gossiplanka image 1
තරබාරුව යන වචනය ගැන අපේ අවධානය යොමු කළ විට එහි “තර" භාවයට පත් “රුව” යන අරුත බැඳී ඇති අකාරය දැකගත හැකිය. මේ වන විට අප අතර සිටින බොහෝ දෙනා ශරීරයේ අධික මහත, නැත හොත් ස්ථුලතාවය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටින බව නොරහසකි. නමුත් ථූලතාවය යනු, දින කීපයකින් ඇති වූවක් නොව කලක සිට පැවතෙමින් වර්ධනය වෙමින් ආ තත්වයකි. එහෙයින් ස්ථුලතාවය මර්දනය කිරීමද ඉවසීමෙන් යුතුව සෙමින් සිදු කළ යුතු වූවකි.  කෙටි කලකින් එකවර මහත් වෙන්නට අපහසු මෙන්ම සිහින් වෙන්නටද බැරි බව මේ අනුව ඔබට වැටහෙනවා ඇත. බොහෝ දෙනා තරබාරුව ගළපන්නේ බාහිර රූපය අවලස්සන කරන හේතුව සමග වුවත්, එය රූප ලක්ෂණය වනසන හේතුවක්ම පමණක් නොවේ. එය බෝ නොවන රෝග බොහෝමයක පොදු සාධකයකි. එය මේ වන විට මුළු ලෝකයම පිළිගත් කාරණයක් වන අතර මුළු ලොවටම ගැටලුවක් ඇති කරන්නට සමත්ව ඇති බෝ නොවන රෝග හා තදින් බැඳී පවතියි. තරබාරුව හා කෙසග බව තරබාරුව පිළිබඳ අපේ කතා බහ එක්වරම කෙසග බවට යොමු වූයේ ඇයිද යන්න ඔබට ගැටලුවක් වන්නට ඉඩ ඇත. සමහරු තරබාරුව මට්ටු කරන්නට උත්සාහ ගන්නේ දරුවන් යෞවනය වෙත එළඹීමත් සමගයි. තරබාරුව අවලස්සන යැයි සිතන්නේ තරුණ අවධියට ළං වන විටදීදැයි යන්න පිළිබඳව මෙහිදී ගැටලුවක් මතු වනු ඇත. අප තරබාරුව සම්බන්ධයෙන් දරුවෙකු වෙත අවධානය යොමුකළ යුත්තේ මවු කුස පිළිසිඳී සිටින අවධියේ සිටමය. මව නිසි පෝෂණයක පසු නොවන අවස්ථාවේ බිහිවන දරුවා වැඩීම බාල වූ මෙන්ම, මිටි අයෙකු වීමට හැකියාව පවතී. ආසියාතික අප කොහොමත් මදක් පිරිපුන් සිරුරු සහිත අය බව ඔබ ඇතැම් විට සිතනවා ඇති. නමුත් මේ පිරිපුන් බව තරබාරු මට්ටම දක්වා දිවෙන්නක් නොවේ. වටකුරු රවුම් අග පසග සහිත ආසියාතික වැසියන් එය “අපේ හැටි” යැයි සැලකුවත් බටහිර සමාජය නම් කෙසග බව විලාසිතාවක් කොට සලකයි. තරබාරුව සහ කෙසඟ බව යන විලාසිතාව කෙසේදයත්,යුතු වැදගත් සෞඛ්‍ය තත්ත්වයක්ය යන ස්ථානයේ සිටය.


තරබාරුව හා කෙසග බව මනින මිම්ම


මෙය මැනිය හැකි හරි මිනුම් දණ්ඩක් තිබේද? බොහෝ දෙනා හුරු පුරුදුව සිටින්නේ "ඇස" එය මනින මිනුම් දණ්ඩ ලෙසයි. නමුත් ඇය විසින් ලබාගන්නා දර්ශනය මිනුම් උපකරණයක් වෙත යොමු කළ නොහැකිය. ඒ නිසා ඇසට පෙනෙන දර්ශනය මත මොළයෙන් යම් ප්‍රමාණයක් මැනීම සඳහා නිවැරදි සහයක් ලබාගැනීම අපහසුය.


ඇස රවටන තරබාරුව


අප කවුරුත් මේ ගැන නොසිතුවාට සැබවින්ම එසේ ඇස රවටන තරබාරුවක් තිබේ. එසේ කෙනෙකුගේ සිරුරේ තරබාරුවක් ඇතැයි ඇස තීරණය කළත්, එය මැන බලත විද්‍යාත්මක ක්‍රමවේදයන් හා ගැළපූ විට තරබාරු යැයි පැවසිය නොහැකි තත්වයක් මතු විය හැකිය. සමහර ඇඳුම් පැලඳුම් එසේ නැති තරබාරු බවක් පෙන්වන මූලිකම හේතුවකි. ළා පැහැති ඇතැම් ඇඳුම්, බුරුල් ඇඳුම් සහ ඉරි හරහට යෙදුණු ඇඳුම් එසේ ඇස රවටන තර බවක් පෙන්වීමට ඉඩ සලසන බව මෝස්තර නිර්මාණ ශිල්පීන්ද පවසති. ඇඳුම් කීපයක් ඇඳි අවස්ථාවක එනම්, උඩ කබායක් යෙදූ අවස්ථාවකද සිරුරේ ඇසට පෙනෙන හැඩයේ තර බවක් ඉස්මතු වී පෙනිය  හැකිය. අප ඇස රවටන තරබාරුවයැයි පවසන්නේ මෙවන් බාහිර තාවකාලික හේතු මත ඇති වන තරබාරුවටයි.


ජාන බලපෑම හා තරබාරුව


සමහරුන් තම පවුලේ අය මෙන් තරමක වටකුරු ස්වභාවයක ශරීරයක් පෙන්වන අය වීමට ඉඩ තිබේ. ඔවුන් උසට සරිලන නියමිත බර පවත්වාගෙන යන්නේ නම් මේ වටකුරු ස්වභාවයෙන් මිදෙන්නට උත්සාහ දැරිය යුතු නැත.


ඇගළුම් හා උපකරණ


සමහරුන් ඇතුළතින් පුරවන ලද (Paded) යට ඇඳුම් ආදිය ඇඟලීමෙන් උවමනාවෙන්ම වඩා පිරිපුන් බවක් පිටතට පෙන්වති. උකුළ, පියයුරු සහ තට්ටම් ප්‍රදේශ මෙසේ පිරිපුන් කර පෙන්වීමට උපක්‍රම ලෙස පැමිණෙන මෙවැනි ඇගලුම්ද ඇස රවටන එක් ක්‍රමයකි. නමුත් මේ තරබාරු බව සැබෑ තරබාරුව නොවේ. සැබෑ තරබාරුව සැබවින්ම මැන බලා තීරණය කළ යුත්තක් මිස ඇසේ මිමෙන් කළ යුතු වූවක් නොවේ.


තරබාරුව මැන බලන්නට හැකිද?


මැන බැලීම කී විට අපට කිසියම් සම්මත මිනුම් උපකරණයක් සිහිපත් වෙයි. ශරීරයේ යම් යම් ස්ථානවල නිවැරදි මිනුම් ලබාගැනීමට අගල් හෝ සෙන්ටිමීටර, මීටර යන මිනුම් වලින් අගයන් දක්වන සිහින් පටියක් යොදාගැනෙන බව ඔබ කවුරුත් දැන සිටිනවා ඇත. “ස්ටේජ් පටිය” (Meassuring Tape) යනුවෙන් හඳුන්වන මෙය ඇඳුම් මැසීමේදී හා මිලට ගැනීමේදී ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරයි. නමුත් මෙසේ ලබාගන්නා මිනුම් තරබාරුව හා ගළපන්නේ කෙසේද? යන වග ඔබට යම් ගැටලුවක් මතු විය හැකිය. බොහෝ දෙනා නිවැරදි දැමිමක් ලබා ගැනීම සම්බන්ධව දැනුවත්භාවයක් නොමැත. තරබාරුව මැන බැලීම සඳහා වඩා වැදගත් වනුයේ ඉණ වටා මිම්ම ලබාගැනීමයි. සමහරු ඉණ මැන බලන්නේ පපුවත් උකුළත් අතර මැද ඇති නැම්ම වටා ඇති මිනුම සලකා බලමිනි. ඒ මිම්ම ඉණ වටා ඇති මිම්ම ලෙස සැලකුව හොත් එය වැරදි මිම්මකි.


නිවැරදි ලෙස මිනුම් ලබාගන්නා අයුරු


තරබාරුව දැන ගැනීම සඳහා ඉණ වටා මැන ගැනීමේදී ඔබට ඔබේ නාභිය එක් ලක්ෂයක් සේ සැලකිය හැකිය. ඉණ වටා මිනුම් පටිය යැවීමේදී ඔබේ නාභිය හරහා සිටින සේ එය රඳවන්න. එහි එක් කෙළවරක් මත පතිත වන මිනුම් පටියේ සඳහන් මිනුම නිවැරදි මිනුම ලෙස ලබාගත හැකිය. නාභියට පහළින් මිනුම් පටිය රඳවා ලබාගන්නා මිනුම නිවැරදි ඉණ මිනුම නොවේ. නාභියට බොහෝ පහළින් මිනුම් පටිය යොදා ලබන මිනුම ඉණ මිනුම නොව උකුල් මිනුමය. මිනුම් ලබාගන්නා අවස්ථාවේ හුස්ම ඉහළට ගෙන උදරය ඇතුලට ඇද ගැනීමෙන් වළකින්න. එමෙන්ම මිනුම් පටියෙන් ඔබේ ඉන ප්‍රමාණය මැන ගන්නා ආකාරය ඡායාරූප ඇසුරින් වටහා ගන්න.


ඉණේ ප්‍රමාණය අනුව ඔබ මහත වැඩි දැයි දළ වශයෙන් දැනගන්නේ කොහොමද ?


ඔබ වැඩිහිටි පුරුෂයෙකු නම්, ඉන් ප්‍රමාණය සෙ.මී 90ට අඩු විය යුතුය. වැඩිහිටි කාන්තාවකගේ නම් සෙ.මී 80ට අඩු විය යුතුය.

අපි කවුරුත් දන්නා පරිදි මේ මිනුම් අගල්වලින් ලබාගත හොත් වැඩිහිටි පුරුෂයෙකුගේ ඉණ ප්‍රමාණය අගල් 36ට අඩු විය යුතු අතර, වැඩිහිටි කාන්තාවකගේ නම් අගල් 32ට අඩු විය යුතුය. එහෙත් මෙම ගණනය කිරීම දළ අදහසක් ඇති කරගැනීමට පමණි. ඉණ වටේට නිවැරදි ලෙස ඉණෙහි වට ප්‍රමාණය මැනගැනීමෙන්ද ඔබගේ සිරුර තරබාරු බවට පත්වී ඇතිද හෝ එසේ නොවන බව හෝ දළ වශයෙන් දැනගත හැකි වේ.ඉණෙහි වට ප්‍රමාණය සෙන්ටි මීටර් 80 (අගල් 31.5) ඉක්මවා නොතිබිය යුතු බව ජාත්‍යන්තර දියවැඩියා පෞඩර්ෂණයෙන් සඳහා කර ඇත.