කෙම
තැඹිලි ගෙඩියක ඇස්ස කපා සිදුරු කොට ඊට මුවකීරිය යුෂ සහ මී පැණි කලඳ බැගින් දමා හොඳින් කලවම් කර ඇත්තේ සිදුර වසා හැන්දෑවේ පින්නට තබා අළුයම් කාලයේ දී ආපසු ගෙන කාක්කා අඩන්නට පෙර පානය කරනු. මෙය ප්‍රබල කෙමක් වන බැවින් බෙහෙත සැකසීමේ සිට පානය අවසන් කරන තෙක් ම කතා නො කර කළ යුතු ය.
එහි විද්‍යාත්මක පදනම
මුව කීරිය යුෂ, මී පැණි, තැඹිලි වතුර යන සියල්ල ම ඇඳුමට ගුණදායක ඖෂධ ය. එ වන් ඖෂධ තුනක් එකට එක්වුණ විට එහි ඇති රෝග නිවාරණ ශක්තිය ප්‍රබල ය. රාත්‍රී කාලය පුරාවට එම ඖෂධ පින්නේ තැබීම නිසා එම ඖෂධ එකට සංයෝග වී එහි ඇති ඖෂධීය ගුණය උද්දීපනය වේ.කතා නො කර ගෞරවාන්විත ව පවිත්‍රතාවයෙන් යුතු ව ඖෂධ සංයෝගය පිළියෙල කරන්නා ගේ චිත්ත බලය ද ඊට එක් නො වෙතැයි කාට නම් කිව හැකි ද? පින්න ඖෂධ වලට නව ජීවයක්ක්සපයන බැවින් මෙම ඖෂධ සංයෝගයට ද නව ජීවයක් එක් වන්නේ ය යන උපකල්පනයට ආයාසයකින් තොර ව එළඹිය හැකි ය. මෙම කෙමට අනුව තැඹිලි ගෙඩිය තුළ ඇති ඖෂධ සංයෝගය පානය කිරිමට නියම කොට ඇති වෙලාව ද ඉතාමත් වැදගත් ය. එම වෙලාව නිශ්චල රාත්‍රී යේ ගහකොළ සතා සීපාවා ජීවයෙන් උද්දාමයට පත් වෙන මිනිසා ද ප්‍රබෝධයෙන් යුතු ව කාලය ගත කරන අළුයම් කාලයේ අවසාන හෝරාව ය. අළුයම් කාලයේ නිමාව සංනිවේදනය කරන්නේ කපුටා ය. එනම් කපුටා හැඩීමත් සමඟ අළුයම් කාලය නිමාවට පත් වෙයි. එම කාලයට පෙර මෙම ඖෂධ සංයෝගය පානය කළ යුතු ය. කපුටා ඇඩීමෙන් නිමාවට පත්වෙන අළුයම් කාලය යනු රාත්‍රී කාලයේ සක්‍රියම හෝරාව බව අමුතුවෙන් කිවයුතු නොවේ. එ වන් කාල පරාසයක් තුළ දී මෙම ඖෂධ සංයෝගය පානය කිරීමට නියම කොට ඇත්තේ එහි ඖෂධීය ජීව ගුණය උපරිම අන්දමින් ලබාගෙන රෝගය නිවාරණය කරවීමට පහසු වන පරිදි ය. පිළියෙල කර ගැනීමේ කිසි ම අපහසුතාවයක් නැති ක්‍රියාවට නැංවීම ද පහසු මෙම කෙම අත්හදා බලා ඔබට ද මෙහි ඇති ඖෂධීය ගුණය උකහාගෙන නිරෝගී ජීවිතයක් ගත කිරීමට පුළුවන.
Comments
Post a Comment