ව්‍යායාම කිරීමට පෙර ඇතැම් පුද්ගලයන්ට උපදේශන සේවා ලබාගැනීමේ අවශ්‍යතාවක් ඇත. ව්‍යායාම නිදහසේ කළ නොහැකි පිරිස මේ ගණයට අයත් වේ. එකම ආකාරයේ ව්‍යායාම සෑම අයෙකුටම සාර්ථක ප්‍රතිඵල ලබා නොදෙයි. පුද්ගලයා අනුව ව්‍යායාමයේ ප්‍රතිඵල වෙනස් වේ. නමුත් අමෙරිකාවේ ව්‍යායාම් ක්‍රීඩා සංගම් පෙන්වා දෙන ආකාරයට යම් අයෙකුට හෘදයාබාධ ඇති වීමේ අවදානම් රෝග ලක්ෂණ නොමැති නම් උපදේශනයකින් තොරව ව්‍යායාම් කළ හැකියි. කෙසේ වෙතත් ව්‍යායාම් සඳහා පිවිසෙන සියලු දෙනාම හෘදයාබාධ අවදානම් ඇත්දැයි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොමැත. මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම්වල යෙදීම ඕනෑම අයෙකුට සුදුසු ව්‍යායාමයයි. ව්‍යායාමයේ උපරිම පල නෙළා ගැනීමට නම් යම් අරමුණක් ඉලක්කයක් කරා මෙහෙයවීමෙන්, දැඩි කැපවීමෙන් සිදු කළ යුතුයි. එවැනි අරමුණක් නොමැතිව ව්‍යායාම් කිරීමේදී නිසි ප්‍රතිඵල නොලැබී යා හැකියි. ව්‍යායාමයට පිවිස ඉතා කෙටි කාලීනව ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුයි. තම ව්‍යායාම් තුළින් ඉලක්ක කරා ළඟා විය නොහැකි නම් ව්‍යායාම් රටාවේ වෙනස් කිරීම් සිදු කළ යුතුයි. SMART නැමැති මූලධර්මය ව්‍යායාමයේ නිසි ප්‍රතිඵල ලබාගැනීමට යොදාගත හැකිය.
S- Specific ව්‍යායාම ඒ ඒ පුද්ගලයාට විශේෂයි
M- Measurable මින් හඳුන්වන්නේ ව්‍යායාමයේ ප්‍රමාණය කොපමණද යන්න මැන බැලිය හැකි බවයි
A- Achievable ළගා කරගත හැකි ප්‍රතිපල මට්ටමක්
R - Relevant ඉලක්කගත අවශ්‍යතාවයට අදාළ වීම
T - Time based කාල රාමුවක සකසා තිබීම
ඉහත කරුණු අනුව තම ඉලක්කයන් කාල රාමුව තුළ ළඟා කරගත හැකිද යන්න විමසිලිමත් විය යුතුයි. ඒ තුළින් ව්‍යායාමයේ වෙනස් වීමක් හෝ ඉලක්කයන් වෙනස් කිරීමක් වුව කළ හැකියි.
Comments
Post a Comment