වයස
වයසින් වැඩි පුද්ගලයන් ව්‍යායාම කිරීමේදී විශේෂිත ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය. කෙසේ නමුත් වයස අවුරුදු 45ත් - 55ත් අතර පුද්ගලයන් ව්‍යායාම සඳහා යොමු වන්නේ නම් වෛද්‍ය පරික්ෂණයක් වෙත යොමු විය යුතුයි. එසේම හෘද - යාබාධ ඇති වීමේ අවදානම් දෙකකට වඩා ඇති පුද්ගලයන් මෙන්ම හෘදයාබාධ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණවලින් පසු උපදේශන කරා යොමුවිය යුතුයි. ඊට අමතරව වෛද්‍ය උපදෙස් ලබාගත යුතු පිරිස ව නේ හෘදයාබාධ, පෙණහලු ආශ්රිත රෝග, වෙනත් (දිගුකාලීන) රෝග සහිත පුද්ගලයන්ය. මධ්‍යම ප්‍රමාණයේ ස්වායු ව්‍යායාම, පේශි ශක්තිමත් කිරිමේ ව්‍යායාම, නම්‍යශීලී ව්‍යායාම සහ ශරීරයේ සමබරතාවය රැක ගැනීමේ ව්‍යායාම මොවුන් සඳහාම සුදුසු ව්‍යායාම වේ.
බර
බර වැඩි පුද්ගලයන් ව්‍යායාම කරන විට පේශි සහ සැකිලි පද්ධතියට මෙන්ම සන්ධි ආශ්රිත ආබාධ ඇති විය හැකි නිසා අනවශ්‍ය ප්‍රමාණයේ බරක් එම ස්ථානවලට නොයන සේ ක්‍රීඩා තෝරාගත යුතුය. එහිදී ශරීරයේ පහළ කොටසට බර අඩුවෙන් ලැබෙන ව්‍යායාම (Non weight bearing) එනම්, බයිසිකල් පැදීම සහ ජලයේ සිට කරන පිහිනීම වැනි ක්‍රීඩා සුදුසුය. එමෙන්ම එක දිගට එකම ක්‍රීඩාවක නොයෙදී විවිධ ක්‍රීඩාවල යෙදීමෙන් ශරීරයේ එකම ස්ථානයකට එන බර අඩු කරගත හැකිය. ශරීර බර අඩු පුද්ගලයන් ශරීරයේ ශක්තිමත්භාවය වැඩි කරගැනීම සඳහා ව්‍යායාමවල නියුතු විය යුතු අතර එමඟින් පේශි වර්ධනය කරගැනීමට උනන්දු විය යුතුය.
වර්තමාන ශාරීරික යෝග්‍යතාවය
දිනපතා ව්‍යායාමවල යෙදෙන පුද්ගලයන් ඔවුන්ගේ අරමුණ කරා යාමේදී කිසිදු බාධාවකින් තොරව ව්යායාමවලතීව්රතාවය වැඩි කළ හැකිය. එහෙත් කිසිදු ව්‍යායාමයක් නොකර ව්‍යායාම පටන් ගන්නා පුද්ගලයන් ඉතා ප්‍රවේසමෙන් ව්‍යායාම්වල තීව්‍රතාවය වැඩි කළ යුතුය. බලාපොරොත්තු වන ඉලක්කයන් කරා යාමට සැලකිය යුතු කාලයක් වැය කළ යුතුව ඇත. ව්‍යායාමවල තීව්‍රතාවය ක්ෂණිකව වැඩි කිරීම එම පුද්ගලයන්ට සුදුසු නැත.
ශාරීරික ආබාධ
ශාරීරික ආබාධ හෝ ක්‍රීඩා හේතුවෙන් පේශිවල සහ සන්ධිවල ආබාධ ඇති වී ඇති පුද්ගලයන් ක්‍රීඩා කරන විට වේදනාව හෝ ආබාධය දරාගත හැකි සීමාවේ සිට ව්‍යායාම ආරම්භ කළ යුතුය. අවශ්‍ය වුවහොත් ක්‍රීඩාව කිරීම සඳහා ආධාරක සහ උපකරණ භාවිත කළ හැකිය.
විශේෂිත රෝගාබාධ ඇති පුද්ගලයන්
මෙවැනි පුද්ගලයන් ව්‍යායාම කරන විට අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණයකට යොමුවිය යුතු අතර ව්‍යායාම කිරිමේ හැකියාව රෝග නිසා වෙනස් වේ.
වෛද්‍ය පරික්ෂණ
කිසියම් රෝගාබාධයක් ඇති පුද්ගලයෙක් නම් තමාගේ පෞද්ගලික වෛද්‍යවරයාගෙන් ව්‍යායාම සිදු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාගත යුතුය. එම නිර්දේශ මත පමණක් ක්‍රීඩා කිරීමට වගබලා ගත යුතුය.
ඉහත ආකාරයට වෛද්‍ය පරීක්ෂණ නොකරන සෑම පුද්ගලයකු වුවද ව්‍යායාමයට පෙර සිදු කළ හැකි ඉතා සරල පරීක්ෂණයක් සම්බන්ධව ලෝකයේම අවධානය යොමු වී ඇත. ows PAR-Q (Physical Activity Readiness Questionnaire)
(ෆිසිකල් ඇක්ටිවිටි රිඩිනස් ක්වේෂ්චනය) මෙම ප්‍රශ්නාවලියේ නිවැරැදි ලෙස පිළිතුරුදී ව්‍යායාම කරන ස්ථානයට භාරදුන් පසුව වසරක කාලයක් සඳහා එය වලංගු වේ. එහෙත් ඒ අතරතුර කාලයේ සැලකිය යුතු ප්‍රශ්නයක් ඇති වන්නේ නම්, නැවත වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීම සුදුසුය. යම් හෙයකින් මෙම ප්‍රශ්නාවලිය පිරවීමේ දී අසන ප්‍රශ්නවලට පිළිතුර 'ඔව්' යන්න ලෙස ලැබුණ හොත් ඒ සඳහා තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම අවශ්‍යයි.
Comments
Post a Comment