gossiplanka image 1
 

කෙම


පැගිරි දර මිටියක් ගෙන කතා  නො කර ළිපට දමා පුළුස්සනු. ඇස්වහ කටවහ දුරුවේ.


එහි විද්‍යාත්මක පදනම


සිංහල බෙහෙත් බඩු කඩවල විකිණීමට ඇති කුඩා පැඟිරි දර මිටියක් (දෙහි, නාරන්, ඇඹුල් දොඩම්, යකිනාරන්, පඹුරු) ගෙන සතියකට දෙකකට වරක් පිළිස්සීමේ සිරිතක් දැනුදු නාගරික ජන සමාජයේ දක්නට ලැබේ.මේ අයුරින් ඇස්වහ කටවහ දුරු කිරීමේ සිරිතක් ගම්බද ජනයා අතර සුලභව දක්නට නැතත් ඔවුන් ඒ සඳහා පැගිරි දර භාවිතා කරමින් වෙනත් ක්‍රම වේදයක් ක්‍රියාවට නංවන අයුරු දැකිය හැකි ය. තව ද ආයුධ පණ පෙවූ වතුර සහ කපුටන් නෑ ස්ථානයක වතුර ගෙන මුහුණ සේදීම ආදී තවත් නොයෙකුත් කෙම් ක්‍රම දැකිය හැකි ය.


අවධානයට ලක් වෙමින් පවතින්නේ ඇස්වහ කටවහ දුරු කිරීම සඳහා පැගිරි දර පිළිස්සීමේ කම වන බැවින් ඒ පිළිබඳ ව විමසුමක යෙදීම කාලෝචිත ය.ඇස්වහ කටවහ දුරු කිරීම සඳහා කරනු ලබන සෙත් ශාන්ති වල දී දුරාතීතයේ සිට ම පැගිරි දර භාවිතා කරන සිරිතක් පෙනෙන්නට තිබේ. එයින් පැහැදිලි වන්නේ අදාළ කාර්යය සඳහා පැගිරි දර පිළිබඳ ව තබා ඇති විශ්වාසය ඉතාමත් පැරණි බව ය. ඊට කදිම නිදසුනක් සපයන්නේ ඇස් වහ කටවහ දුරු කිරිම සඳහා දෙහි කැපීමේ දී පැගිරි දර භාවිතා කරන අයුරු ය. එම දෙහි කැපීම් වලදී පත්තෙල් (තලතෙල්, කොහොඹ තෙල්, මී තෙල්, එඩරු තෙල්, එළඟි තෙල්ළිප තබා පැඟිරි දර දල්වා කපන දෙහි දමන්නේ එම තෙල් වලට ය. මෙම කරුණු කාරණා සැලකිල්ලට ගත් කළ පැඟිරි දර දැල්වීමෙන් ඇස්වහ කටවහ දවාලිය හැකි බවට විශ්වාසයක් පවතී.  


මෙම සිතිවිල්ල සැළකිල්ලට ගත් කළ ඇස්වහ කටවහ දූරිත කිරිම සඳහා පැගිරි දරවලට හැකියාවක් ඇති බව පෙනී යයි. පැඟිරි දර දැවීම ද අන් කෙම් ක්‍රම වල දී මෙන් කතා නො කර කළ යුතු ය යන්න මෙම කම තුළත් කැපී පෙනෙමින් පවතී. එයින් ගම්‍යමාන වන්නේ මෙම සතු ශක්තිය සුරක්ෂිත කිරීම ය. ඊට ගෞරව දැක්වීම ය.  යමක් ගෞරව සම්ප්‍රයුක්තව කිරිමේ දී එහි ප්‍රතිඵල ළගාකර ගැනීම පහසු ය. මෙම කෙම සමග ද එම ක්‍රමවේදය බද්ධ වී ඇති බැවින් ප්‍රතිඵල පිළිබඳ ව සෑහීමකට පත් විය හැකි ය.