙන් ඉතා ඉක්මනින් උරහිස ආබාධිත වේ. එක් පේශියක් දුර්වල වීමේදී අනෙක් පේශිවලද අර්බුදයක් නිර්මාණය වේ. ඒ නිසා උරහිස වටා ඇති සියලු පේශි ශක්තිමත් කිරීම කළ යුතුය.ඒ සඳහා ස්වවායු ගණයේ ව්‍යායාම මෙන්ම පේශි ඇදීමේ ව්‍යායාම හා නම්‍යශීලී ව්‍යායාම කළ හැකිය. ඒ තුළින් මාංසපේශිවල දුර්වලතාවය මගහරවා ගත හැකිය. ඩබෙල් උපයෝගී කරගෙන ආබාධිත අත ඉහළට, පහළට, හරහට දිගහරින්න. මෙසේ කිරීමේදී සුළු ආබාධයක් හෝ පැමිණිය හොත් පේශි සිරවීමකට ලක්විය හැකිය. එසේ වුවොත් අයිස් තැබීමක් සිදු කළ යුතුය. සුළු වේදනාවක් ඇති වූයේ නම් එය උග්‍ර වන සේ නැවත ව්‍යායාම නොකළ යුතුය. මේ තත්වය දිගින් දිගටම තිබේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමුවිය යුතුය. වැළමිට - මැණික් කටුව ආශ්‍රිත වේදනාවට ව්‍යායාම වැළමිට අවට වේදනාවක් ඇති වන මේ තත්ත්වය මැණික් කටුව ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී ඇති වන තත්ත්වයකි. එසේම පරිගණක ක්‍රියා කිරීමේදී, ලිවීමේදී, රෙදි මිරිකීම, මෝටසයිකල් පැදීම වැනි අවස්ථාවලදී වේදනාව දැඩි සේ ඇති විය හැකිය. එසේ ක්‍රීඩාවලදී පිති භාවිත කරන අයට මෙන්ම බර උසුල ක්‍රීඩකයන්ටද මේ ආබාධය ඇති විය හැකිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ මැණික් කටුව ඉහළට ඔසවන පේශිය වැඩි කාර්යයක් කිරීමය. මැණික් කටුවෙන් ඇගිලි ඉහළට එසවීමට අවශ්‍ය සියලු පේශි වැළමිටේ පිට පැත්තෙන් ආරම්භ වේ. මෙය දුර්වල වීමෙන් වැළමිටේ ආබාධ ඇති විය හැකිය. එසේතේ නොමැති නම් යම් බරක් එසවීම සඳහා පේශිවලට ශක්තිය නොමැති වීම නිසාද මේ රෝගයට ගොදුරු විය හැකිය. ඊට අමතරව එකම ක්‍රියාවලියකට දිගින් දිගටම මේ පේශි යොමු කිරිමෙන්ද මේ තත්වය ඇති විය හැකිය.
මව වැළමිට ආබාධයකට ලක් වූ අයෙකුට ආම් ටෙන් එක්සසයිසස් (Arm stretching exercises) කළ හැකිය. පළමු පියවර ලෙස ආබාධිත අත ගෙන වැළමිට දිගහැරෙන ලෙස අත දිගු කර අතෙහි අනික් අම්ල සහ අතේ ඇඟිලි පහළට නැමෙන සේ තෙරපිය යුතුය. මේ අයුරින් තත්පර 30ක් පමණ අල්ලා සිටිය යුතුය. එවැනි වාර 10ක් පමණ සිදු කළ යුතුය. ඊළග පියවර ලෙස ග්රෑම් 500ක හෝ කිලෝ ග්රෑම් 1ක බර වස්තුවක් ගෙන අත මේසයක තබා මැණික් කටුව පෙදෙස මේසයෙන් පිටතට වන්නට තබාගත යුතුය. අනතුරුව මැණික් කටුව නැවෙන සේ ඉහළට, පහළට බර යොමු කළ යුතුය. ක්‍රමානුකූලව සෙමින් මැණික් කටුවෙන් අත එසවීම පහත් කිරීම කළ යුතුය. මේ ආකාරයට ව්‍යායාම මගින් තත්වය සුව නොවන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය. එහිදී ප්‍රතිකාරද ප්‍රමාණවත් නොවන්නේ නම් ස්ටෙරොයිඩ් (Steroid) වර්ගයේ ඖෂධයක් භාවිතයෙන් රෝගී තත්ත්වය සුව කරගත හැකිය.බෙල්ල ආශ්‍රිත වේදනාව පාලනයට ව්‍යායාම බෙල්ල ආශ්‍රිත වේදනාවට ලක් වීමේ දී මිනිසාට අපහසුතා රැසක් මතු වේ. ඒ අනුව බෙල්ල හැරවීමට නොහැකි වීම මෙන්ම උරහිසේ වේදනාවන්ද හටගත හැකිය. මෙය සර්වයිකල් පොඩිලෝසිස් (Cervical spondylosis) ලෙස හඳුන්වයි. මෙය ඇති වන්නේ ගෙවී කශේරුකා අතර ඇති වන ආසාදනයක් නිසාය. කොඳු නාරටිය හා අස්ථි සම්බන්ධ වන ස්ථානයේ මෙය ඇති වේ. මෙකී රෝගය වයස් භේදයකින් තොරව ඇති විය හැකිය. එසේම උරහිස හා බෙල්ල අතර කාලයක් පුරා වේදනාවක් පවතී.ඍජුව සිටගෙන බෙල්ල ඉදිරියට නැවීමෙන් ව්‍යායාම ආරම්භ කළ හැකිය. එලෙස තත්පර 5ක පමණ කාලයක් කිරීමෙන් පසු පිටුපසට නැවිය හැකිය. ඒ අයුරින්ම වම් පසට හා දකුණු පසටද බෙල්ල හැරවිය යුතුය. සෑම ඉරියව්වක් සඳහාම තත්පර 5ක - 10ක අතර කාලයක් වැය කළ යුතුයි. හැකි සෑම අවස්ථාවකම මෙවැනි ව්‍යායාමයක් කළ හැකිය. රෝග තත්ත්වය ක්‍රමයෙන් සුව වන විට ප්‍රතිරෝධක ව්‍යායාමද ආරම්භ කළ හැකිය. එහිදී බෙල්ල ඉදිරියට නැවීමේදී නිකටට අත තබා හිස පසුපසට තද කළ යුතුය. එසේම ස්වායු ව්‍යායාම ලෙස දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, ඇවිදීම කරන්නේ නම් බෙල්ලට කොලරයක් භාවිත කළ යුතුය. වැඩිහිටි පුද්ගලයකුට රෝගය ඇත්නම් එය දරුණු විය හැකියි. ඒ නිසා ව්‍යායාම කිරීමේදී ශරීරයට නොදැනෙන සේ ව්‍යායාම කළ යුතුය. එවැනි පුද්ගලයන් වෛද්‍යවරයාගේ හෝ ව්‍යායාම උපදේශකවරයාගේ උපදෙස් ලබාගත යුතුය. කම්පනය වැඩි වීමේදී එය කොඳු නාරටියට අහිතකර ලෙස බලපායි. ඒ නිසා දරුණු ලෙස රෝගය ඇති අය මෙන්ම වයස්ගත පුද්ගලයන් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍යය.
Comments
Post a Comment