1. පීනස යැයි විද්‍යාත්මකව අර්ථ දැක්විය හැකි එක රෝගයක් නැත.
2. එය විවිධ රෝග කීපයකින් ඇති වන එකම ආකාරයේ රෝග ලක්ෂණ සමූහයකි.
"හචිස්... හා චිස්... හා චිස් හාචි.." හන්සේ බැහැ කිඹුහුන් යාමේ සීමාවක් නැහැ.
"සුරුස්, සුරුස්... මෙන්න ඒ පාර නහයෙන් දියර ගලන්න පටන් ගත්තා. වතුර වගේ බේරෙනවා.නිමල් ලේන්සුව ඇදගෙන නාප්පුඩු මත තබා ගත්තේය.
"මොකද නිමල් බැලුවොත් ඇත්නම් නහයේ ලේන්සුව ඔබාගෙන” සුනිල් විමසුවේය.
"මට පීනස් අමාරුව.”
* ඇත්තටම පීනස කියල හඳුන්වන්නේ කිනම් රෝගයක් ද?
ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. පීනස කියල සිංහල ව්‍යවහාරයේ බහුලව භාවිතා කළත් එය විද්‍යාත්මකව අර්ථ දැක්විය හැකි එක් රෝගයක් නම් නොවේ. නවීන වෛද්‍ය විද්‍යාවේ විස්තර කෙරෙන නාසය හා සම්බන්ධ විවිධ රෝග කිහිපයක්ම පීනස හා සම්බන්ධ බව නම් කිව හැකියි.
*පීනසට තුඩු දෙන විවිධ රෝග මොනවද කියල කියමුකො බලන්න..?
නාසයෙන් දියර, සොටු හෝ කලාතුරකින් රුධිරය ගැලීම පීනස නිසා සිදුවෙනවා යයි සාමාන්‍ය ජනයා හඳුන්වනවා. මීට අමතරව නිතර නිතර සොටු දියර නාසයේ පිටුපසින් උගුරටම ගලනවා නම් එයද පීනස නිසා සිදුවන්නක් ලෙසයි හඳුන්වන්නේ නාසයේ බරගතිය, නාසයේ තද ගතිය, ඒ නිසා හටගන්නා හුස්ම ගැනීමේ අපහසුව, ඒ නිසාම මුඛයෙන් හුස්ම ගැනීම, පීනස නිසා ඇතිවන තවත් රෝග ලක්ෂණ කිහිපයකි. යමෙවන් රෝග ලක්ෂණ ඇති වීමට හේතුවන ප්‍රධානතම රෝගය නම් නිතර නිතර වැළඳන සෙම්ප්‍රතිශ්‍යවයි. නාසයේ කුහරයන්හි බිත්ති ආවරණය කර ඇති ක්ලේෂ්මල පටල ආසාදනයට ලක්වීම නිසා හොටු දියර ගැලීම සිදුවේ. පරිසරයේ ඇති දූවිලි, පින්න, මල් රේණු හා වී කාටුව වැනි, නාසයේ සහ ඊට යාබද වායු කෝඨරවල ක්ලේෂ්මල පටලය දක්වන ආසාත්මිකතාවය හෙවත් Allergy නිසාත් පීනස් රෝග ලක්ෂණ මතු විය හැකිය. මෙම තත්වය Allergic Rhinitis ලෙස හඳුන්වනු ලැබේ. වැඩිහිටියන්ගේ නාසයේ ක්ලේෂ්මල පටලය කිසිදු ආසාත්මික කාරකයන් නොමැතිවත් ඉබේම උත්තේජනය වී, කිඹුහුන් ගොස්, හොටු දියර ගලන්නට පුළුවනි. මේ තත්ත්වය හඳුන්වන්නේ Vasomotor Rhinitis නමිනි. යොවුන් වියේදී ඇති වන හෝමෝන බලපෑම්, මානසික ආතතිය සහ සමහර විට යමෙක් භාවිත කරන ඖෂධයක අතුරු බලපෑමක් ලෙසද පීනස් තත්වයක් ඇති විය හැක. කුඩා දරුවෙකුගේ නාසය තුළට බීජයක් හෝ වෙනත් කුඩා දෙයක් ඔබාගත් විටත් නාසයේ ගඳක් සහිතව දියරයක් පිටවිය හැක. මෙයද පීනස් තත්වයක් ලෙස කෙනෙකු හැඳින්විය හැකිය. මේ හැම දෙයටම වඩා පීනස ලෙස හඳුන්වන රෝගය නම් වායු කෝඨර ප්‍රදාහය හෙවත් Sinusitis නම් රෝගී තත්ත්වයයි.
* දිය පීනස, ලේ පීනස, ගඳ පීනස ආදී වශයෙන් නොයෙක් පීනස් වර්ග ගැන මා අහල තියෙනවා. ඒවා හැදෙන්නේ කොහොමද කියල පැහැදිලි කර දුන්නොත්?
පීනස් කියල විශේෂ රෝගයක් නැහැ. නාසය මුල් කරන්ගෙන හට ගන්නා විවිධ රෝග කිහිපයකින් ඇති වෙන්නා වූ එකම ආකාරයේ රෝග ලක්ෂණ සමූහයකටයි පීනස කියල සාමාන්‍ය ජනතාව හඳුන්වන්නේ. කෙසේ වෙතත් නාසය තුළ සහ ඊට යාබද වායු කෝඨර තුළ පිහිටි ශ්ලේෂ්මල පටලය ආසාදනයට ලක්වීමයි අවසානයේදී සිදුවන්නේ. ආසාදනය සිදුවී ඇති ආකාරය අනුව නාසයෙන් ගලන දියරයේ ස්වභාවයත් වෙනස් වෙනවා. ආසාත්මිකතාවයක් නිසා හටගන්නා ආසාදනයකදී නාසයෙන් පිටවෙන්නේ අවණ වූ වතුර (දිය පීනස) මෙන් දියරයකි. එය විෂබීජ මඟින් ආසාදනයට ලක්වූවාමත් නාසයෙන් පිටවන දියරය කහ පැහැති හෝ ලේ මිශ්‍ර කහ පැහැති විය හැකිය. ආසාදනය සිදු කරන ලද බැස්ටීරියා විශේෂය අනුව ස්‍රාවයේ පැහැය (කහ හෝ කොළ) වෙනස් විය හැකි අතර එහි දුඟඳක් ද (ගඳ පීනස) දැකිය හැක. නාසයට කුඩා ළමුන් විසින් බීජයක් හෝ යම් දෙයක් ඇතුළු කර ගත් කළ ද ටික දවසකින් (බැස්ටීරියා ආසාදන නිසා) දුගදක් සහිත ස්‍රාවයක් ඇති විය හැකිය. ආසාදනය කල් පැවතුණ එකක් නම් නාසයේ හා වායු කෝඨර තුළ ඇති ලේෂ්මල පටලය තුවාල වී ලේ ගැලීමද (ලේ පීනස) සිදුවිය හැකිය. සාමාන්‍ය ජනයා නාසයෙන් ගලන ස්‍රාවයේ ස්වභාවය අනුව ලේ පීනස, ගඳ පීනස, දිය පීනස ආදී වශයෙන් පීනස වර්ග කරන බවයි පෙනෙන්නේ. මේ අනුව බලන කල එම රෝග ලක්ෂණ එකම රෝගයේ විවිධ අවස්ථාවන් හෝ විවිධ රෝග තත්වයන් ද විය හැක.
* නාසය තදවීම මගහැරීමට නාසයට දමන ඖෂධ දියර සහ (Spray) ඉසිනයක් දිගින් දිගට භාවිතා කිරීම සුදුසු ද?
නැහැ. නාසයට දමන ඕනෑම දියරයක් ඉසින ඖෂදයක් හෝ ආඝ්‍රහන ඖෂධයක් වෛද්‍ය උපදෙස් නොමැතිව දින කිහිපයකට වඩා භාවිතා කිරීම සුදුසු නැහැ. එය පුරුද්දට යාහැකියි. නොඑසේ නම් එයට ඔරොත්තු දිය හැකියි.
* මට පීනස් අමාරුව කලක සිට තියෙනවා. වරින්වර තද හිසරදයත්, නළලේ සහ ඇස් යට වේදනාවක් ඇති වෙනවා. නාසයෙන් කහ පැහැති ගඳ සොටු දියරත් ගලනවා. එය වෛද්‍යවරයා කිව්වේ Sinusitis (වායු කෝඨර ප්‍රදාහය) කියලයි. ඒ සඳහා කරන ප්‍රතිකාර මොනවා ද?
මා කලින් කිවාක් මෙන් වායු කෝඨර ප්‍රදාහය පීනස ඇති වීමට හේතුවන එක් හේතුවක් පමණයි. හිසරදය හා වේදනාවට පැරසෙටමෝල් වැනි වේදනා නාශක ඖෂධයකුත්, බැස්ටීරියා ආසාදනය සුව කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධත් වෛද්‍යවරයා විසින් ලබා දේවි. වායු කෝඨර තුළ ආසාධිත ස්‍රාවයත් හිර වී ඇත්නම් එය ඉවත් කිරීම සඳහා නහයට දමන දියවර වර්ග ලබා දේවි. ඔබ දුම්පානය කරන්නෙක් නම් දුම්පානය නැවැත්වීමටත් වෛද්‍යවරයා උපදෙස් දේවි.
* මගේ දරුවාගේ වයස අවුරුදු 2 යි. නිතර නාසයෙන් හොටු දියර ගලනව. කිඹුහුම් යනවා. සමහර විට නහය තද වෙනවා. මේ වායු කෝඨර ප්‍රදාහය (Sinusits) විය හැකිද?
නැහැ. කුඩා කාලයේදී දරුවන්ගේ වායු කෝඨර වර්ධනය වී නැහැ. ඒවා ක්‍රමයෙන් වර්ධනය වන්නේ දරුවා ක්‍රමයන් වර්දනය වී යොවුන් වියට පත්වන විටයි. ඒ නිසා ඒ වායු කෝඨර ප්‍රදාහය වීමට නොහැකියි. එබැවින් එය බොහෝ විට සෙම්ප්‍රතිශ්‍යාව හෝ උගුරේ ආසාදනයක් විය හැකිය. රෝග ලක්ෂණ දිගින් දිගට (සති 2කට වඩා) පවතී නම් නාසයෙන් මස් දළු (Aenoids) ඉදිමීමක් විය හැකිය. එසේ නොමැති නම් ආසාත්මිකතාවයක් විය හැකියි. ්
* දින කිහිපයකට පෙර මගේ උඩු ඇන්දේ දතක් ගැලෙව්වා. දැන් ඊට උඩින් තද වේදනාවක් දැනෙනවා. හිසරදය හා උණත්පවතිනවා. නාසයෙන් කහවන් හොටු දියර ගලනව. මෙය වායු කෝඨර ප්‍රදාහය විය හැකිද?
ඔව්. උඩ හනුවේ දත්වල මුල පිහිටා ඇත්තේ එහි වායු කෝඨරවලට මායිම්ව නිසා දත්වල ඇති විෂබීජ ලෙහෙසියෙන් එම වායු කෝඨර තුළට පැතිරී වායු කෝඨර ප්‍රදාහය ඇති කළ හැකියි.
* මගේ නහය නිතර ලොක් වෙනවා. සමහර විට හොටු දියරත් ගලනවා. නිවසේදී කළ හැකි ප්‍රතිකර්ම මොනවාද?
වරකට එක් සිදුර බැගින් වසා නාසයෙන් සොටු සූරා නිතර නිතර ඉවත් කිරීම සුදුසුයි. එවිට විෂබීජ මගින් නාසය තුළ සහ වායුකෝඨර තුළ ආසාදනය ඇතිවීම වැළැක්විය හැකියි. උණු දිය වාෂ්ප ආග්‍රහණය කිරීමද කළ හැකි තවත් ප්‍රතිකර්මයකි.
* පීනස තියෙන අයගේ හිසකෙස් පැහෙනවා කියන්නේ ඇත්තද?
පීනස සහ හිසකෙස් පැසීම අතර කිසිදු සම්බන්ධතාවයක් නැත.ලේනෝ ලේනෝ මේ දත අරං වෙනත් දතක් දියෝ...ශ්‍රී ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් මත්පැනට ඇම්බැහි වූයේ දතේ කැක්කුම ඉවසාගත නොහැකි වූ විට මත්පැන් පානය කිරීම නිසාලු. මත්පැනට ඇබ්බහි වූ රජු වෙරිමතින් ගත් තීරණය නිසා ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මැරීමටත්, ඇයගේ කිරි දරුවා වන්නේ දමා කෙටීමටත්, මද්දුම බණ්ඩාර පුතාගේ හිස ගසා දැමීමටත් නියෝග කළේලු. අද මෙන් එදා දත් කැක්කුම සඳහා වේදනාශක නිර්වින්දන සහ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රම තිබුණා නම් එවන් ඛේදවාචකයක් සිදුනොවීමට ඉඩ තිබුණි.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකු ලෙස මා පාසල් වෛද්‍ය පරික්ෂණ සිය ගණනක් කර තිබේ. එහිදී මා කළ නිරික්ෂණයක් නම් පාසල් සිසුන් අතර පවතින බහුලතම රෝගී තත්වය දන්ත ව්‍යසනය, විදුරුමස් දියවීම සහ වෙනත් දන්තාබාධයන් බවයි. එබැවින් මෙම ග්‍රන්ථයේ මුඛ සෞඛ්‍යය පිළිබඳව ද පරිච්ඡේදයක් වෙන් කිරිමට තීරණය කළෙමි.
Comments
Post a Comment