gossiplanka image 1
 


කෙම


ඇසට රොඩු වැටුණ විට ඒවා ඉවත් කිරීම සඳහා නැවුම් අතලයකට කතා නො කර ළිදෙන් වතුර ගෙන පහත සඳහන් මන්තරයෙන් එම වතුරට 108 වරක් මතුරා ඇස් සෝදනු. රොඩු ඉවත් වී සහනය සැළසේ.


මන්ත්‍රය


ඕං නමෝ සත් මුහුදකට එදෙසේ එරංදු ගොඩැල්ලේ එරං මාලිගයක් ඇත. එම පරමල් නටුවෙන් ඇදහුණු ආඥාවෙන්මොවුන්ගේ ඇසේ කුණුරොඩු ඇදෙන්ට අපේ බුදුන්ගෙන් වරම්.


එහි විද්‍යාත්මක පදනම


ඇසට රොඩු වැටීම නිතර සිදුවන ආපදාවකි. එම රොඩු ඉවත් නො කළ හොත් ඇස විවිධ ආසාධන වලට ලක් වේ. එහෙත් ඇසේ රොඩු ඉවත් කිරීම ශරීරයේ වෙනත් ස්ථානයක් පිරිසිදු කරන ආකාරයට කළ නො හැකි ය. එය පරෙස්සමෙන්

කළ යුත්තකි. එසේ නො කළහොත් වෙනත් අතුරු ආබාධ වලට මුහුණ දීමට සිදුවේ. මෙම කෙම ඇසේ රොඩු ඉවත් කිරීමට කදිම ක්‍රම වේදයකි. එ මගින් ඔබට ද යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන. ඇසට වැටෙන රොඩු සාමාන්‍ය ජලයෙන් සෝදා හැරිය හැකි යයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් එය ඇසට කරනු ලබන පරිපූර්ණ සත්කාරයක් නොවේ. ඒ බව හඳුනා ගැනීම සදහා ඔබට උවමනා නම් අත්හදා බැලීමක් කළ හැකි ය. ඒ ඇසට රොඩු වැටුණ අවස්ථා දෙකක දී සාමාන්‍ය ජලයෙනුත් සාත්තු කළ ජලයෙනුත් ඇස සේදීමෙනි. එ විට මෙම සේදීමේ ආකාර දෙකෙහි වෙනස හඳුනා ගැනීමට පුළුවන.එ විට කෙම අනුව කරනු ලබන සේදීම සාර්ථක ප්‍රතිකාරයක් බව ඔබට අවබෝධ කර ගැනීම අසීරු නොවේ.එ ලෙස සාර්ථක ප්‍රතිඵල අත්වීමට හේතු ව කමක් දැයි දැන් අපි විමසා බලමු.


කෙම සඳහා ඇති විශ්වාසයත් ගෞරවයත් ආරක්ෂා වන පරිදි ළිදෙන් ජලය ලබාගත යුත්තේ නැවුම් මුට්ටියකට කතා නො කර ය. නැවුම් මුට්ටියට ජලය ලබාගත යුත්තේ පවිත්‍රතාවය සුරක්ෂිත කර ගැනීම සඳහා ය යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. ඇස සේදීම සඳහා වන බැවින් එය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවකි.ඊළගට එම ජලය මන්තරයක් භාවිතා කිරීමෙන් බල ගැන්වීම අතිශයින් වැදගත් ය. ඇසට වැටෙන රොඩු ශරිරයේ අන් තැනකට වඩා අක්ෂි ගෝලයේ ඇති තෙතමනය නිසා ඇලීමකට බඳුන් වේ. ඒවා ගැලවීම සඳහා ජලයට අතිරේක බලයක් එක්කර ගැනීමෙන් කාර්යය වඩාත් සාර්ථක වේ.මෙම කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරන විට මෙය සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන කෙමක් හැටියට සඳහන් කළ හැකි ය.