ව්‍යායාම සිදු කිරීමට පෙර පුද්ගලයකු ඕනෑම පරිසර තත්වයකදී කළ යුතු මූලික කාරණය වන්නේ ඇග උණුසුම් කිරීමේ ව්‍යායාමයයි. ඇග උණුසුම් කිරීමේ ව්‍යායාමවල අරමුණ වන්නේ ව්‍යායාම කරන පේශිවලට හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීමය. එසේම එම පේශි ලිහිල් කරගැනීම සහ පේශිවලට උත්තේජනයක් ලබාදීමයි. ඇඟ උණුසුම් කරගැනීම සඳහා සැහැල්ලු ව්‍යායාමයක් විනාඩි 3 සිට 10 දක්වා කාලයක් සිදු කළ හැකිය. බොහෝ විට යම් පුද්ගලයකු අදහස් කරන ව්‍යායාමය හා ගැළපෙන ව්‍යායාමයක් ඇග උණුසුම් කරගැනීම සඳහා යොදාගැනීම සුදුසුය. උදා:- ව්‍යායාමයක් ලෙස ඇවිදීම හෝ දිවීමට බලාපොරොත්තු වන පුද්ගලයකුට ඇවිදීම හෝ සෙමින් දිවීම විනාඩි 3 සිට 10 කාලයක් කිරීමෙන් ඇඟ උණුසුම් කරගත හැකිය.
කායවර්ධන ව්‍යායාම කරන පුද්ගලයකුට ඇග උණුසුම් කිරීම සඳහා සැහැල්ලු බරක් වාර 10ක - 15ක පමණ ප්‍රමාණයක් එසවීමෙන් ඇඟ උණුසුම් කරගත හැකියි. ඉහත සඳහන් උදාහරණවලට අමතරව ඇග උණුසුම් කරගැනීම සඳහා බයිසිකල් පැදීම, කීපින් රෝප් පැනීම, ටෙමින් උපකරණයක ඇවිදීම වැනි ක්‍රමවේදය භාවිත කළ හැකිය. මෙහිදී බලාපොරොත්තු වන්නේ ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් දෙකකින් වැඩි වීම වන අතර එහි ලක්ෂණයක් ලෙස සම මතුපිට කුඩා දහඩිය බිඳු හටගැනීමට පටන්ගනී. මේ ආකාරයෙන් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමේදී හෘද ස්පන්ධන වේගය වැඩි වන අතර ශරීරයේ පේශි සහ සන්ධි ලිහිල් වන ආකාරය ව්‍යායාම කරන පුද්ගලයාට දැන්නේ. මීට අමතරව තමා කරන ව්‍යායාමයට අනුරූපව එම ව්‍යායාම සිදු කරන පේශි සහ සන්ධි ඉලක්ක කරගෙන විනාඩි 3 සිට විනාඩි 5ක කාලයක් විශේෂිත ව්‍යායාමවල යෙදීම සමහර ක්‍රීඩකයන් සිදු කරයි. එමඟින් ව්‍යායාම කිරීමට පහසුවක් ගෙන දේ.
Comments
Post a Comment