හෘද රෝග සඳහා බයිපාස් සැත්කමක් මෙන්ම ඇන්ජියෝ ග්ලාස්ටි වැනි ප්‍රතිකාර ක්‍රම සිදු කරනු ලබයි. මෙම ප්‍රතිකාරවලින් සති 2කට පමණ පසු ස්වායු ව්‍යායාම ආරම්භ කළ හැකි අතර හෘදයාබාධ

gossiplanka image 1
යකින් පසු සිදු කළා මෙන් ඉතා සෙමින් පටන්ගෙන ව්‍යායාම ක්‍රමයෙන් වැඩි කළ හැකිය. ස්වායු ව්‍යායාම කිරීමේදී ඇවිදීම, එකතැන පදින බයිසිකල් පැදීම වැනි ව්‍යායාමවලින් ව්‍යායාම ආරම්භ කළ හැකි අතර හෘදය වස්තුවට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් ඇති වන වේදනාව ඇති නොවන මට්ටමේ තීව්‍රතාවයකින් ව්‍යායාම ආරම්භ කළ යුතුය. ක්‍රමයෙන් වැඩි වන තීව්‍රතාවයකින් ව්‍යායාම සිදු කර තීව්‍රතාවය උපරිම හෘද ස්පන්ධන වේගයෙන් 40% - 80% දක්වා රැගෙන ඒම ඉලක්කය විය යුතුය.


එම තත්වයට ළගා වීමට ව්‍යායාම ආරම්භයේ සිට අඩුම තරමේ මාස 6ක පමණ කාලයක් ගත විය හැකිය. ව්‍යායාම සිදු කරන කාලයද ක්‍රමයෙන් වැඩි කළ යුතු අතර විනාඩි 20කින් පමණ පටගෙන පැයකට අධික කාලයක් වුවද ව්‍යායාම කළ හැකිය. ප්‍රතිරෝධක ව්‍යායාම ආරම්භ කිරිම බයිපාස් සැත්කමකට පසු සති 12ක පමණ කාලයකට ප්‍රමාද කළ යුතුය. ඊට හේතු වන්නේ සැත්කමේදී උරස් කුහරයට සිදු වන හානිය සුව වීමට අවශ්‍ය වන කාලය ලබාදීම සඳහාය. විශේෂයෙන්ම උරස් කුහරයේ පීඩනය වැඩි නොවන ලෙස හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කර ප්‍රතිරෝධක ව්‍යායාම කළ යුතුය. ප්‍රතිරෝධක ව්‍යායාම ආරම්භ කරන විට ව්‍යායාම සඳහා භාවිත කරන රබර් පටි සහ සැහැල්ලු බෙල් වැනි උපකරණ යොදාගෙන සතියට දින 2ක් - 3ක් ව්‍යායාම කළ හැකිය. මෙම ව්‍යායාම හොඳින් කළ හැකි විට IRM 40% - 50% පමණ අගයක් දක්වා ව්‍යායාම් කළ හැකිය. ව්‍යායාම වාර 12ක් - 15ක් අවස්ථා 2ක් - 4ක් පමණ සිදු කළ යුතුය. ඒ සමගම නම්‍යශීලී ව්‍යායාමද වේදනාව ඇති නොවන සීමාවේ පේශි ඇදීමෙන් සතියකට දින 2ක් - 3ක් සිදු කළ හැකිය.


ඉහත දැක්වූ හෘදය වස්තුව ආශ්‍රිත රෝග සඳහා ව්‍යායාම කිරීමේදී එම රෝග සඳහා ගන්නා ඖෂධවල බලපෑම සම්බන්ධව හොඳ අවබෝධයක් රෝගියා ලබාගත යුතුය. විශේෂයෙන්ම  මෙම අවස්ථාවේදී හෘද ස්පන්ධන වේගය අඩු කිරීමට සහ රුධිර පීඩනය අඩු කිරීමට ඖෂධ ලබාදෙන නිසා ව්‍යායාමයක් කිරීමේදී සිදු විය යුතු හෘද ස්පන්ධන වේගයේ වැඩි වීම නිවැරදිව ගණනය කළ නොහැකිවනු ඇත. මේ නිසා හෘද ස්පන්ධන වේගය වැඩි කරගැනීමට අනවශ්‍ය වෙහෙසක් ගැනීමට හැකියාවක් ඇත. එය සෞඛ්‍යයට හානි කර විය හැකිය.


පහත හෘද රෝග අවස්ථාවලදී ව්‍යායාම සිදු නොකළ යුතුය.


01. හෘදයාබාධයක් සිදු වී මාස 6ක් ගත වන තුරු වෛද්‍යවරයාගේ

උපදෙස්වලින් තොරව ව්‍යායාම නොකළ යුතුය.

02. රෝගියාට හෘදය වස්තුවෙන් ප්‍රමාණවත් ලෙස රුධිර පොම්ප කළ නොහැකි අවස්ථාවලදීද (Heart faliures) ව්‍යායාම් නොකළ යුතුය.

03. හෘදය වස්තුවේ සංකෝචනය සහ ප්‍රසාරණය රිද්මයානුකූල නොවන අවස්ථාවලදීද (Arrhythmias) ව්‍යායාමයෙන් ඈත් විය යුතුය.

04. හෘදය වස්තුව ආසාදිත නම් එවිටද ආරක්ෂා විය යුතුය.

05. උණ රෝගවලින් පෙළෙන අවස්ථාවලදී ව්‍යායාම නොකළ යුතුයි.