1. සෙම්ගෙඩි ඇති වූ විට කළ යුතු ප්‍රතිකාර හෙම්බිරිස්සාව වැළඳුණු විට කරන ප්‍රතිකාරවලට සමානයි.
2. බුබුළු නංවමින් උගුර සේදීම නුවණට හුරු නැත.
3.විශාල සෙම්ගෙඩි නිසා ආහාර ගැනීම අපහසු වේ. එය අවුරුද්දකට හතර - පස් වතාවක් මතුවේ නම් ඔබේ වෛද්‍යවරයා සැත්කමක් කළ යුතු දැයි තීරණය කිරිම සඳහා උගුර, කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරාවි.
අප කාගේත්තේ උගුරේ දෙපස පිහිටා ඇති ටොන්සිල්ස් (Tonsilis) | හෙවත් සෙම් ගෙඩි, වසාවාහිනී පද්ධතියේ එක් අංශයක් වන වසා ගැටිත්තක් (කුද්දටි විශේෂයක්) ලෙස හැඳින්විය හැකිය.ඇතුලු වන රෝගකාරක විෂබීජ විනාශ කිරීම එහි ප්‍රධාන කාර්යයයි. එහෙත් සෙම් ගෙඩි රෝග කාරක විෂබීජ නිසා රෝගාතුර වන (ආසාදනයට පත්වන) අවස්ථා එමටය. එවිට අපි ටොන්සිල් ප්‍රදාහය හෙවත් Tonsilitis ඇති වුණා යයි කියමු. අයට නිතර ටොන්සිල් ප්‍රදාහය ඇතිවීම හේතු කොටගෙන ක්‍රම ක්‍රමයෙන් ඒවා විශාල විය හැක. මුඛය විවෘත කළ විට උගුරේ දෙපස ලොවි ගෙඩි දෙකක් තරමට විශාල වූ සෙම්ගෙඩි සමහරවිට දක්නට ලැබේ. විශාල වූ සෙම්ගෙඩි නිසා ඇති වන රෝග ලක්ෂණයකි ගිලීමේ අපහසුව. මෙය කලාතුරකින් සිදුවන්නකි. උගුරේ සෙම්ගෙඩි සමඟ නාසය පිටුපස පිහිටි ඇ නොයිස් හෙවත් "මස්දළු" ද ඉදිමීම නිසා මුඛයෙන් ශබ්ද නගා හුස්ම ගැනීම, කණ ඇසීම අඩුවීම, මැද කණ පැසවීම, ගෙරවීම (Snoring) නහයෙන් කතා කිරීම (Nasal Speech) සහ කට ගඳ ගැසීම සිදුවිය හැක. සෙම්ගෙඩිවල ඇති වූ ආසාදනය ඒ අවට පැතිර යාමේ හේතුවෙන් උගුර වනවීම සහ උගුර ඉදිමී එහි සැරව ගෙඩියක් (Peritonsilar Abscess) ඇතිවීමද කලාතුරකින් සිදුවිය හැකිය. එවිට සිරුරේ උණත්වය ෆැරන්හයිට් අංශක 103 - 104 දක්වා ඉහළ යන අතර අධික වේදනාව හටගෙන ආහාර ගැනීමට නොහැකි තත්වයටද පත්විය හැකිය.
* රෝග විනිශ්චය
සෙම් ගෙඩි ආසාදනය වැඩිපුර සිදුවන්නේ වයස අවුරුදු 3 ත් 10 ත් අතර වයසේ දරුවන්ටය. ලොකුවට පෙනෙන සෑම සෙම්ගෙඩියක්ම ආසාදනය වී නැත. ආසාදිත සෙම්ගෙඩි රත් පැහැයෙන් යුක්තය. වේදනාකාරීය. රත් පැහැ සෙගෙඩි මත කහ පාට ක්‍රීම් වැනි සැරව සමහර විට දක්නට හැකිය. හොඳින් මුඛය විවෘත කර උගුරට ටෝච් එළියක් ඇල්ලීමෙන් මෙම ලක්ෂණීය හොදින් බලාගත හැක. Health තීව ටොන්සිල් ප්‍රදාහයට ලක්වූ අයෙකුගේ ඇඟපතේ වේදනාව සහ උණද ඇති විය හැක. ටොන්සිල් ප්‍රදාහය නිතර නිතර වැළදෙමින් නිදන්ගත තත්වයට පත් වූ විට ඉදිමුණු සෙම්ගෙඩිවලට අමතරව බෙල්ලේ වසා ගැටිතිද (කුද්දටි) ඉදිමීමටද පුළුවන. ය 9 නිවසේදී වෙද - හෙදකම්
ටොන්සිල් ප්‍රදාහය හෙවත් ආසාදිත සෙම්ගෙඩි ඇති වූ විට කළ යුතු ප්‍රතිකාර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට කරන ප්‍රතිකාරවලට සමානය. උණ සහ වේදනාවට පැරසිටමෝල් පෙති හෝ දියර ලබා දිය හැක. දියර වැඩිපුර පානය කළ යුතු අතර සීත දියර වර්ගවලට වඩා මඳ රස්නය ඇති දියර වර්ග (ඉගුරු, කොත්තමල්ලි, කොළ කැඳ, තේ, කෝපි) පානය කිරීම සුදුසුය. එහෙත් ලුණු වතුර බුබුළු නංවමින් උගුර සේදීම (Gargle) නුවණට හුරු නැත. එවිට උගුරේ සිට මැද කණට දිව යන යුස්ටේකීය නාලය හරහා විෂබීජ මැද කණට රිංගා එයද ආසාදනය කළ හැක.
* වෛද්‍ය ප්‍රතිකාර...
ඔබේ වෛද්‍යවරයා උගුරට එළියක් අල්ලා පරික්ෂා කරාවි. නිතර නිතර ටොන්සිල් ප්‍රදාහය ඇති වන කෙනෙක් නම් එම ආසාදනයට හේතුකාරක වූ විෂබීජය හඳුනා ගැනීමට Throat - Swab හෙවත් ඉරටු කැබැල්ලක කෙළවර සවිකළ පුළුන් කැබැල්ලක් සෙගෙඩියේ ස්පර්ශ කර පරීක්ෂණාගාරයට යවාවි. ආසාදනය කණ තුළට පැතිර ඇත්දැයි කණ ඇතුළත පරීක්ෂා කර බලාවි. ටොන්සිල් ප්‍රදාහයට හේතු වී ඇත්තේ බැස්ටීරියාවක් යැයි සැක කරන්නේ නම් ප්‍රතිජීවක (Antibiotics) ඖෂධයක් නියම කරාවි.
විශාල වූ සෙම්ගෙඩි ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ යුතුද යන්න බොහෝ විට පැන නගින ප්‍රශ්නයකි. වසරක් තුළදී හතර, පස් වතාවකට වඩා ටොන්සිල් ප්‍රදාහය ඇති වන්නේ නම්, එය දරුවාගේ පාසල් ගමනට බාධාවක් නම්, එමෙන්ම විශාල වූ සෙම් ගෙඩි නිසා දරුවාට ආහාර ගැනීම අපහසු වන්නේ නම් ශල්‍යකර්මයක් කිරීම සුදුසුය. ඒ පිළිබඳව තීරණය කිරිම සඳහා ඔබව උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරාවි. සෙම්ගෙඩි ඇති වූ විට එය සුව කරගැනීම ඉතාමත් වැදගත් වේ. නැතහොත් සෙම්ගෙඩි ඉදිමී අතුරු ආබාධ ඇති විය හැකිය. සෙම්ගෙඩි නිතර ඇති වේ නම් වෛද්‍ය උපදෙස් මත දින 5 - 7 දක්වා කාලයක් පෙනිසිලින් ඖෂධ ගැනීම සුදුසුය. නොඑසේ නම් එය රුමටික් උණ බවටත්, පසුව රුමටික හෘද රෝග තත්ත්වයටත් පත්වීමට ඉඩ තිබේ.
Comments
Post a Comment