gossiplanka image 1
* මගේ ඇගට සත පහක පණ නෑ. කරන වැඩ නම් එමටයි. ඒත් කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නැහැ.


ඕක එක්කෙනෙකුට විතරක් තියෙන ලෙඩක් නෙවෙයි. මගෙන් ප්‍රතිකාර ගන්න එන බොහොම අයට තියෙන ලෙඩක්, ඔය ඈලිමෑලි දුබල ගතිය. දැන් බලන්න පසුගිය දවස්වල මටත් ඔය ලෙඩේ තිබුණා. කිසි වැඩක් කරන්න හිතුණෙ නැහැ.


* ඈලිමෑලි දුබල ගතියට හේතුව වැඩ වැඩිකම විතරක්ද?


වැඩි දෙනෙකුගේ ඇඟපතේ තෙහෙට්ටුවට හේතුව වැඩපල අධිකකම සහ නිදිමැරිම තමයි. ඒත් තවත් සමහර අයට ඈලිමෑලි දුබල ගතිය ඇති වෙන්නෙ, මානසිකව ඇති වන අවපීඩනය හෝ " කාන්තාව නිසයි. සමහර අයට උදේ කාලයේ වැඩට ගියාම ඈලිමෑලි දුබල ගතිය. හැබැයි හවස ක්ලබ් එකට ගියාම තෙහෙට්ටුව ඉම්ම නැතික්වෙලා යනවා. අපේ අම්මා ගෙදර ඉන්න කොට, ඇඟපතට පන නැති වග කියනවා. පහුගිය දවස්වල දඹදිව වන්දනාවේ ගියා. ඒ දවස්වල කිසි තෙහෙට්ටුවක් නැහැ. ආයෙමත්පරණ ලෙඩේ හැදුණා ගෙදර ආවම. ඒ වගේ අයගෙ තෙහෙට්ටුවට බලපාන්නේ ඔවුන් ජීවත් වන පරිසරය හා ඔවුන්ගේ ජීවන රටාවයි. කෙසේ වෙතත් තෙහෙට්ටුවට හේතුකාරක විය හැකි තදබල කායික රෝගාබාධ කිහිපයක්ද තිබෙන බව අප දැන සිටිය යුතුයි. එය ද ක ල සුදු මල් පහන් 49 රක්තහීනතාවය හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය හීනවී යාම හෝ සමහර වෛරස් ආසාදන ඉන් සමහරක්. එවන් රෝගාබාධ ඇති අයගේ ජීවන රටාව වෙනස් කරලා ඇගේ තෙහෙට්ටුව නැති කරන්න බැහැ. රෝගය හඳුනාගෙන, හේතුවට ප්‍රතිකාර කළ යුතුයි. සමහර අයට උදේ කාලයේ වැඩට ගියාම ඈලිමෑලි දුබල ගතිය. හැබැයි හවස ක්ලබ් එකට ගියාම තෙහෙට්ටුව ඉම්ම නැතික්වෙලා යනවා. අපේ අම්මා ගෙදර ඉන්න කොට, ඇඟපතට පන නැති වග කියනවා. පහුගිය දවස්වල දඹදිව වන්දනාවේ ගියා. ඒ දවස්වල කිසි තෙහෙට්ටුවක් නැහැ. ආයෙමත්පරණ ලෙඩේ හැදුණා ගෙදර ආවම. ඒ වගේ අයගෙ තෙහෙට්ටුවට බලපාන්නේ ඔවුන් ජීවත් වන පරිසරය හා ඔවුන්ගේ ජීවන රටාවයි. කෙසේ වෙතත් තෙහෙට්ටුවට හේතුකාරක විය හැකි තදබල කායික රෝගාබාධ කිහිපයක්ද තිබෙන බව අප දැන සිටිය යුතුයි. අඩුව ගියහොත් රක්තහීනතාවය ඇති වෙයි. මීට අමතරව සිරුරෙන් දිගින් දිගටම රුධිර වහනයක් සිදුවේ නම් එයද රක්තහීනතාවයට හේතු විය හැක. අර්ශස් රෝගය, කොකු පණු රෝගය සහ කාන්තාවන්ගේ ආර්තවය මගින් අධික රුධිර වහනය මීට උදාහරණ කීපයකි. " සරල රුධිර පරික්ෂාවක් මගින් රක්තහීනතාවය හඳුනා ගත හැක. ආහාර පාන නිසි අයුරින් ගැනීමෙන් සහ රක්තහීනතාවය ඇතිවීමේ හේතුවට ප්‍රතිකාර කිරීමෙන් එය මගහරවා ගත හැක.


* ළගදී ඔබට උණක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණාද?


අප සිරුරෙහි උෂ්ණත්වය වැඩි කරන ඕනෑම ආකාරයේ, ආසාදනයක් නිසා, ඇගේ තෙහෙට්ටුව ඇති විය හැකියි. නියුමෝනියාව, පෙනහලුවල සැරව ගෙඩි හෝ ක්ෂය රෝගය වැළඳුණු රෝගීන්ට අධික තෙහෙට්ටුවක් දැනෙයි. ඊට අමතරව කැස්ස, ආහාර අරුචිය සහ හුස්ම ගන්නා විට ඇති වන පපුවේ වේදනාවද ඇති වෙයි. කාමලාව හෙවත් බෝවන සෙංගමාලාය ඇති වීමේ මුල් අවස්ථාවේදීද, තෙහෙට්ටුව ඇති වෙයි. ඇග සහ ඇස් කහපාට වීම හා මුත්‍රා තද කහ පැහැය, කෑම අරුචිය, වමනය සහ උණ ඇති වනේ පසුවය. බෝවන සෙංගමාලය වෛරස් රෝගයකි. එප්ස්ටින් බා වෛරස් (Epstine BarrVirus) ඉයැයිල්ජිකල් එන්සෙෆලෝ වයිරයිට්ස් (ME) වෛරස් සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් වෛරස් උණ සෑදීමෙන් පසුව ඇඟට තෙහෙට්ටුව තදින් දැනෙන්නට පුළුවනි. රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය නොලැබුවා සේ රෝගියාට දැනෙයි. මාංශ පේශීන්ගේ වේදනාව, හිසරදය, ක්ලාන්තය හා කරකැවිල්ල මෙන්ම මානසික අවපීඩනයක් ද වෛරස් උණකට සති දෙකකට පමණ පසුව රෝගියාට දැනිය හැකිය.රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමෙන්, දින කිහිපයකට පසුව රෝග ලක්ෂණ ඉබේම මගහැරී යයි.


* ඔබ කණස්සල්ලෙන් හා දුකින් පසු වන්නේද ?


ජනගහනයෙන් සියයට පහළොවක් (15%) පමණ ජීවිතයේ කවර හෝ කලෙක මානසික අවපීඩනයෙන් පෙළෙති. එහිදී ඇති වන ප්‍රධාන රෝග ලක්ෂණයකි, තෙහෙට්ටුව, ආහාර අරුචිය, නින්ද නොයාම (හෝ අධික නිදිමත, මනසේ ඒකාග්‍රතාවය නැතිවී යාම, හිසරදය, ජීවිතය එපා වීම, කාන්තාව සහ හැඩීම, මානසික අවපීඩනය හෙවත් විශාදයේදී අනෙකුත් මානසික රෝග ලක්ෂණයන්ය. පේශි විඩාව සහ වේදනාව මළබද්ධය, පපුවේ සහ උදරයේ වේදනාවද මානසික අවපීඩනයේදී හටගත හැකි අනෙකුත් රෝග ලක්ෂණයන්ය. මනෝ වෛද්‍ය ඖෂධ සහ ප්‍රතිකාර මගින් රෝගය සුව කළ හැක.


 * ඔබ කාන්තාවක් නම් දරු ගැබක් විය හැකිද? නොඑසේ නම් ආර්තවහරණය වෙත ළඟා වන්නේද?


සිරුරෙහි ඇති හෝමෝන මට්ටම ඉහළ පහළ යාම නිසා සිරුරෙහි තෙහෙට්ටුව ඇති වන බව සැකයෙන් තොරව දැන් සොයාගෙන තිබේ. ගර්භණීභාවය මුත්‍රා පරීක්ෂක්ෂාවක් මගින් ස්ථිර කිරීමටත් පෙර සිටම ගර්භණීභාවය නිසා තෙහෙට්ටුව හටගත හැක. සිරුරෙහි කායික වෙනස්කම් වැඩිපුර ඇති වන්නේ මාස 3න් පසුවය. ගර්ෂණී වී පළමු මාස තුනේදී සිරුරෙහි ප්‍රධාන වශයෙන් ඇති වන්නේ හෝමෝන ප්‍රමාණයන්ගේ වෙනස්කම්ය. තෙහෙට්ටුවට අමතරව වමනය, ඔක්කාරය, ආහාර අරුචිය සහ සමහර ආහාරවලට ප්‍රිය බව (දොළදුක) ගර්භණීතාවය නිසා ඇති විය හැකි අනෙක් ලක්ෂණයන්ය. කාන්තාවකගේ ආර්තවහරණය අවුරුදු 45-50 අතර කාලයේදී බොහෝ විට සිදුවෙයි. එවිට ඩිම්බ කෝෂවලින් ඊස්ට්‍රජන් නම් හෝමෝනය නිෂ්පාදනය කිරිම ඇණ හිටී. එය ඇගේ තෙහෙට්ටුවට හේතුවෙයි. සමහර කාන්තාවන්ගේ ආර්තවය ඇතිවීමට සති දෙකකට පමණ පෙර සිට හට ගන්නා තෙහෙට්ටුවද Premenstrual Syndrome නමැති රෝගී තත්වය නිසා ඇති වන්නකි. කාන්තාව වයස්ගත වීමත් සමග රෝග ලක්ෂණ ක්‍රමයෙන් මගහැරී යන අතර, රෝග ලක්ෂණ මතුවන කාලයේදී, සිරුරට අඩු වී ඇති හෝමෝනය ලබා දීමෙන්  (Hormone Replacement Therapy = HRT) රෝග ලක්ෂණවලින් මිදී සහනයක් ලබාගත හැක.  


* ඔබේ ඇගට නිතර සීතල දැනෙනවාද? සිරුරේ බර වැඩි වෙනවාද? කෙස් තුනී වේගෙන යනවාද? හම ගොරෝසුද? කටහඩ ගොරෝසුද?


මෙම රෝග ලක්ෂණ සමග ඇඟට තෙහෙට්ටුව දැනේ නම්, ඔබට වැළඳී ඇත්තේ ගෙලෙහි ඉදිරිපස පිහිටි තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් විය හැක. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොක්සීන් නම් හෝමෝනය නිපදවයි. එමගින් අප සිරුරේ උෂ්ණත්වය සහ ක්‍රියාකාරීත්වයේ වේගය (උදා :- හෘද වේගය සහ නාඩි වේගය) පාලනය කරයි. තයිරොයිඩ් හෝමෝන ශ්‍රාවය අඩු වූ විට නාඩි වේගය සහ ස්වසන වේගය අඩු වී යයි. මළබද්ධය ඇති වෙයි. කෙස් තුනී වී යයි. සිතල දරා ගැනීමේ හැකියාව නැතිවී යයි. තෙහෙට්ටුව ඇති වෙයි. රෝගය නිවැරදිව හඳුනා ගත්තා නම් ප්‍රතිකාරය ඉතා සරලය. තයිරොක්සීන් පෙති දිනපතා ගැනීමෙන් රෝගය සුව කළ හැක.


* ඔබ ගන්නා ආහාර ප්‍රමාණවත්ද? සමබරද?


අප කාගේත් සිරුරේ ශක්තිය නිෂ්පාදනය සඳහා ආහාර අවශ්‍ය වෙයි. ආහාර නොගත් විට ශක්තිය ලබාගත යුත්තේ සිරුරේ තැන්පත් කර ඇති ආහාර (තෙල් ස්ථරය) දියර ශක්තිය බවට පත් කිරීමෙනි. මෙය ඉතා හෙමින් සිදුවන ක්‍රියාවලියක් නිසා එමගින් ශක්තිය ලබා ගැනීමට යාමේදී ඇඟට විඩාව සහ තෙහෙට්ටුව ඇති වෙයි. අප සිරුරට අවශ්‍ය ශක්තිය ඉක්මණින් ලබාගත හැක්කේ සීනි හා පිටි වර්ග අනුභව කිරීමෙනි. මීට අමතරව තෙල් වර්ග, ප්‍රෝටීන, ලවන වර්ග සහ විටමින්ද අවශ්‍ය වෙයි. යකඩ සහ විටමින් ඌණතාවය නිසා හටගන්නා රක්තහීනතාවය ගැන මින් පෙර සඳහන් කලා ඔබට මතක ඇති. ප්‍රෝටීන අධික එහෙත් කාබෝහයිඩ්‍රේට් (පිටි සහ සීනි) අඩු ආහාර වැඩිපුර අනුභවය කිරීම නිසාද ඇගට තෙහෙට්ටුව ඇති විය හැක. අධික ලෙස මත්පැන් පානය නිසාද, සිරුරට අවශ්‍ය ආහාර නිසි ලෙස නොලැබී යයි. එමගින්ද පෝෂණ ඌණතා ඇති වී ඇලි මෑලි දුබල ගති ඇති විය හැක. අක්මාව රෝගාතුර වීමත් ආමාශයේ රුධිර වහනයත් නිසා මත්පැන් පානය කරන්නන්ගේ තෙහෙට්ටුව තවත් වැඩිවෙයි. සමබර ආහාර අනුභවය සහ මත්පැනින් තොරවීම එම ප්‍රශ්නයට විසඳුමයි.


* ඔබ බෙහෙත් පාවිච්චි කරනවාද?


බොහෝ ඖෂධ වර්ග (පෙති, දියර හෝ ඉන්ජක්ෂන්නේ) ශරීරගත කිරිම නිසා හටගන්නා අතුරු ඵලයක් ලෙස තෙහෙට්ටුව ඇති විය හැක. මානසික අවපීඩනය සඳහා භාවිතා කරන සමහර ඖෂධ නිසාත්, (Antidepressants) කාන්තාව පාලනය කිරීමට දෙන ඖෂධ (Tranquilizers) නිසාත් නිදිමත හා තෙහෙට්ටුව ඇති විය හැක. සමහර වේදනා නාශක සහ අධිරුධිර පීඩනයට භාවිතා කරන ඖෂධ මගින්ද අතුරු ඵලයක් ලෙස තෙහෙට්ටුව ඇති විය හැක. මේ අනුව බලන කළ එක් රෝගයකට ප්‍රතිකාර ගන්නා විට තවත් රෝගයක් වැළඳුණා සේ දැනිය හැක.  


* ළගදි නිර්වින්දන තත්වයන් යටතේ ශල්‍යකර්මයකට භාජනය වූවාද?


එසේ වූවා නම්, නිර්වින්දනයට භාවිතා කරන ඖෂධ නිසා සති තුන හතරක් යනතුරු ඔබේ සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවනි. විශේෂ ප්‍රතිකාරයක් අනවශ්‍යය. එය ක්‍රම ක්‍රමයෙන් මගහැරී යනු ඇත.


* ළගදී ඔබේ සිරුරේ බර අඩු වී කෙට්ටු වී ගියා ද?


අප සිරුරෙහි බර පාලනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නකි අන්තරාසර්ග පද්ධතිය. මොළයෙහි පිහිටි පිටියුටරි ග්‍රන්ථිය මගින් අන්තරාසර්ග පද්ධතිය අයත් ග්‍රන්ථින් වන, තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ලිංගික හෝමෝන නිෂ්පාදන ග්‍රන්ථින් පාලනය කරයි. එහෙත් ඉන්සියුලින් නිපදවන අග්න්‍යාශය ක්‍රියා කරන්නේ, පිටියුටරි ග්‍රන්ථියේ පාලනයට යටත්ව නොවේ.හෝමෝන ශ්‍රාවය කරන ග්‍රන්ථිවල රෝගී තත්වයන් නිසා කෙටි කාලයක් තුළ බර අඩු වැඩි විය හැකි වන අතර, අධික ලෙස විඩාව ද දැකිය හැකි. අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාව අඩු වී ගිය විට  සිරුරෙහි ස්ටීරොයිඩ් නමැති හෝමෝන ශ්‍රාවය අඩු වී විඩාව ඇති වෙයි.


 * දියවැඩියාව වත්ද ?


දියවැඩියා රෝගයේදී අන්‍යශයෙන් ශ්‍රාවය කරන, ඉන්සියුලින් හෝමෝනය අඩු වී යාමෙන්, රුධිරයේ සීනි මට්ටම වැඩි වී ගොස් මුත්‍රා සමග සීනි පිටවී, ශරීරය කෙට්ටු වී අධික විඩාව ඇති වෙයි. මෙම රෝගී තත්වයන් හඳුනා ගැනීම සඳහා සරල රුධිර පරික්ෂණ කම නවීන වෛද්‍ය විද්‍යාව සතුව ඇත. වේලාසනින් රෝගී තත්වයන් හඳුනාගෙන, ප්‍රතිකාර ගතහොත් ඇති විය හැකි අයහපත් සංකූලතාවයනගෙන් වැලකී සිටිය හැක.