gossiplanka image 1
 


පිලිකාව යන වචනය පිළිබඳව නොදන්නා කෙනෙකු නැති තරම්ය. නමුත් එහි නියම අරුත දන්නේ ඉතාම ස්වල්ප දෙනෙකු බව නම් පැහැදිලිය. කකුලේ හෝ ඇගිල්ලේ කටුවක් ඇනුණු විට හටගන්නා ගැටිත්ත සමහරු හඳුන්වන්නේ කටු පිලිකා ලෙසය. එහෙත් එය පිළිකාවක් නොවේ. එය කිසිදිනක පිළිකාවක් බවට පත්වන්නේ ද නැත. යම්  කෙනෙක් එය මත ඖෂධයක් ගල්වා හෝ සැත්කමක් මගින් ඉවත්කොට එම පිලිකාව නිට්ටාවට සුව කලා යැයි පැවසිය හැකිය. එහෙත් ඇත්ත වශයෙන්ම එහිදී සිදුවුයේ පිලිකාවක් සුව වීම නොවේ. පිලිකාවක් නොවන දෙයක් පිලිකාවක් යැයි හඳුන්වා එය සුව කිරීමයි. එබැවින් පිළිකා පිළිබඳව මූලික දැනුමක් අප සමාජයේ ජීවත් වෙන හැම කෙනෙකුටම තිබිය යුතු යැයි සිතමි.එංගලන්තය, ඇමරිකාව, කැනඩාව සහ නවසීලන්තය වැනි සංවර්ධිත රටවල සෑම රෝහලකම පාහේ රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පත්‍රිකා සහ කුඩා පොත් මුද්‍රණය කර නොමිලේ බෙදාහරිනු ලැබේ. එමගින් නූගත් ජනතාව දැනුවත් වේ. එහෙත් අප රටේ එවැන්නක් සිදු නොවේ. නූගත් ජනතාව පිලිකාවට තිත තැබිය හැකි යැයි කියමින් බොරු ප්‍රතිකාර හඳුන්වාදෙන කූඨ වෙළෙඳුන්ට රැවටෙන්නේ එබැවිනි. අප සිරුර ගොඩ නැගී ඇත්තේ කෝටි සංඛ්‍යාත පියවි ඇසට නොපෙනෙන සජිවි සෛලවලිනි. කෙරෙන කාරය අනුව සෙල විවිධ හැඩ සහ ස්වරූපයක් ගනී. සජීවි සෛලයන් නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතී. බොහෝ සෛල නැවත බෙදේ. මෙම කාර්යය නිසි අයුරින් සිදු කරනු ලබන්නේ සෙල මධ්‍යයේ පිහිටි න්‍යෂ්ටිය මගිනි. මෙම සෛල බෙදීමේ ක්‍රියාවලිය අක්‍රමවත් වූ විට ඒවා වේගයෙන් බෙදෙමින් අවට පිහිටි ස්වභාවික පටක වලින් පෝෂණය ලබා ගනිමින් පිළිකාවක් බවට පත් වේ. මෙම පිලිකාවන්ගේ ස්වභාවය එය හටගත් ඉන්ද්‍රිය හෝ පටකය අනුව වෙනස් වන අතර බොහෝ විට එය ගෙඩියක්, ගැටයක්, තුවාලයක් ලෙස මතු වේ. පිලිකාව ඇට මිදුළු හෝ රුධිරය ආශ්‍රිතව ඇති වුවහොත් එය ලියුකේත්මියා තත්වයක් ලෙස හඳුන්වනු ලැබේ. සමහර ලියුකේශ්මියා වර්ග වසා ගැටිති ආශ්‍රිතව ඇතිවන බැවින් වසා ගැටිති හෙවත් කුද්දටි ඉදිමීම ද සිදු වේ. එක් තැනක හටගත් පිලිකාවක් වසා පද්ධතිය හරහා අවට පිහිටි වසා ගැටිති කරාද පැතිර යා හැකි අතර එම සෛල රුධිර ධාරාවනට එකතු වුවහොත් ඒවා තුළින් ගලාගොස් සිරුරේ වෙනත් ඉන්ද්‍රියන්හි තැන්පත් වී එතැනද එම පිලිකාව වර්ධනය වීම සිදුවේ. පිලිකාව ආරම්භ වන්නේ එක් සෛලයක් තුළ පිහිටි න්‍යෂ්ටියේ ජානවලට සිදුවන අනතුරක් හෝ විකෘතියක් නිසාය. එය ක්‍රමයෙන් වැඩී රෝග ලක්ෂණ ඇති කිරීම සඳහා වසර ගණනාවක් ගතවිය හැකිය. පිලිකාව ස්පර්ශ කළ විට හෝ පිලිකා රෝගියෙක් ළඟින් ඇසුරු කළ පමණින් එය අනිකාට බෝ නොවේ. එහෙත් දෙමව්පියන්ට වැළදෙන සමහර පිලිකා ජාන මගින් දරුවන්ටද වැළඳිය හැකි බව සොයාගෙන තිබේ. පිලිකාවක් බොහෝ විට ඇතිවන්නේ ප්‍රතිශක්තිය හීන වූ දරුවන්ට හා වැඩිහිටියන්ට වූවත් වයස, ස්ත්‍රී පුරුෂභාවය හෝ " සමාජ මට්ටමේ භේදයක් නොමැතිව ඕනෑම කෙනෙකුට එය වැළදීමේ ඉඩකඩ තිබේ. ලොව බහුලව පවතින පිලිකාව පෙනහළු පිළිකාව වූවත් ශ්‍රී ලංකාවේ බහුලව පවතින පිලිකාව නම් මුඛ පිලිකාවයි. එය බුලත්විට කෑමේ චර්යාව හා කෙලින්ම සම්බන්ධ වූවක් බව පෙනේ. බුලත් විට කෑමේ පුරුද්ද ක්‍රමයෙන් අඩු වී යාමත් යහපත් මුඛ සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාමත් නිසා මුඛ පිලිකා අඩු වීගෙන යන බව පෙනේ. බුලත්විට කෑමේදී දුම්කොළ සහ පුවක් භාවිතය මෙන්ම බුලත් හපය කටේ තබාගෙන නිදා ගැනීමද අහිතකරය. දුම්පනය සහ මත්පැන් පානය ද මුඛ පිළිකා සෑදීමට හේතු විය හැකිය. නිතිපතා දත් මැදීම, මුඛය පිරිසිදු කිරිම, නරක් වූ දත් වලට ප්‍රතිකාර කිරීම මගින් මුඛ පිළිකා ඇති වීම අවම කරගත හැකිය.ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව නම් ගර්භාෂයේ ගෙළේ හටගන්නා පිළිකාවයි. ගර්භාෂයේ බද්දේ හැදෙන පිලිකා ද බහුලය. ගර්භාෂයේ ගෙළේ හටගන්නා පිළිකාව ඇයගේ ලිංගික චර්යාව හා කෙළින්ම සම්බන්ධ බව පෙන්නේ. තම ලිංගික ජීවිතය වෙව්ලාසනින් ආරම්භ කළ කාන්තාවන්, දරුවන් වැඩි ගණනක් බිහිකළ කාන්තාවන්, ලිංගික සහකරුවන් වැඩි සංඛ්‍යාවක් ඇසුරු කළ කාන්තාවන් සහ ලිංගාශ්‍රිත රෝග වලින් පෙළෙන කාන්තාවන් අතර ගරිභාෂ ගෙලේ පිළිකා බහුලය. අක්‍රමවත් ආරිතවය, ලිංගික සංසර්ගයේදී රුධිරය පිටවීම සහ යෝනි මාර්ගයෙන් දුර්ගන්ධ වූ ශ්‍රාවයන් පිට වීම ගර්භාෂ ගෙලේ පිළිකා නිසා හට ගන්නා රෝග ලක්ෂණයන් ය. සෞඛ්‍ය සේවා ආයතන මගින් කරනු ලබන පැප් පරීක්ෂණයට ලක්වීම මගින් ගර්තභාෂ ගෙළ පිළිකා කල්තියා හඳුනාගත හැකිය. ගර්භාෂ බදේ පිලිකා වැඩිපුර වැළදෙන්නේ දරුපල අඩු කාන්තාවන්ටය. අක්‍රමවත් ආර්තවය මෙම පිලිකාවේ ප්‍රධාන ලක්ෂණය වේ. මැදිවියේ පසුවන කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිලිකාව නම් පියයුරු පිලිකාවයි. මකිරි වැඩිපුර දුන් මව්වරුන් හට පිලිකා හටගැනීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුය. මසකට වරක් ආර්තවය අවසන් වූ විගස පියයුරු ස්වයං පරීක්ෂණයකට ලක් කිරීම මගින් පියයුරු පිලිකාව කල් තියා හඳුනාගත හැකිය. අවිවාහක කාන්තාවන්, වයස්ගත වී දරුවන් බිහිකළ කාන්තාවන්, මවට හෝ සොහොයුරියට පිලිකා ඇති විට හෝ තමන්ගේ එක් පියයුරක පිලිකාවක් හටගත් විට අනෙක් පියයුරේ පිළිකාවක් හට ගැනීමේ හැකියාව වැඩිය. පියයුරුවල හටගන්නා ගැටිතිවලින් සියයට අනූවක්ම පිලිකා බවට පත් නොවේ. එහෙත් පිළිකාව කුමක් දැයි පිටතින් අල්ලා හඳුනාගත නොහැකිය. එබැවින් සෑම පියයුරු ගැටිත්තක්ම පවුලේ වෛද්‍යවරයාට පෙන්වා උපදෙස් ලබා ගත යුතුය. පියයුරේ හැඩය වෙනස් වී ඇත්නම්, තනපුඩුව ඇතුළට එබී ඇත්නම්, තනපුඩුවෙන් රුධිරය මිශ්‍රිත දියරයක් ගලන්නේ නම්, පියයුරේ මතුපිට සමේ සුමුදු ගතිය නැති වී දොඩම් ගෙඩියක ලෙල්ල මෙන් තිත් ඇතුළට එබී ඇත්නම්, කිහිලිවල කුද්දටි ඉදිමී ඇත්නම් හෝ පියයුරේ සම වෙනස් වී තුවාලයක් හටගෙන ඇත්නම් එය පිළිකාවේ ලක්ෂණයක් විය හැකිය. ඉහත සඳහන් රෝග ලක්ෂණ තිබේනම් වහාම වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීම නුවණට හුරුය. ව පෙනහළු පිළිකාවට ප්‍රධාන හේතුව දුම්පානය බව මින් පෙරද සඳහන් කළෙමි. දුම්පානය නිසා පිළිකා පමණක් නොව ස්වසන රෝග, හෘදයාබාධ, අංශභාගය සහ කකුල්වල සුව නොවන තුවාල ද ඇති විය හැකිය. දුම්කොල දුමෙහි අඩංගු පාර නම් ද්‍රව්‍ය  පිලිකාකාරකයන්ගෙන් යුක්ත ය. ෆිල්ටරය සහිත සිගරට්ටුව හරහා වුවත් මෙම පිළිකාකාරක රසායනිකයන් ගමන් කළ හැකිය. බීඩි සහ සුරුට්ටු ද සිගරට් මෙන්ම අහිතකරය. දුම්පානය කරන්නන් අවට සිටින අයට ද එම දුම අහිතකරය. කල් පවතින කැස්ස, කටහඬ ගොරෝසු වීම හෝ බැරැන්ඩි වීම, කැස්ස සමග ලේ පිටවීම, පපුවේ  වේදනාව සහ සිරුරේ බර අඩු වීම පෙනහළු පිළිකාව නිසා ඇති විය හැකි රෝග ලක්ෂණයන් ය. කල්තියා පෙනහළු පිළිකාව හඳුනාගත හැකි ක්‍රම නැත. එක්සරේ හෝ ස්කැනින් පරීක්ෂණ මගින් පිළිකාව හඳුනාගන්නා විට පමා වී හමාරය. එබැවින් දුම්පානය හා දුම්කොල භාවිතය වහාම නැවැත්වීම නුණට හුරුය. පුදුම ලියුක්ලියාව ද රුධිර සෛල හදන පටක (ඇට මිඳුළු, ලිහාව, අක්මාව සහ වසා ගැටිති) ආශ්‍රිතව හටගන්නා පිලිකා විශේෂයකි.  ඔක්සිජන රැගෙන යන රතු රුධිරාණු, විෂබීජ නසන සුදු රුධිරාණු සහ රුධිරය කැටි ගසන පට්ටිකා නිෂ්පාදනය වන්නේ ඇට මිදුළුවලය. එම සෛල තුන් වර්ගය නිෂ්පාදනය අඩු වී ඒ වෙනුවට අස්වාභාවික නොමේරූ රුධිර සෛල වැඩිපුර නිෂ්පාදනය වීම නිසා හටගන්නා තත්වය සාමාන්‍ය ජනතාව හදුන්වන්නේ ලේ වතුර වීම ලෙසය. නියම හේතුව හරියාකාරව තවම සොයාගෙන නැතත් විකිරණවලට අනාවරණය වීම ලෙසය. නියම හේතුව හරියාකාරවම තවම සොයාගෙන නැතත් විකිරණවලට අනාවරණ වීම, සමහර ඖෂධ භාවිතය සහ වෛරස් රෝගයක් ඇති වීම ලියුක්බියාවට හේතු විය හැකි බව සොයාගෙන තිබේ. කල් පවතින නිදන්ගත ලියුකේමියාවන් වැඩිහිටියන් අතර බහුල අතර කෙටි කාලයකින් හටගන්නා තීව ලියුක්බියාව කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබේ. ඇග සුදුමැලි වීම, නිතර ආසාදනයන්ට ලක් වීම, අක්මාව හා ලීහාව ඉදිමීම හා වසා ගැටිති ඉදිමීම ලියුක්බියාව නිසා සිදුවිය හැකිය. තෙහෙට්ටුව, කෙට්ටු වීම, ආහාර අරුචිය, උණ සහ දහඩිය දැමීම, සුදුමැලි ගතිය, ඇඟ ඉදිමීම, හතිය, විදුරුමස් වලින් හෝ නාසයෙන් ලේ ගැලීම, සම යට ලේ ගැලීම නිසා රතුවන් හෝ අදුරුවන් ලප හට ගැනීම, මලපහ සමග ලේ පිටවීම මෙන්ම මොළය තුළට ලේ ගැලීම නිසා අංශභාග තත්වයන් හට ගැනීම ද ලියුකේක්ෂියාව නිසා සිදුවිය හැකිය. ඉහත සඳහන් රෝග ලක්ෂණ මගින් හෝ ඇතිවී රුධිරය හෝ ඇට මිදුළු පරීක්ෂණයට ලක් කිරීම මගින් ලියුකේක්බියාව නිවැරදිව හඳුනාගත හැකිය. ලියුක්බියාව සඳහා ඉතා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ඖෂධ වර්ග අද සොයා ගෙන තිබේ. ඇට මිදුළු තුළ පිහිටි ස්ටේම් සෛල බද්ධ කිරීම ද තවත් ප්‍රතිකාරයකි. රුධිර පාරවිලනය ද ප්‍රතිකාරයේ එක් අංශයකි. ශල්‍යකර්මය පිළිකා සඳහා යොදාගත් මුල්ම ප්‍රතිකාර ක්‍රමයයි. විකිරණ ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාරය වර්තමානයේ භාවිතා කරනු ලබන අනෙක් ප්‍රධාන ප්‍රතිකාර වර්ග දෙකයි. ශල්‍යකර්මය මගින් පිලිකාව කපා ඉවත් කරනු ලබන අතර විකිරණ හා ඖෂධ මගින් වේගයෙන් වැඩෙන සෛල පමණක් විනාශ කරනු ලැබේ. ඖෂධ ප්‍රධාන වර්ග දෙකකි. ඒවා නම් වේගයෙන් වැඩෙන සෛල විනාශ කරනු ලබන සයිටොටොක්සින් ඖෂධ හා හොමෝන ඖෂධ යි. සයිටොටොක්සින්ඖෂධ ශරීරගත කල විට එය මුළු සිරුරටම බලපාන බැවින් වේගයෙන් වැඩෙන හිසකෙස්, ලේෂමල පටක වැනි සෛල ද විනාශ වී යා හැක. පිලිකා ඖෂධ දුන් විට හිසකෙස් සැලෙත්, තොල කට හා යෝනි ප්‍රදේශය වන වෙලේත් එබැවිනි. ප්‍රතිකාර නිසා හට ගන්නා අතුරුඵල වලට මිනිසුන් බිය වෙති. සමහර හොර වෙදුන් ඉංග්‍රීසි බෙහෙත් සැර යැයි පවසමින් බිය කරති. ඒ වෙනුවට තමන්ගේ පරම්පරාවෙන් පැවතගෙන එන රහස් ඖෂධ හෝ විශ්ව බලයෙන් සුව කළ හැකි උපකරණ ඉදිරිපත් කරති. එමගින් අසරණ තත්වයට පත් වූ මිනිසුන් කබලෙන් ලිපට වැටෙති. බොහෝ දේශීය වෛද්‍යවරුන් විසින් පිළිකාවන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ යහපත් අරමුණෙනි. එහෙත් සත් සේවාවක් යැයි කියමින් හිතාමතා මිනිසුන් අමාරුවේ දමන ප්‍රෝඩාකාරයින් ද සිටින බව සමාජයට පෙන්වා දීම අපගේ යුතුකම වන්නේය. පිලිකාවේ අනතුරු ඇගවීමේ ලක්ෂණ

1 මලපහ හෝ මුත්‍රා කිරීමේ පුරුද්දේ වෙනසක් ඇති වීම.

2 සුව නොවන තුවාල හට ගැනීම.

3 මුඛය, කණ, නාසය, යෝනිය, ගුදය සහ මුත්‍රා මාර්ගය වැනි ඕනෑම සිදුරකින් රුධිර වහනයක් සිදුවීම.

4 පියයුරුවල හෝ සිරුරේ ඕනෑම තැනක ගෙඩියක් හෝඝන වීමක් ඇති වීම.

5 ආහාර ගිලීමේ අපහසුව හෝ අජීර්ණය.

6 උපන් ලපයක් හෝ ඉන්නකු හිටිවනම විශාල වීම.

7 කපවතින කැස්ස හෝ කටහඩ වෙනස් වීම